The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 14 වන කොටසයි.අපි බලමුකෝ මොක්කද සිද්ධ වෙන්නේ කියලා. අන්තිමේදී දකින්න ඇතිනේ වෙස් මායාකාරියන්ගෙන් උදව් පිහිටෙන් ඩේමන්ටයි එන්සෝවයි අල්ලගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මැක්ස් ඩේමන් බෙහෙතක් එන්නත් කරනවා. ඔයාලා දැනට…

The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 14 වන කොටසයි.අපි බලමුකෝ මොක්කද සිද්ධ වෙන්නේ කියලා. අන්තිමේදී දකින්න ඇතිනේ වෙස් මායාකාරියන්ගෙන් උදව් පිහිටෙන් ඩේමන්ටයි එන්සෝවයි අල්ලගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මැක්ස් ඩේමන් බෙහෙතක් එන්නත් කරනවා. ඔයාලා දැනටම දන්නවනේ ඇතිනේ ඒ මොකක්ද කියලා. අමතක නම් එය එන්නත් කරාට පස්සේ වැම්පයර්ලා වැම්පයර්ලා මතම පෝෂණය වෙනවා. ඉතින් ඩේමන්ගෙ වියරුම මේකෙන් තවත් වැඩි වෙනවා. පස්සේ ඩේමන් ජෝන්ගෙ ගෙදරට. එයාවත් වැම්පයර් කෙනෙක් කරලා ඩේමන්ට පෝෂණය වෙන්න අරිනවා. ඉතින් ඕන්න ඔය වෙලාවේදී තමයි වෙස් එතැනදී ඇවිත් නිවස මුද්‍රා තබන්නේ. ඉතින් කාටවත් එළියට යන්නත් බැහැ ඇතුළේ ඉන්න කෙනෙක්ට පිටවෙන්නත්  බැහැ. ඉතින් ඩේමන් ගිය දවසේ ඉදන් සොයනවා. බැරිම තැන ඔහු ෂෙරිෆ්ගෙන් උදව් ඉල්ලනවා. පස්සේ ඔහුට ලැබෙන හෝඩුවා වලින් දැනගන්නවා ඩේමන්ගෙ ඇග ඇතුළේ මේ වෛරසය තියෙනවා කියලා. ඉතින් ඔහු එලේනා නොහොත් කැතරින් එක්ක ඔහුව හොයන්න යනවා. මැට් ගැන කිව්වොත් දැන් ඔහු විස්තරය දන්නා නිසා නාඩියා ඔහුට අරගෙන යනවා. හැබැයි තාමත් ඇයට බල කිරීම් කරන්න බැහැ වර්වේන් ඔහුගේ ඇග ඇතුළේ තියෙන නිසා. ඉතින් ටයිලර් මේ ගැන වද වෙනවා. මොකද මැට් දවස් ගාණකින් ගෙදර ගිහින්වත් නැහැ වැඩට ඇවිත් නැහැ. ඉතින් ඔහු කැරොලොයින්ට කතා කරල මේ විස්තරය කියනවා. ඒවගේම තමයි කැතරින් ස්ටෙෆන්ට මේ ඩේමන් හොයන්න යන චාරිකාවෙන් ස්ටෙෆන්ට ලංවෙන්න බලනවා. ඉතින් ඔහු ඒ යන අතරේ තමන්ගේ කපටි කම පාවිච්චි කරල ස්ටෙෆන්ව ඇය මත්තට අරගන්නයි උත්සහ කරනවා. ඕන්න ඔය වෙලාවේ තමයි එන්සෝගෙන් එලේනා නොහොත් කැතරින්ට පණිවිඩයක් එන්නේ. ඉතින් අපි බලමුකෝ කැතරින්ගෙ මේ උප්පරවැට්ටිය වැඩ කරයිද වගේම ස්ටෙෆන්ට තමන්ගේ සහෝදරයා මේ වැටිලා තියෙන වළෙන් ගොඩගන්න හැකියාවක් ලැබෙයිද කියලා. ඊළග කොටසින් හම්බවෙනම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

102 downloadsDownload The-Vampire-Diaries-S05E14-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

102 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.