Watch Trailer

The Pork Cutlets Complete Season Sinhala Subtitles | රහසක් නොවු රහස් සැත්කම[සිංහල උපසිරසි]

The Pork Cutlets Sinhala Subtitles අදත් මම අරගෙන ආවෙ 2024 විකාශනය වුන කතාවක්. කොටස් දෙකකින් විතරක් සමන්විත වුන මේ කතාව ඒ පැය දෙක පුරාම එකම වගේ හිනා වෙලා රසවිඳින්න පුලුවන් කතාවක්. හිනා වෙන්න දේවල් තිබ්බට ඒ අතරෙම සමාජෙට දෙන පණිවිඩේකුත් නැතුවම නෙවෙයි. Kim Young-jae අධ්‍යක්ෂණය කරපු No Ye-ri රචනා කරපු ම…

The Pork Cutlets Sinhala Subtitles

අදත් මම අරගෙන ආවෙ 2024 විකාශනය වුන කතාවක්. කොටස් දෙකකින් විතරක් සමන්විත වුන මේ කතාව ඒ පැය දෙක පුරාම එකම වගේ හිනා වෙලා රසවිඳින්න පුලුවන් කතාවක්. හිනා වෙන්න දේවල් තිබ්බට ඒ අතරෙම සමාජෙට දෙන පණිවිඩේකුත් නැතුවම නෙවෙයි.

Kim Young-jae අධ්‍යක්ෂණය කරපු No Ye-ri රචනා කරපු මේ කතාවෙන් ඔවුන් බලාපොරොත්තු වුනා කියන්නෙ බොහොම සංවේදී මාතෘකාවක් සරල හාස්‍යමය විදිහට මිනිස්සු අතරට ගේන එක.

කොටස් දෙකයි නිසා මම වැඩිය කතාව ගැන විස්තර නොකර ඉන්නම්. කෙටියෙන් කියනව නම් කතාව මෙහෙමයි.

සුන්දර, සාමකාමී ගමක් තියෙනවා..ඒකෙ ඉන්න මිනිස්සුත් සරළ වගේම හරිම එකමුතුවෙන් ඉන්න අය. මේ ගමේ වැඩිමහල්ම කෙනාගෙ ගෙදර ඉන්නවා බෙක්ගු..බෙක්ගු කියන්නෙ බල්ලෙක්. නිකං බල්ලෙක් නෙවෙයි..මෙයා අනංගයෙක් වගේ කියලයි ගමේ අය කියන්නෙ. මොකද ගමේ හැම ගෙදරම බෙක්ගුගෙ පැටියෙක් ඉන්නවලු..

අනිත් අතට ගම් ප්‍රධානියා. පවුලෙ එකම පිරිමි දරුවා විදිහට ඉපදුන මේ මනුස්සයගෙ එකම ආසාව දුවෙක් හදන එක..ඒත් දිගින් දිගටම මේ මනුස්සයට ලැබෙන්නෙ පිරිමි දරුවොමයි…දරුවන්ට කොච්චර ආදරේ වුනත් දැන් මේ නෝනයි මහත්තයයි දරුවො නිසා හෙම්බත් වෙලා ඉන්නෙ.

මේ ප්‍රශ්ණ දෙකම විසඳන්න ගමේ අය කතා වෙලා තීරණය කරනවා බෙක්ගුටයි ගම්ප්‍රධානියාටයි වන්ධ්‍යකරණ සැත්කමක් කරන්න..

අන්න ඒක තමයි කතාව…හැබැයි මේ තීරණෙන් පස්සෙ තමයි ලස්සනම කතාව පටන් ගන්නෙ..ඒක ඔයාලා බලලම දැනගන්නකො..

 

The Pork Cutlets Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

146 downloadsDownload The-Pork-Cutlets-S01-Complete.zip67 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Pork Cutlets Sinhala Subtitles

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

146 downloadsDownload Subtitles67 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks