Watch Trailer

Senna [S01 : E04] Sinhala Subtitles | පරම හතුරා සහ මහා පාවාදීම (Passion) [සිංහල උපසිරසි]

Senna S01 Sinhala Subtitles ඔන්න යාළුවනේ, සේනාගේ කතාවේ ඊළඟ කොටස, ඒ කියන්නේ Senna Episode 4 එක අද ඔයාලට අරන් ආවා. මේකෙන් පෙන්වන්නේ සේනාගේ පෞද්ගලික ජීවිතය සහ F1 පිටියේ සිද්ධ වුණු මහා පාවාදීම් ගැනයි. සේනා මේ කාලේ බ්‍රසීලයේ ඉන්න සුපිරිම නිවේදිකාවක් සහ නිළියක් වෙන Xuxa Meneghel එක්ක ආදර සම්බන්ධයක් පටන්…

Senna S01 Sinhala Subtitles

ඔන්න යාළුවනේ, සේනාගේ කතාවේ ඊළඟ කොටස, ඒ කියන්නේ Senna Episode 4 එක අද ඔයාලට අරන් ආවා. මේකෙන් පෙන්වන්නේ සේනාගේ පෞද්ගලික ජීවිතය සහ F1 පිටියේ සිද්ධ වුණු මහා පාවාදීම් ගැනයි.

සේනා මේ කාලේ බ්‍රසීලයේ ඉන්න සුපිරිම නිවේදිකාවක් සහ නිළියක් වෙන Xuxa Meneghel එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. හැබැයි සේනාට රේසිං ගැන තිබ්බ පිස්සුව සහ කාර්යබහුලකම නිසා මේ ආදර කතාව ටිකක් අවුල් යනවා. මේ අතරතුර රේස් ට්‍රැක් එකේදී සේනා සහ Prost අතර වලි තවත් දරුණු වෙනවා. ඉතාලියේ ඉමෝලා  ට්‍රැක් එකේදී සේනා ගිවිසුමක් කැඩුවා කියලා Prost මාධ්‍ය ඉස්සරහා සේනාට චෝදනා කරනවා.

​

කතාව උච්චතම අවස්ථාවට එන්නේ 1989 ජපානයේ සුසුකා  රේස් එකේදී. එතනදී සේනා Prost ව ඉස්සර කරන්න හදද්දී, Prost හිතාමතාම තමන්ගේ කාර් එක සේනාගේ කාර් එකේ හප්පනවා! Prost රේස් එකෙන් අයින් වුණත් සේනා කොහොමහරි කාර් එක ස්ටාර්ට් කරන් රේස් එක දිනනවා. හැබැයි FIA ප්‍රධානී Balestre (Prost ගේ යාළුවා) මැදිහත් වෙලා සේනා රේස් එකේ Track එකෙන් පිටතින් ආවා කියලා සේනාව Disqualified කරනවා. මේ කුජීත දේශපාලන තීරණය නිසා 1989 චැම්පියන්ෂිප් එක Prost ට ලැබෙනවා. සේනා F1 එපා වෙලා මානසිකවම වැටෙන හැටි මේකෙන් බලාගන්න පුළුවන්.

 

ඊළඟ ටික episode  5 න් අරන් එන්නම් ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

182 downloadsDownload Senna-S01E04.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Senna S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

From S04 Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

182 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks