The Vampire Diaries S03 Sinhala Subtitles බැලුවනේ කලින් කොටස? නොහිතපු විදියට මරණය පරදවා ජීවිතය දෙන මුද්ද තවත් නපුරු දේවල් රැසකට ආරම්භයක් වෙලා. මේ දැන් හොඳට ඉන්න මිනිහා ටිකකින් පිස්සු විකාර වෙලා මිනීමරන්න ගන්නවා. එහෙම මුදු නම් මැරුණත් එපා. ඉතින් ඇලාරික් උනත් කරන්නේ ඒක. එයා තවදුරටත් මුද්ද දාගෙන ඉන්න…

The Vampire Diaries S03 Sinhala Subtitles

බැලුවනේ කලින් කොටස? නොහිතපු විදියට මරණය පරදවා ජීවිතය දෙන මුද්ද තවත් නපුරු දේවල් රැසකට ආරම්භයක් වෙලා. මේ දැන් හොඳට ඉන්න මිනිහා ටිකකින් පිස්සු විකාර වෙලා මිනීමරන්න ගන්නවා. එහෙම මුදු නම් මැරුණත් එපා. ඉතින් ඇලාරික් උනත් කරන්නේ ඒක. එයා තවදුරටත් මුද්ද දාගෙන ඉන්න එක ප්‍රතික්ෂේප කරනවා. වැම්පයර් දඩයකාරයෙක් හැටියට ඒක මොන තරම් අවධානම් ද කියන එක කියන්න ඕනි නැහැනේ. එලේනා, ඩේමන් සහ මෙරඩිත් උත්සාහ කරන්නේ එයාගේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රමයක් හොයාගන්න. ඒකට බොනීගෙන් උදවු ගන්න එයාලා කල්පනා කරනවා. මේ අතර ඇබී සහ බොනී ගත කරන්නේ ටිකක් විතර අවුල් සහගත කාලයක්. වැම්පයර් කෙනෙක් විදියට හැරෙන එක මායාකාරියක් විදියට උන්නු ඇබීට ලෙහෙසි පහසු නෑ. ඒකට උදවු වෙන්න කැරොලයින් මහන්සි වෙනවා.

ස්ටෙෆාන් මේ අතරේ ලොකු උත්සාහයක් ගන්නවා එයාගේ ලේ වලට තියෙන ඇබ්බැහියෙන් මිදෙන්න. එලේනා එයාට උදවු කරන්න ලැහැස්ති වුනත් ස්ටෙෆාන් ඒකට කැමැත්තක් පෙන්නන්නේ නෑ. කලින් කොටසේ අතීත දවස් වල හිටපු සේජ් මතකද? අන්න එයාගේ වර්තමාන ආගමනය අද දකින්න පුළුවන්. අනිත් අයට වඩා එයාට තියෙන වෙනස් හැකියාවක් අද ඩේමන් ට උදව් කරනවා රෙබෙකා මේ දවස් ටිකේ හතර වටේ කරක් ගගහා කරන්න හදන වැඩේ තේරුම් ගන්න. ඩේමන් නොදැන හිටියට අපි දන්නවනේ වැඩේ. රෙබෙකා හදන්නේ සුදු ඕක් ගහට වුන දේ හොයාගන්න සහ ඒක හොයාගෙන විනාශ කරන්න. එහෙම කලාම එයාලව මරන්න දෙයක් මේ ලෝකේ නැති වෙනවා.

අන්තිමට කියන්න තියෙන්නේ ඩේමන් හොයාගන්නවා ඔරිජිනල් අය මරන්න රහස් ආයුධයක්.

අද කොටස වෙනුවෙන් IMDB රෝදේ 8.1ක් වෙනකන් කැරකිලා තියෙනවා. ඒකත් බලලා ඊළඟ කොටසට යමු ඩේමන් සහ ස්ටෙෆාන් අර අලුත් ආයුධය එක්ක නටන නාඩගම මොන වගේ වෙයිද බලන්න.

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

180 downloadsDownload The-Vampire-Diaries-S03E17-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

180 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.