The Vampire Diaries S03 Sinhala Subtitles අලුතින්ම හැදුනු ඔරිජිනල් වැම්පයර් වඩාත් වේගවත්, වඩාත් ශක්තිමත්, වගේම සාමාන්‍යයෙන් ඔරිජිනල් කෙනෙක් මරන්න පුළුවන් විදියට මරන්නත් බෑ වගේ. එස්තර් මැරුණත් වැඩේ ලස්සනට කරලා තියෙනවා. ඉතින් කොයි තරම් වෙලාවක් යයිද ඇලාරික් වැඩ පටන් ගන්නත්, කට්ටිය එයා ගැන දැනගන්නත්? ඉ…

The Vampire Diaries S03 Sinhala Subtitles

අලුතින්ම හැදුනු ඔරිජිනල් වැම්පයර් වඩාත් වේගවත්, වඩාත් ශක්තිමත්, වගේම සාමාන්‍යයෙන් ඔරිජිනල් කෙනෙක් මරන්න පුළුවන් විදියට මරන්නත් බෑ වගේ. එස්තර් මැරුණත් වැඩේ ලස්සනට කරලා තියෙනවා. ඉතින් කොයි තරම් වෙලාවක් යයිද ඇලාරික් වැඩ පටන් ගන්නත්, කට්ටිය එයා ගැන දැනගන්නත්? ඉස්කෝලේ ඉන්න කැරොලයින් සහ රෙබෙකාට පහර දීගෙනම ඇලාරික් වැඩ අල්ලනවා. අවාසනාවට එයාට රෙබෙකා මගහැරුනත් කැරොලයින් අල්ලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇලාරික් උත්සාහ කරන්නේ හැබෑම දඩයක්කාරයෙක් විදියට කැරොලයින්ව ඇමක් විදියට යොදාගෙන ඉතුරු අයට උගුලක් අටවන්න තමයි.

කලින් දවසේ අපි දැක්කනේ බොනී අවසිහියෙන් වගේ කල වැඩේ? ඉතින් එයා එතැනදී මරණීය තුවාල ලැබුනත් ඩේමන් නිසා බේරෙන්න ලැබෙනවා. එයාලා හරහා ඉතුරු අයත්, රෙබෙකා හරහා ක්ලවුසුත් ඇලාරික් ගැන කතන්දරේ දැනගන්නවා. සැල්වටෝර්ලා ඇලාරික් ව නවත්තන්න විදියක් කල්පනා කරද්දී රෙබෙකා සහ ක්ලවුස් හදන්නේ පැනලා යන්න. හැබැයි ක්ලවුස්ගේ අදහස එලේනාවත් අරගෙනම යන්න. ඒක සාර්ථක වුනොත් එයාට දිගටම දෙමුහුම් අය හදන්න පුළුවන් වෙන නිසා. නමුත් සැල්වටෝර්ලා ලෙහෙසියෙන් ක්ලවුස්ට එලේනාව දෙයිද? නැත්නම් ක්ලවුස්ට ඒකටත් හොඳ අඩව්වක් අල්ලන්න වෙයිද? මේ අතරේ ඇලාරික් මොනවා කරයිද?

බොනී කල්පනා කරනවා එයාගේ අම්මගෙත් උදව් ඇතිව ඇලාරික් නවත්තන්න මන්තරයක් හරහා. එයාව සාමාන්‍ය ඔරිජිනල් කෙනෙක් වගේ මරන්න නොහැකි වුනත් එයාවත් නවත්තන්න විදියක් තියෙනවා. හේතුව එස්තර් කල් ඇතිවම එයාව වඩා බලවත් කළා වගේම දුර්වලකමකුත් එකතු කල නිසා. ඒ මොකක්ද කියලා කතන්දරේ බලද්දී තේරෙයි. කොහොම නමුත් අග වෙද්දී  මේ කතාංගය පුරාම දුෂ්ටයා වුනු ක්ලවුස්ට අපි හැමෝම බලාපොරොත්තු වුන එක නැතත් පොඩ්ඩක් විතර ලැබියයුතු දෙයක් ලැබෙනවා. IMDB අගය 8.7ක් දක්වා ඉහල අගයකට කැරකුණු අද දවසේ කතාංගය බලලා ඔබේ අදහසකුත් කොමන්ට් එකක් විදියට දාගෙන යන්න. තව තියෙන්නේ මේ සීසන් එකේ එක කොටසයි. ඉතින් ඒ අවසාන කොටසෙන් හමුවෙමු.

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

204 downloadsDownload The-Vampire-Diaries-S03E21-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

204 downloadsDownload Subtitles21 KB

0 comments

No comments yet.