Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E10] Sinhala Subtitles | අවසන් සංග්‍රාමය [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles අපි ටිකෙන් ටික කතාංගයෙන් කතාංගයට ඇවිත් Stranger Things: Tales from ’85 කතා මාලාවේ අවසානයට ඇවිත් තියෙනවා. අද මේ පළවෙන්නේ පලවෙනි Season එකේ අවසන් හෙවත් දහවෙනි කොටසයි.මේ අබිරහස් සතුන්ව හදන්න මූලික වුණේ කවුද කියලා අපි දැක්කා. ඒ වගේම අද්භූත වැලක් විස…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

අපි ටිකෙන් ටික කතාංගයෙන් කතාංගයට ඇවිත්  Stranger Things: Tales from ’85  කතා මාලාවේ අවසානයට ඇවිත් තියෙනවා. අද මේ පළවෙන්නේ පලවෙනි Season එකේ අවසන් හෙවත් දහවෙනි කොටසයි.මේ අබිරහස් සතුන්ව හදන්න මූලික වුණේ කවුද කියලා අපි දැක්කා. ඒ වගේම අද්භූත වැලක් විසින් එල්ව කාණුවක් ඇතුළට ඇදගෙන යන විධිය අපි දැක්කා. ඉන්පස්සේ මොකක් වෙයිද? අද කොටසින් බලමු! අද පළ වන කතාංගය ගැන:
  • දහවෙනි (අවසන්)කොටස –  “Chapter Ten: Countdown”-  “අවසන් සංග්‍රාමය”
  • අධ්‍යක්ෂක –  Philip J. Allora
  • තිරරචනය –   
    • Ryan Little, 
    • Kevin Burke
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 7.2/10

අද මොකද වෙන්නේ?ඩැනියෙල් ළමයින්ට කියනවා අර “Upside Down” වැල් රකුසාව පාලනය කරලා තියෙන්නේ කියලා. හැබැයි රකුසාට අර කොළ පාට දියරය ඉව දැනුන ගමන්, පොළොව යටින් කඩාගෙන ඇවිල්ලා ඩැනියෙල්වයි ළමයි ටිකවයි පොළොව යට තියෙන උමං පද්ධතියකට ඇදලා ගන්නවා. මේ උමං වල ඩැනියෙල්ගේ බීජාණු පරීක්ෂණ නිසා හැදුණු තවත් රකුසෝ ගොඩක් ඉන්නවා. මේ උමඟ ඇතුලේ තමයි මේ රාක්ෂයන්ගේ රැජිණ ඉන්නේ. මේ අතරේ, මයික්, ඉලෙවන් සහ බැක්ස්ටර් පවුලේ අයත් මේ උමඟට ඇතුළු වෙලා අනිත් කට්ටියවයි ඩැනියෙල්වයි හම්බවෙනවා. කළින් කොටසේ අන්තිමට උමඟ ඇතුළට ඇදිලා ගිය එල්ට මොකද වෙන්නේ? උන් එක්ක හැප්පෙන්න HIC කණ්ඩායමට පුළුවන් වෙයිද? මේ අතර මේ රාක්ෂයන්ගේ රැජිණ අප්සයිඩ් ඩවුන් වලට ද්වාරයක් අරගෙන පැනලා යන්න හදනවා.  HIC කණ්ඩායමට ඇයව පාලනය කල හැකි වෙයිද? මේ රාක්ෂයන් නිර්මාණය කල ඩැනියෙල්ට මොකද වෙන්නේ?අද කතාවෙන් ඉතුරු ටික දැනගනිමු. මේකත් එක්ක  Stranger Things: Tales from ’85 කතා මාලාවේ  පළමු  සීසන් එක අවසන් වෙනවා. එහෙනම් අපි 2026 ඔක්තෝම්බර් 26 වැනිදා දෙවෙනි සීසන් එක එනතුරු බලා ඉඳිමු! අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

57 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E10.zip14 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

57 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Nimesh Darshana

    Thank You for the complete season!❤️