The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහතුන්වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ කායි කොහොමහරි ලුක් එක්ක එකතු වෙලා කරන වැඩේන් දිනනවා. දැන් මෙයා හුඟක් බලගතුයි. කොහොමහරි කායි මෙතනින් පැන…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහතුන්වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදි දකින්න ඇතිනෙ කායි කොහොමහරි ලුක් එක්ක එකතු වෙලා කරන වැඩේන් දිනනවා. දැන් මෙයා හුඟක් බලගතුයි. කොහොමහරි කායි මෙතනින් පැනගන්නවා. ඔන්න අද කතාව පටන්ගන්නෙ බොනීගෙ උපන්දිනයෙන්. හැබැයි බොනී ඉන්නෙ වෙනම ලෝකෙක. කතාව බලපු අය ඒ ගැන දන්නවා ඇතිනෙ. ඉතිං බොනී තට්ට තනියෙම තමයි මෙහෙ ඉන්නෙ. කතා කරන්න කාත් කවුරුවත් නැහැ. ඉතින් කලින් කොටස් වලදී මතක ඇතිනෙ ඩේමන් සහ බොනී එකතු වෙලා පොරොන්දුවක් වෙනවා. එයාලට මැරෙන්න කලින් පරණම ස්කොච් බෝතලය බොනවා කියලා. ඔන්න ඉතින් බොනී ඒක කරන්න යන්නේ. ඔව්, එයා දිවි නසාගන්න යන්නෙ. ඔය අතරේ තමයි කායි එන්නෙ එලේනාව හොයාගෙන. මොකද කිව්වොත් ලියුමක් දෙන්න. මොකද ලුක්ගෙ ගතිගුණ කෙලින්ම කායිට යනවා. ඉතින් එයා කරපු දේවල් දැන් එයාටම වාවන්නෙ නැහැ. එතකොට තමයි එලේනා කායිව බොනීට පණිවිඩයක් යවන වැඩේට එකතු කරගන්නෙ. ඒවගේම තමයි ලිව් ලොකු තරහකින් ඉන්නෙ තමන්ගෙ නිවුන් සහෝදරයා මරපු එක ගැන. ඉතින් ලිව් කායි ඉන්න තැන හොයාගෙන එයාව මරණ්න එනවා. හැබැයි මේ එනකොටත් කායි අනිත් ලෝකය එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ. මේ සම්බන්ධය මොනමහරි හේතුවකට ගිලිහි ගියොත් හිර වෙන්න සිද්ධ වෙනවා එහා ලෝකයෙ. ඉතින් මේ දේවල් කොහොම සිද්ධ වෙයිද? කතාව බලලම දැනගන්නකො.                                        මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

75 downloadsDownload The-Vampire-Diaries-S06E13-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

75 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.