Watch Trailer

Hellsing Ultimate [S01 : E03 & E04] Sinhala Subtitles | “මිලේනියම්” කුමන්ත්‍රණය [සිංහල උපසිරසි] 18+

Hellsing Ultimate Sinhala Subtitles Action, Horror, Vampire ගණයේ ලේ නෑවෙන සටන් ඇතුළත් විශිෂ්ට ඇනිමෙ කතා මාලාවක් වෙන Hellsing Ultimate හි 03 සහ 04 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. කතා මාලාවේ ආරම්භයත් සිද්ධ වුනේ අලුකාඩ් සහ වැම්පයර්ලා අතින් මැරෙන්න ගිය සෙරස් වික්ටෝරියා කියන පොලිස් කෙල්ල, අලුකා…

Hellsing Ultimate Sinhala Subtitles

Action, Horror, Vampire ගණයේ ලේ නෑවෙන සටන් ඇතුළත් විශිෂ්ට ඇනිමෙ කතා මාලාවක් වෙන Hellsing Ultimate හි 03 සහ 04 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.

කතා මාලාවේ ආරම්භයත් සිද්ධ වුනේ අලුකාඩ් සහ වැම්පයර්ලා අතින් මැරෙන්න ගිය සෙරස් වික්ටෝරියා කියන පොලිස් කෙල්ල, අලුකාඩ් අතින් වැම්පයර් කෙනෙක් බවට පත් වීමත් එක්කයි. ඒත් එක්කම හෙල්සින්ග් සංවිධානයට එකතු වුනු සෙරස්ට, අලුකාඩ් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. හෙල්සින්ග් සංවිධානයට එල්ල වන මුල්ම වැම්පයර් ප්‍රහාර සහ වැම්පයර් දඩයමේ මූලික පසුබිම තමයි ආරම්භක කොටස් වලින් දකින්න ලැබුනේ. හෙල්සින්ග් හි සතුරා වෙන්නෙ නිකන් වැම්පයර්ලා විතරමද? නොදන්නා හස්තයක් මේ හැම දෙයක්ම පිටිපස්සෙ තියෙන පාටයි. මේ කොටස් දෙක බලන්නකො මොකද වෙන්නෙ කියලා.

මුලින් කිව්වත් වගේම ලේ නෑවෙන සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Hellsing Ultimate හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Hellsing Ultimate (Season 01) [1080p] කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම BD වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Hellsing Ultimate Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

100 downloadsDownload Hellsing-Ultimate-E03-E04-Sinhala-Subtitles.zip43 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

100 downloadsDownload Subtitles43 KB

0 comments

No comments yet.