The Vampire Diaries S08 Sinhala Subtitles වැම්පයර් ඩයරිස් කතාමාලාවේ අටවැනි කතාමාලාවේ සයවැනි කොටසේ උපසිරසි රැගෙන ඒමේ කාර්යය පැවරුනේ මට. මේක මගේ ප්‍රියතම කතාමාලාවක් නොවුනත් රවිදු සහෝගේ දැඩි ඉල්ලීම මතම තමයි මේකට උපසිරසි කරන්න හවුල් උනේ ඔන්න. මෙහි එන නම්ගම්වල යම් වෙනසක් වගේ තියෙනවානම් සමාවෙන්න, මොකද මම…

වැම්පයර් ඩයරිස් කතාමාලාවේ අටවැනි කතාමාලාවේ සයවැනි කොටසේ උපසිරසි රැගෙන ඒමේ කාර්යය පැවරුනේ මට. මේක මගේ ප්‍රියතම කතාමාලාවක් නොවුනත් රවිදු සහෝගේ දැඩි ඉල්ලීම මතම තමයි මේකට උපසිරසි කරන්න හවුල් උනේ ඔන්න. මෙහි එන නම්ගම්වල යම් වෙනසක් වගේ තියෙනවානම් සමාවෙන්න, මොකද මම මේක නරඹන්නෙ නැතුවයි උපසිරසි නිර්මාණය කලේ. එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නේ.
සෙලීන් සහ සිබිල් දෙන්නා ඩේමන් එක්ක එකතු වෙලා අලාරික්ගේ නිවුන්නු දෙන්නා, මායා නිවුන්නු දෙන්නාව පැහැරගෙන යනවා. ඉතින් අලාරික් ඇතුළු පිරිස මේ ගැන පොලිසියටත් දැනුම් දීලා තියෙනවා. නිවුන්නු දෙන්නාව පැහැරගෙන යාමේ හේතුව ගැන කට්ටියට හිතාගන්න බැරුවයි ඉන්නේ. හැබැයි සෙලීන්ගේ හිතේ තියෙන්නේ වෙනමම අදහසක්, ඒ තමා සහ සිබිල් වෙනුවට නිවුන්නු දෙන්නාව කේඩ්ට පිරි නමලා ඔවුන්ගේ නිදහස ලබාගන්න එක.
ඔය අතරේ බොනී මහා පරිශ්‍රමයක් දරලා එන්සෝව සිබිල්ගෙන් මුදාගත්තා උනත් ආයෙම වරක් එන්සෝ සිබිල්ගේ බලයට නතු වෙනවා. ඉතින් එන්සෝගෙ ඔලුවට රිංගලා ඉන්න ස්ටෙෆාන්ට ඒ ඔස්සේ නිවුන්නු සමගින් සිබිල් සහ සෙලීන් යන ස්ථාන සොයාගන්න පොටක් පෑදෙනවා. හැබැයි ඉතින් ඒ හැම තැනකදිම ඔවුන් යන විට පරක්කු වැඩියි. නීතියෙන් සහ ස්ටෙෆාන් ඇතුළු පිරිසෙන් පලා යන සිබිල්, සෙලින් සහ ඩේමන් තිදෙනා අන්තිමේ ස්ථානයක නතර වෙලා කේඩ්ව කැදවන්න තීරණය කරනවා.
හැබැයි මේ අතරේ ඩේමන් වෙනම සැලැස්මක් යොදනවා. සිබිල් සෙලින්ට හොරා වෙනම කුමන්ත්‍රණයක යෙදෙනවා. එහෙමනම් වෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. යලි උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. එතෙක් ඔබට ජයෙන් ජය!
The Vampire Diaries S08 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
21 downloadsDownload The-Vampire-Diaries-S08E06-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


