The Vampire Diaries S06 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ අටවෙනි කොටසත් එක්කයි. කලින් කොටස කලිඳු අයියා තමයි අරගෙන ආවේ. මට ටිකක් වැඩ වැඩි උන නිසා බෑ නොකියා ඒක බාරගත්තු කලිඳු අයියට මං ස්තූතිවන්ත වෙනවා. පුරුදු පරිදි අද කොටස ගැන එලි නොකරම මං කලින් කොටස ගැන මතක් කරන්නම්. ඇල…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔයාලා මේ එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ අටවෙනි කොටසත් එක්කයි. කලින් කොටස කලිඳු අයියා තමයි අරගෙන ආවේ. මට ටිකක් වැඩ වැඩි උන නිසා බෑ නොකියා ඒක බාරගත්තු කලිඳු අයියට මං ස්තූතිවන්ත වෙනවා. පුරුදු පරිදි අද කොටස ගැන එලි නොකරම මං කලින් කොටස ගැන මතක් කරන්නම්.

ඇලරික් සිමාව පන්නලා ගියාට පස්සේ එයාගෙ පෙම්වතිය ජෝ ඇවිත් ඔහුව සීමාවෙන් එපිටටදීම සුවකරනවා. එතනදී ඔහු සුවවෙන්නේ තවදුරටත් වැම්පයරයෙක් ලෙස නොවෙයි. ඔහු දැන් සාමාන්‍ය මනුස්සයෙක්. බොනී යටිකුරු ලෝකයේ සිටන් ඩේමන්ව විතරක් එව්වා සාමාන්‍ය ලෝකයට , නමුත් එතනදී කායි බොනීට හීයකින් විදිනවා, ඒකෙන් බොනීට සෑහෙන්න තුවාල වෙනවා. ඉතින් දැන් කායි බොනීව ආපහු ගෙදරට එක්කගෙන ඇවිත් සිහිය එනකන් ඉන්නව. නමුත් සිහිය ආවට පස්සේ බොනී කායිට පිහියකින් ඇනලා ආයෙත් පැනලා යනවා. ඒ අතරේ ට්‍රිප්ගේ අය කැරොලින්ගේ අම්මාව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට තියාගෙන ඉන්නවා ට්‍රිප්ව වැම්පයරයන්ගෙන් මුදවා ගන්න.

ඉතින් ඩේමන් කොහොමත්ම එලේනාට ආයෙත් පරන මතකය ලබාදෙන වැඩේ පසුවට කල්දාන්නේ නෑ. ඒ නිසා එලේනාව එක්කගෙන යනවා ඔවුන් මුලින්ම හමුවුන තැනක් වෙත. ඒ මිස්ටික් ෆෝල්ස් සිමාව, එතනදී එලේනා තමන්ට මතුරලා තියෙන මන්තරය ආපසු හැරවීම සඳහා සීමාව පසුකර යනවා. ඒ ගමන්ම ඇයට පරන මතකයන් කිහිපයක් නැවත මතකයට එනවා.නමුත් ඒ සදාකාලිකවම නෙමෙයි.

කොහොමහරි අවසානයේ ඩේමන් ඒ දුකට බෝතලෙත් කටේ ගහගෙන කනත්තට යනව බොනී නැති දුක නැතිකරගන්නත් එක්ක, එතනදී බොනීගේ ටෙඩී බෙයාර්ව හම්බෙනවා. ඒ කියන්නේ බොනීව ආපහු ගෙන්නන්න පුලුවන් වෙයිද? ඒ ප්‍රශ්නෙට උත්තරය අද කොටසින් ඔයාලා බලාගන්න. එහෙනම් මීලඟ කොටසින් ඉක්මනටම හම්බෙමු. බයිස්කෝප් අඩවියට ජය!

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

66 downloadsDownload The-Vampire-Diaries-S06E08-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

66 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.