The Vampire Diaries S06 Sinhala Subtitles එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ පස්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස් ටික ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් කෝකටත් එක්ක මං කලින් කොටස් ගැන පොඩි මතකය අවදිකිරීමක් කරන්නම්කෝ. ඩේමන් සහ බොනී අපේ අලුත් අමුත්තාව අල්ලගෙන මාංචු දාලා තියාගෙන ඉන්න…

The Vampire Diaries S06 Sinhala Subtitles

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ පස්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස් ටික ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් කෝකටත් එක්ක මං කලින් කොටස් ගැන පොඩි මතකය අවදිකිරීමක් කරන්නම්කෝ.

ඩේමන් සහ බොනී අපේ අලුත් අමුත්තාව අල්ලගෙන මාංචු දාලා තියාගෙන ඉන්නේ, ඒ වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහායී. නමුත් ඌත් එක්ක වැඩේ එච්චර ලේසි වෙන්නේනම් නෑ. මොකද මිනිහා ටිකක් අමාරු කාරයෙක්.  ඒ අතරේ ස්ටෙෆන්, එලේනා සහ කැරොලයින් අතුරුදහන් උන කෙල්ල සාරාව හොයන්න උත්සහ කරනවා. නමුත් ඔවුන්ට කොහෙන්වත් ඇයව හොයාගන්නනම් ලැබෙන්නේ නෑ. ඉතින් වැඩේ අත් ඇරලා ඒක ජෙරමිටයි මැට් ටයි බාරදෙනව.

ඒ අතරේ ඩේමන් හිතාගෙන ඉන්නේ ඔවුන් මේ හිරවෙලා ඉන්නේ තමන් විසින් කරපු වැරදි මගින් නිර්මානය ඌ අපාය වැනි තැනක කියලයි. අන්න ඒ නිසා ඔහු නිතරම් කියනවා මේක තමන්ගේ අපායක් කියලා. ඉතින් ඒ සිදුවීම් කොටස් කොටස් වශයෙන් අපිට පෙන්නනවා මේ එපිසෝඩ් වලදී. අපි බලමු ඒවා ඩේමන්ගේ වැරදි මගින් සිදු උන දේවල්ද කියලා. ඒ අතරේ අලුතෙන් හම්බුන අමුත්තා වන කායි සහ බොනී ඇයගේ මැජික් බලයෙන් වැඩක් වෙනවද කියලා බලන්න යම් උත්සාහයක යෙදෙනවා.

ඉතින් ඔය අතරේ ට්‍රිප් මැට්ව එක්කගෙන යනවා යම් රහසිගත ස්ථානයකට. ඒ තරම් එන්සෝව සිරකරගෙන ඉන්න තැන. ඉතින් ට්‍රිප් කොහොමහරි එන්සෝගෙන් අනිත් පිසාචයින් ගැන වැඩිදුර තොරතුරු ලබාගන්නයි උත්සාහ කරන්නේ. ඔන්න ඉතින් අන්තිමේදී ඩේමන් දැනගන්නවා මේක එයාගේ අපායක් නෙමෙයි කායි වෙනුවෙන් නිර්මානය කරපු අපායක් කියලා.

එහෙනම් මං මීට වඩා කියන්න යන්නේ නෑ, අද කොටස ගැන මොකුත් නොකියාම මං සමුගන්නම්…..
ඊලඟ කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

82 downloadsDownload The-Vampire-Diaries-S06E05-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රඛිත රණතුංග

Subtitles

82 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.