The Vampire Diaries S03 Sinhala Subtitles කලින් කොටස බැලුවා නම් ඔයාලා දකින්න ඇති සැල්වටෝර් සහෝදරයෝ සහ ඔරිජිනල් පවුලේ සහෝදරයෝ මොකුත් නොවුන ගානට රෑ කෑමකට එක්කහු වෙනවා. ඒ වගේම තම තමන්ගේ පැති වල කොන්දේසි සහ ඉල්ලීම් සාකච්චා කරනවා. ඒ වගේම එලයිජා කියලා දෙනවා එලේනා සහ කැතරින්ගේ මුතුන් මිත්තෙක් වන ටටියා ගැන…

The Vampire Diaries S03 Sinhala Subtitles

කලින් කොටස බැලුවා නම් ඔයාලා දකින්න ඇති සැල්වටෝර් සහෝදරයෝ සහ ඔරිජිනල් පවුලේ සහෝදරයෝ මොකුත් නොවුන ගානට රෑ කෑමකට එක්කහු වෙනවා. ඒ වගේම තම තමන්ගේ පැති වල කොන්දේසි සහ ඉල්ලීම් සාකච්චා කරනවා. ඒ වගේම එලයිජා කියලා දෙනවා එලේනා සහ කැතරින්ගේ මුතුන් මිත්තෙක් වන ටටියා ගැන කතාව සහ ඔවුන්ගේ මේ ද්විත්වකාය සිද්ධිය කොහොමද ඔරිජිනල් පවුලට සම්බන්ධ වෙන්නේ කියන එක. ඉතින් බලාගෙන යද්දී එලේනාගේ පරම්පරාවේ රුධිරය ඔරිජිනල් වැම්පයර්ලා බිහිවීමට පවා සම්බන්ධයි. මට ඉතින් නිකමට හිතෙනවා මේ ද්විත්වකාය දරන කෙනෙක්ගේ ලේ වලින් ක්ලවුස්ට දෙමුහුම් අය හදල දෙනවට වඩා දෙයක් කරන්න සමහරවිට පුළුවන් ඇති.

කැරොලයින්ගේ පැත්ත බැලුවොත් එයා සහ එයාගේ තාත්තා ගැන සංවේදී දේවල් ගොඩක් අපිට දකින්න ලැබුණා. ඒ වගේම ෆෝබ්ස් පවුල කාලෙකට පස්සේ ආයෙත් එකමුතු වුනා. කෙටිකාලයකට වුනත්. එලේනාටත් අකරතැබ්බයක් වුනානේ. රික් අර අබිරහස් මිනීමරුවාගෙන් පහර කාලා හිටියා. එයාව බේරාගන්න එලෙනට කරන්න වුනේ බොහොම භයානක දෙයක්. ඒ සේරටම පස්සේ අන්තිමට ඔයාලා දකින්න ඇති කවුද හතරවෙනි මිනීපෙට්ටියේ හිටියේ කියලා. බොනී සහ එයාගේ අම්මා නිසා නිදහස් වුනේ ඔරිජිනල් මායාකාරිය වගේම වැම්පයර්ලගේ  අම්මා වන එස්තර්. හරියටම කඩාපාත් වෙන්නේ ඩේමන් සහ එලයිජා එක්කහු වෙලා නිදාගෙන උන්නු අනිත් වැම්පයර්ල ඇහැරවලා ක්ලවුස්ට කෙලවලා දාන්න ගහපු සැලැස්මේ අන්තිම මොහොතේදී, කවුරුවත් නොහිතපු විදියට එයා ක්ලවුස්ට සමාව දුන්නා දැක්කනේ. නමුත් මේ මායාකාරි හැබෑටම පෙනෙන කෙනාද? නැත්නම් එයාගේ හිත යට වෙන රහස් සැලසුම් තියෙනවද? ඒ ගැන දැනගන්න නම් අද කතන්දරේ බලන්න වෙයි.

ඉතින් අද දවසේ තියෙන්නේ ලස්සන හැන්දෑ සාදයක් වගේම නැටුම් උත්සවයක්. ඒක පවත්වන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මයිකල්සන්ලා හෙවත් ඔරිජිනල් පවුලේ අය. ඔරිජිනල් මායාකාරියගේ යටිකූට්ටු වැඩ, ඩේමන්ගේ පිස්සු විකාර සහ ක්ලවුස්ගේ අපි නොදුටු පැති එක්ක කුතුහලය පිරුණු කතාවක් අද ඔයාලට ලැබෙනවා.

ඊලග කොටසින් හමුවෙමු.

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

275 downloadsDownload The-Vampire-Diaries-S03E14-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

275 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.