උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles
ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර්මාණකරුවන් 2019 දි නිර්මාණ කරපු Trauma Center: Golden Hour කියන වෙබ්ටූන් මාලාවෙන් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.
මේකෙන් කියවෙන්නෙ දක්ෂ කම්පන ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන බෙක් කන්ග් හ්‍යුක් තමන්ගෙ ගෝලයින්ව පුහුණු කරන ගමන් කිසිම උදව්වක් නොලබන රෝහල් පරිපාලනයක් එක්ක කම්පන මධ්‍යස්ථානයක් මෙහෙයවන හැටි.
කථාංගයක් විනාඩි 47 -55 අතර දිවෙන මේ කතාවෙ කථාංග ඔක්කොම තියෙන්නෙ 8යි. ඇත්තටම ඒක නිසාම තමයි මම ඒක කරන්න ගත්තෙත්..මේක මෙඩිකල් ඩ්‍රාමා එකක් නිසා ඒ ක්ෂේත්‍රයට අහිති වචන ගොඩක් තියෙනවා. ඒවා ගූගල් සර්ච් කරල පුලුවන් තරම් ගලපල තේරෙන හැටියට මම දාලා තියෙනවා. ඒත් ඉතිං හැම ක්ෂේත්‍රයකටම අදාල වචන තියෙනවනෙ. ඒ නිසා ඒ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හරි ඒ ගැන ඉගෙන ගන්න හරි කෙනෙක් මේක බැලුවොත්…ඒ වචන වල අඩුපාඩු තිබුනොත් පොඩි කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. එතකොට මට පුලුවන් ඊලඟ නිර්මාණයෙදි ඒක හදා ගන්න. එහෙනම් ඉතිං අපි කතාව බලමු නේද..
3. දිගටම දුවන්න
රෝහල් කළමණාකරනයෙන් වගේම රෝහලේ අනිත් අංශ වලින් ඇති වෙන ප්‍රශ්ණත් එක්කම වෛද්‍ය බෙක්, වෛද්‍ය යන්ග් ජේ වොන් වගේම හෙදි චියොන් දිගටම කම්පන කණ්ඩායමේ වැඩ කරගෙන යනවා. මේ අතරෙදි වාහන පේලියකම සිද්දවෙන අනතුරකින් ගේන තුවාලකාරයො දෙන්නෙක් සුව කරගන්න කම්පන කණ්ඩායම සංවේදී අවයව බද්ධ කිරීමක් කරනවා. මේ තරම් විශේෂිත සැත්කමක් කලත් රෝහල් පරිපාලනයෙන් ඔවුන්ට කිසිම උපකාරයක්වත් සහනයක්වත් ලැබෙන්නෙ නැහැ. ඒත් මේ හැම බාධාවක්ම මැද ඔවුන් තව තවත් රෝගීන් බේරගන්න ගමන් ඉස්රහට යන්නේ කම්පන කණ්ඩායමක වැදගත්ම අපූරුවට පෙන්වන ගමන්මයි.
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
633 downloadsDownload The-Trauma-Code-Heroes-on-Call-2026-S01E03-baiscopelk-sinhala-subtitle.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 841
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #Jung-jeung-eui-sang-sen-teo
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #The Trauma Code: Heroes on Call
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
![The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo [S01 : E03] Sinhala Subtitles | වීරයෝ සූදානමින් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/The-Trauma-Code-Heroes-on-Call-2.jpg)
ස්තූතියි සිස් උපිසරැසියට