Watch Trailer

Pluribus [S01 : E01] Sinhala Subtitles | පිටසක්වළින් ආ අද්භූත වෛරසය.. [සිංහල උපසිරසි]

Pluribus Sinhala Subtitles කොහොමද මිත්‍රවරුනි. ඔන්න අද මං අරගෙන ආවා තවත් අලුත්ම විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍යයක්. ඒ තමයි Better Call Saul, Breaking Bad වගේ සුපිරි කතා මාලාවන් ඔබ වෙත ගෙන ආ Vince Gilligan විසින් රචනා කර අධ්‍යක්ෂණය කෙරුණු Pluribus. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාල…

Pluribus Sinhala Subtitles

කොහොමද මිත්‍රවරුනි. ඔන්න අද මං අරගෙන ආවා තවත් අලුත්ම විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍යයක්. ඒ තමයි Better Call Saul, Breaking Bad වගේ සුපිරි කතා මාලාවන් ඔබ වෙත ගෙන ආ Vince Gilligan විසින් රචනා කර අධ්‍යක්ෂණය කෙරුණු Pluribus. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග දෙකක් පසුගිය නොවැම්බර් 7 වැනිදා ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. නිව් මෙක්සිකෝ වල ඇල්බකර්කි නගරය පසුබිම් කරගෙන ගොඩනංවා ඇති මේ කතා මාලාව, එක්තරා පිටසක්වළ වෛරසයකට ප්‍රතිශක්තිය ඇති ලොව දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු වන කැරොල් ස්ටර්කා නම් චරිතයක් කේන්ද්‍ර කරගනිමින් දිගහැරෙනවා. මේ වනවිට IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. මේ කතාමාලාවේ තේමා පාඨය වෙන්නේ e pluribus unum, ලතින් භාෂාවෙන් සඳහන් එහි සිංහල අර්ථය ‘බොහොමයකින් එකක්.’ මොකක්ද මේකේ තේරුම? අපි තවදුරටත් බලමු.

Better Call Saul, Breaking Bad වැනි “නරක මිනිස්සු ගැන කතා ලිවීමෙන් වෙහෙසට පත්” වුණු නිසා සහ වෙනස් කතා ප්‍රභේදයක් ගවේෂණය කිරීමට අවශ්‍ය වුණු නිසා මේ අලුත් තේමාව ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් ගොඩනැඟීමට අදහස් කළ බවයි වින්ස් ගිලිගන් සඳහන් කළේ. මේ කතාවේ මුල් අදහස වුණේ, පෘථිවියේ සිටින සෑම කෙනෙකුම එක් මිනිසෙකුට ආදරය කිරීමට හේතු වන ආකාරයේ ව්‍යසනකාරී සිදුවීමක් සම්බන්ධයෙන් වුණත්, පසුව ඔහු ඒ චරිතය කාන්තා චරිතයක් බවට පත් කළේ රියා සීහෝර්න් නම් රංගන ශිල්පිනිය සඳහා විශේෂයෙන් රචනා කරමින්. මේ කතාව වර්තමාන තත්වයෙන් වෙනස් කෙරුණු ඇල්බකර්කි නගරයක් පසුබිම් කරගත් විද්‍යා ප්‍රබන්ධ නාට්‍යයක් ලෙසයි ගොඩනැඟෙන්නේ. මේකෙදි අභ්‍යවකාශයෙන් ලැබෙන අද්භූත සංඥාවක් මිනිස් වර්ගයාගෙන් වැඩි කොටසක් ප්‍රීතිමත්, ආචාරශීලී සාමූහික විඥානයකට එහෙමත් නැත්නම් “මී වද මානසිකත්වයකට” ඒකාබද්ධ කරනවා. පසුබිම් කතාව කේන්ද්‍රගත වන්නේ, පෙනෙන අන්දමින් සංසිද්ධියෙන් බලපෑමට ලක් නොවූ එකම පුද්ගලයා වන ප්‍රධාන චරිතය වන කැරොල් ස්ටර්කා නම් කතුවරිය, නොසන්සුන් ලෙස සතුටු සිතින් සිටින මේ ආසාදිත නව ලෝකයේ සැරිසරමින් ඇය දරන අරගලය වෙතයි. මේ කතාව මොන වගේ වෙයිද කියලා දැනගන්න අපි යොමුවෙමු එහෙනම් පළමුවෙනි කොටස වෙත.

අද පළ වන කතාංගය ගැන:

  • පළමුවැනි කොටස – “We Is Us” – “පෘථිවියේ අසල්වැසියෙක්ගෙන් පණිවුඩයක්!”
  • අධ්‍යක්ෂක – Vince Gilligan
  • තිරරචනය – Vince Gilligan
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 නොවැම්බර් 07
  • IMDb Ratings – 9.3/10

අද කොටසේ මොකද වෙන්නේ? තාරකා විද්‍යාඥයින් RNA අනුපිළිවෙලකට ගැලපෙන පුනරාවර්තනය වෙන රේඩියෝ සංඥාවක් අභ්‍යවකාශයෙන් හඳුනා ගන්නවා. වසරක් පුරා, පර්යේෂකයන් රසායනාගාරයක ඒ සංඥා අනුපිළිවෙලට ගැළපෙන RNA ප්‍රතිනිෂ්පාදනය කරනවා. එහෙත් එක් රාත්‍රියක ඒ විද්‍යාගාරයෙන එක් අද්භූත වසංගතයක් පැතිර යන අතර, ආසාදිතයන් සාමූහික විඥානයකින් ක්‍රියා කිරීමට පෙළඹෙනවා. මේ වෛරසය පැතිරෙන්නේ කෙළ මඟින්. මේ අතර, ආදර නවකතාකාරිණියක වන කැරොල් ස්ටර්කා ඇගේ කළමනාකරු සහ සහකරු හෙලන් සමඟ ඇගේ නවතම පොත් සංචාරයෙන් පසු ඇල්බකර්කි වෙත නැවතත් පැමිණෙනවා. රාත්‍රී විනෝද චාරිකාවක් අතරතුර, කැරොල් ඇය වටා සිටින සියල්ලන්ම හදිසියේම අසාමාන්‍ය ලෙස කම්පනයට පත් වීමට පටන් ගන්නා බව දැකලා භීතියට පත්වෙනවා. කැරොල් විසින් හෙලන්ව රෝහලකට ගෙන යන අතර, මඟ දිගේ නගරය අවුල් සහගත හා විනාශයෙන් පිරී ඇති බව ඇයට දකින්නට ලැබෙනවා. කැරොල්ගේ ජීවිතය බේරාගන්න පුළුවන් වෙයිද? මොකක්ද මේ ලෝකය පුරා පැතිර යන වසංගතය? කොහෙන්ද ඒක එන්නේ? ඇයි කැරොල්ට ඒකෙන් බලපෑමක් නැත්තේ? මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්….

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,994 downloadsDownload Pluribus-S01E01.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pluribus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles

1,994 downloadsDownload Subtitles24 KB

7 comments

  1. විමා - Admin

    නියමයි දිගටම දෙමු හොඳේ.
    මේ වගේ සුපිරි ඒවා බලන්න ඕනා සුපිරි සබ් එක්ක විතරමයි!

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙන්න පටං ගත්තට.......
    ❤️❤️❤️❤️

  3. Sahan Gayantha

    thanks a lot Prabudda saho sub ekata

  4. Chamindu lakshitha

    Supiri bosaa

  5. indika 75

    thanks..

  6. kasun

    gilligan is back

  7. tyler durden

    Thank you prabudhdha for Subtite

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.