The Vampire Diaries S07 Sinhala Subtitles The Vampire Diaries Season 07 Episode 03 ට තමා මේ සබ් එක අරගෙන ආවේ. ඇත්තටම මට මේ සීරිස් එකේ සබ් හදන්න පැවරිලා තිබුනේ මේ සීසන් එකේ 06 වෙනි එපියේ ඉඳලා 11නි එපියට වෙනකං, හැබැයි ඒ එපි ටික කරලා ඉවරවුනාම ආපහු මගෙන් ඇහුවා මල්ලි තව එපි 03ට කරලා දෙනවකෝ කලින් බාරගත්ත…

The Vampire Diaries Season 07 Episode 03 ට තමා මේ සබ් එක අරගෙන ආවේ. ඇත්තටම මට මේ සීරිස් එකේ සබ් හදන්න පැවරිලා තිබුනේ මේ සීසන් එකේ 06 වෙනි එපියේ ඉඳලා 11නි එපියට වෙනකං, හැබැයි ඒ එපි ටික කරලා ඉවරවුනාම ආපහු මගෙන් ඇහුවා මල්ලි තව එපි 03ට කරලා දෙනවකෝ කලින් බාරගත්ත කෙනා සම්බන්ධ කරගන්න විදිහක් නෑ කියලා. සෑහෙන්න Busy උනත් තව එපි 03නේ කියලා ඒකත් භාරගත්තා. එහෙනම් වැඩි කතා ඕනි නෑ කළින් සිද්දිය ලාවට කියන්නම්…
අවුරුදු තුනකට පස්සේ, කැරොලයින් ෆෝබ්ස් ටීවී නිවුස් ස්ටේෂන් එකක වැඩ කරනවා. ස්ටෙෆාන් සැල්වටෝර් කියන නම ඇහුණාම එයාට පට්ට අවුල් යනවා. ඒ කියන්නේ ඒ දෙන්නා අතරේ මොකක් හරි අතීත සිද්දියක් වෙලා තියෙනවා කියන එක.
මේ වෙද්දි වර්තමානයට ආවොත්, මිස්ටික් ෆෝල්ස් කියන්නේ ලිලී සැල්වටෝර් ගේ Heretics කියන වැම්පයර්ලා පිරිච්ච භයානක හොල්මන් නගරයක් වෙලා. ඩේමන් ලිලීගේ “ළමයි” එක්කෙනෙක් වන මැල්කම්ව මැරුවාට පස්සේ, Heretics ලා පලිගන්න කැරොලයින්ව පැහැරගෙන ගිහින් අන්තිම කුරිරු විදිහට වද දෙනවා. ඒ අතරේ ඩේමන් සහ ස්ටෙෆන් එයාව බේරගන්න ට්‍රයි කරනවා, හැබැයි ඩේමන්ගේ පිස්සු වැඩ නිසා සහෝදරයෝ දෙන්නා අතරේ වලියක් යනවා.
ඒත් එක්කම, ඇලරික් සෝල්ට්ස්මන් ෆීනික්ස් ස්ටෝන් කියන අභිරහස් ගලට පිස්සු වැටිලා. එයා හිතන්නේ ඒකෙන් මැරුණු අයව ආයෙත් ජීවත් කරන්න පුළුවන් කියලා. හැබැයි බොනී බෙනට් නම් කියන්නේ ඒක ඇතුළේ තියෙන මැජික් එක අඳුරුයි, භයානකයි කියලා.
එපිසෝඩ් එක ඉවර වෙන්නේ පට්ට ෂොක් දෙන සීන් ටිකකින්. ලිලී ඩේමන්ට දඬුවම් කරන්න එලේනා ගිල්බට්ගේ බොඩි එක හංගනවා. කැරොලයින්ට දැනගන්න ලැබෙනවා ස්ටෙෆාන්ට ඉස්සර වැලරි එක්ක රොමැන්ටික් ලයින් එකක් තිබුණා කියලා. ඊට පස්සේ අනාගතේ පෙන්නන කෑල්ලේදී නිවුස් ස්ටේෂන් එකේදී කැරොලයින්ට කවුදෝ පහර දෙනවා. එයාට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ. එහෙනම් ඒ සිද්දියේ ඉඳලා ඉස්සරහට මේකෙන් බ්ලාගන්න…
The Vampire Diaries S07 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
49 downloadsDownload The-Vampire-Diaries-S07E03-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


