Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E08] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, අද අපි ඔයාලට අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ අටවැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අප්සයිඩ් ඩවුන් සතෙක් ඩස්ටින් රැඳිලා හිටපු ෆුඩ් මාර්ට් එකට කඩා වැදුණු හැටි අපි දැක්කා. ඉන්පස්සේ මොකද වුනේ? අද කොටසින් බලමු මොන…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

හොඳයි  මිත්‍රවරුනි, අද අපි ඔයාලට  අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ  අටවැනි කොටස.  පහුගිය  කොටසේ අන්තිමට අප්සයිඩ් ඩවුන් සතෙක් ඩස්ටින් රැඳිලා හිටපු  ෆුඩ් මාර්ට්  එකට කඩා වැදුණු හැටි අපි දැක්කා. ඉන්පස්සේ මොකද වුනේ? අද කොටසින් බලමු මොන ජංජාලයක් ඊට පස්සේ වෙයිද කියලා. අද පළ වන කතාංගය ගැන:
  • අටවැනි කොටස –  “Chapter Eight: The Party” – “උපන්දින සාදය”
  • අධ්‍යක්ෂක – Ben Choi 
  • තිරරචනය –  
    • Jennifer Bardekoff, 
    • Ray Utarnachitt
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 6.8/10

අද මොකද වෙන්නේ? ‘Upside Down’ ලෝකයේ රාක්ෂයන් දෙන්නෙක් ෆුඩ් මාර්ට් එකේදී ඩස්ටින්ගේ පස්සෙන් එළවාගෙන එද්දී හදිසියේම එතනට එල්, ලූකස් සහ මැක්ස් ඇවිල්ලා ඔහුට උදව් කරනවා. නමුත් මෙතැනදී එක රාක්ෂයෙක්  ඩස්ටින්ගේ බෑග් එක අරගෙන   ආපසු ‘hive mind’ වෙත පලා යනවා.පසුව එතනට එන කඩයේ හිමිකරු ඩැනියෙල් හිතන්නේ මේ විනාශය කුණාටුව මඟින් සිදුවුණා කියලා. ඉන්පස්සේ HIC කණ්ඩායම නගරයේ අපජල උමං පද්ධතිය පරික්ෂා කරලා බලනවා අර රාක්ෂයන් මෙහෙයවන එක හොයාගෙන. ඔවුන්ට එය හොයාගන්න හැකි වෙයිද? HIC කණ්ඩායම නගරයේ අපජල උමං පද්ධතිය තුල ගමන් කරන අතරේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන අත්දැකීම මොකක්ද? මේ රාක්ෂයන් මෙහෙයවන කෙනා ගැන එල්ගේ සහ නිකීගේ උපන්දින සාදය අතරතුර හෙළිවන රහස කුමක්ද? අද කතාවෙන් ඉතුරු ටික දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

82 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E08.zip15 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

82 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.