Watch Trailer

The Scarecrow [S01 : E09] Sinhala Subtitles | සැබෑ මාරයා තවමත් නිදැල්ලේද? [සිංහල උපසිරැසි සමඟ]

The Scarecrow Season 1 Sinhala Subtitles ඔන්න යාළුවනේ, අපේ Thriller පිස්සෝ හැමෝම එක හුස්මට බලන “The Scarecrow” කතාමාලාවේ 9 වෙනි කොටස (Episode 9) නිකුත් වුණා. කලින් කොටස්වලින් අපි හිතාගෙන හිටපු හැමදේම බොරු කරලා, මුළු කතාවම වෙනස්ම පැත්තකට හරවන්න මේ එපිසෝඩ් එක සමත් වෙනවා. කතාව පටන් ගන්නේ අපේ ප්‍රධාන ච…

The Scarecrow Season 1 Sinhala Subtitles

ඔන්න යාළුවනේ, අපේ Thriller පිස්සෝ හැමෝම එක හුස්මට බලන “The Scarecrow” කතාමාලාවේ 9 වෙනි කොටස (Episode 9) නිකුත් වුණා. කලින් කොටස්වලින් අපි හිතාගෙන හිටපු හැමදේම බොරු කරලා, මුළු කතාවම වෙනස්ම පැත්තකට හරවන්න මේ එපිසෝඩ් එක සමත් වෙනවා.

කතාව පටන් ගන්නේ අපේ ප්‍රධාන චරිතය වෙන ටේ ජූගේ හිතේ තියෙන ලොකු පාලුවකින්. මුළු රටම හොල්ලපු දාම ඝාතකයාව (Serial Killer) අල්ලගත්තට පස්සේ ලෝකය සාමකාමී වුණත්, ටේ ජූට තමන්ගේ ළඟම යාළුවෙක් වෙච්ච කි බොම්ව අහිමි වීම ගැන ලොකු දුකක් හිතේ තියෙනවා. ඒ අස්සේ කන්ග් මෙනවිය සහ හ්යේ ජින් අතර සිදුවුණු ලස්සන අතීත මතකයන් කිහිපයකුත් අපිට බලාගන්න පුළුවන් වෙනවා.

මේ අතරේ පසුබිමෙන් ලොකු දේශපාලන සූදුවක් ලෑස්ති වෙනවා. ඇමතිතුමා ඇතුළු පිරිසක් එකතු වෙලා තමන්ගේ දක්ෂ පුත්තු දෙන්නගේ අනාගත දේශපාලන ගමන සහ තනතුරු ගැන සැලසුම් හදනවා. ඒ විතරක් නෙවෙයි, කොරියා විශ්වවිද්‍යාල රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් වෙන කොමසාරිස් චා ගේ නෝනා (නෑනා) විවාහයෙන් පස්සේ පදිංචි වෙන්න යන්නේ මවගේ මහගෙදරයි. සි යොන්ග් මේ හැමදේම දිහා බලාගෙන ඉන්නේ අතීත මතකයන් එක්කයි. හැබැයි මේ සතුට අස්සේ, තමන්ගේ නැතිවුණු දරුවා හොයන අසරණ මව්පියන් පිරිසකුත් අපිට දකින්න ලැබෙනවා.

ඒ වගේම හ්යේ ජින් කියන තරුණිය අතුරුදන් වෙලා. ඇගේ පියා පොලිසියට ගිහින් දරුවා හොයන්න හැම උත්සාහයක්ම ගත්තත්, සාමාන්‍ය මිනිස්සුන්ට පොලිසියේ හඳුනන අය නැති නිසා පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැහැ කියලා පවුලේ අය අඬනවා. ඒ අස්සේ පොලිසියේ ලොක්කෝ සම්මානයක් හම්බුණා කියලා සතුටු සාද පවත්වනවා.

නඩුවක් විභාග වෙන අතරතුරේදී විත්ති පාර්ශවයෙන් හිතාගන්න බැරි වැඩක් කරනවා. ඔවුන් අනපේක්ෂිත විදිහට සාක්ෂි කූඩුවට කැඳවනවා ඩොක්ටර් බැං ග්යොන්ග් මුන්ව! මෙයා තමයි කලින් සිද්ධ වුණු කන්ග්සොන්ග් දාම ඝාතන හතේම පශ්චාත් මරණ පරීක්ෂණ (Autopsy) කරපු දොස්තර මහත්තයා.

මෙයා උසාවියේදී දෙන සාක්ෂියෙන් මුළු උසාවියම විතරක් නෙවෙයි, මුළු රටම කම්පනය වෙනවා. දොස්තර මහත්තයා කියනවා, ළඟදී “මූවොන්” කියන ප්‍රදේශයෙන් හම්බුණු අලුත්ම මිනී සිරුර මරලා තියෙන විදිහ, මීට කලින් සිද්ධ වුණු දාම ඝාතකයාගේ (විශේෂයෙන්ම 6 වෙනි ගොදුර වුණු මින් ජිගේ) සිරුරේ තිබුණු, මාධ්‍යයටවත් ප්‍රසිද්ධ නොකරපු රහසිගත වදහිංසා පැමිණවීම්වලට සම්පූර්ණයෙන්ම සමානයි කියලා!

මේ සාක්ෂියෙන් එක දෙයක් තහවුරු වෙනවා. ඒ තමයි පොලීසියෙන් දැනට අල්ලගෙන හිර කරලා ඉන්න “සොක් මන්” (Sok-man) කියන්නේ ඇත්තම මිනීමරුවා නෙවෙයි, එයා සම්පූර්ණයෙන්ම නිවැරදිකරුවෙක්! සැබෑ දරුණු දාම ඝාතකයා තාමත් සමාජයේ නිදැල්ලේ සැරිසරමින් අලුත් ගොදුරු දඩයම් කරනවා! මේ සාක්ෂිය නිසා සොක් මන් නිදහස් වෙනවා වගේම එයාගේ පවුලේ අය සතුටින් අඬන්න ගන්නවා.

මේ සිද්ධියෙන් පස්සේ පොලිසිය උඩුයටිකුරු වෙනවා. දේ හෝ (Dae-ho) ඇතුළු නිලධාරීන් අතර ලොකු බහින්බස්වීම් ඇතිවෙනවා. ඇතැම් අය කියන්නේ මේක සැබෑ මිනීමරුවාගේ වැඩක් නෙවෙයි, ස්ටොකින්ස් (Stockings) පාවිච්චි කරලා වෙන කෙනෙක් කරපු අනුකරණ මිනීමැරුමක් (Copycat murder) වෙන්න ඇති කියලා.

හැමෝම දැන් ආයෙමත් තේ ජූව සොයාගෙන කන්ග්සොන්ග් පොලිසිය දෙසට යන්න ලෑස්ති වෙනවා.

10 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු…..

The Scarecrow S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

626 downloadsDownload THE-SCARECROW-S01E09.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1Next BT1

 

 

The Scarecrow Season 1 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

626 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks