The Vampire Diaries S06 Sinhala Subtitles මේ ඔයාලා එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ හයවන කොටසත් එක්කයි. වැඩි විස්තර නැතුව කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්නම්කෝ.. ස්ටෙෆන්ගේ මියගිය පෙම්වතිය මැරිලා නෑ කියලා දැකගන්න ලැබුනනේ, ඒකට හේතුව එන්සෝ ඇයව මරන්නේ නැතුව පිසාචයෙක් බවට පත්කරලා. දැන් ඒකි අහුවෙන හැ…

The Vampire Diaries S06 Sinhala Subtitles

මේ ඔයාලා එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ හයවන කොටසත් එක්කයි. වැඩි විස්තර නැතුව කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්නම්කෝ..

ස්ටෙෆන්ගේ මියගිය පෙම්වතිය මැරිලා නෑ කියලා දැකගන්න ලැබුනනේ, ඒකට හේතුව එන්සෝ ඇයව මරන්නේ නැතුව පිසාචයෙක් බවට පත්කරලා. දැන් ඒකි අහුවෙන හැම එකෙක්ගෙම ලෙ බිබී යනවා. ඉතින් එයාව එලියෙ පරිසරයට හුරුකරන්න හිතාගෙන ස්ටෙෆන් ඇයිව කැරොලින්ට බාරදෙනවා. ඊටපස්සේ ඔහු යනවා ඩේලයිට් මුද්දක් නිර්මානය කරගෙන එන්න. එතනින් පස්සේ සිදු උන දේවල් ඔයාලා දකින්න ඇතිනේ, ඒ නිසා ඒ ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.

ඒ අතරේ එලේනා සහ ඇයගේ පාසල් මිතුරු මිතුරියෝ ඇමරිකාවේ සාම්ප්‍රදායික උත්සවයක් වන තිරුඟු වගාවන් වල පවත්වන උත්සවයකට සහභාගි වෙනවා. නමුත් එතෙනදී කවුරුවත් නොහිතපු විදිහේ අනතුරක් සිදුවෙනවා. ඒ ටයිලර් ගමන් කරමින් ඉන්න වාහනය ඉස්සරහට මිනිහෙක් දුවගෙන ආ නිසා. එමගින් ටයිලර්ගේ අවධානය බිඳිලා අර උත්සවය තියෙන පැත්තට රථය ගමන් කරනවා. ඉතින් ඒ අවස්ථාවෙ සෑහෙන දෙනෙක්ට තුවාල වෙනව වගේම ලොකූ කලබලයක් ඇතිවෙනවා. ඒ අතරේ ගොඩක් අසාධ්‍ය වෙච්චි එලේනා වැම්පයර් කෙනෙක් කරනවා.

ඩේමන් සහ බොනී කායි එක්ක එකතුවෙලා ඒ ලෝකෙන් පැනගන්න උත්සහ කරනවා. නමුත් කායි ඒ මන්තරය නොදන්න බව දැනගන්න නිසා බොනී ඔහුව මරාදමන්න මන්තරයක් මගින් කායිගේ පපුවටම යවුලක් යවනවා. නමුත් ඌ මැරෙන්නේ නෑ. ඉතින් ඊටපස්සේ බොනී කොහොමහරි ඩේමන්ව ඒ ලෝකයෙන් නියම ලෝකයට යවනවා.

අවසානයේ අපිට දැකගන්න ලැබෙනවා ස්ටෙෆන් තමන්ගේ දුක කිය කිය ඉන්නකොට ඩේමන් එකපාරටම එතෙන්ට පාත්වෙනවා. ඉතින් එතනින් ඒ කොටස ඉවර වෙනව.අපි බලමු සහෝදරයෝ දෙන්නා අද මොකද කරන්නේ කියලා. එහෙනම් මේ කොටස ගැන මොකුත් නොකියාම මං ලිපිය ඉවරයක් කරනවා. ඉලඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

77 downloadsDownload The-Vampire-Diaries-S06E06-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රඛිත රණතුංග

Subtitles

77 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.