Watch Trailer

The Walking Dead [S09 : 06] Sinhala Subtitles | ජූඩිත් ග්‍රයිම්ස්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං පහුගිය කොටස බැලුවම කට්ටිය සෑහෙන වික්ෂිප්ත වෙන්න ඇති කියල හිතනව. ඒ වගේම ඉතිං Web කොපි එක බැලුවනම් කට්ටිය දැන් දන්නවනෙ මොකද්ද ඒ වුණු හරුපෙ කියල. විමා කිව්ව වගේ Web කොපිය විශේෂ වුණේ ඒ කොපියෙහි දක්වල තිබුණු ස්නේක් පීක් එක නිසා. ඒක බලන්න වුණේ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න දැන් අන්තර…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං පහුගිය කොටස බැලුවම කට්ටිය සෑහෙන වික්ෂිප්ත වෙන්න ඇති කියල හිතනව. ඒ වගේම ඉතිං Web කොපි එක බැලුවනම් කට්ටිය දැන් දන්නවනෙ මොකද්ද ඒ වුණු හරුපෙ කියල. විමා කිව්ව වගේ Web කොපිය විශේෂ වුණේ ඒ කොපියෙහි දක්වල තිබුණු ස්නේක් පීක් එක නිසා. ඒක බලන්න වුණේ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න දැන් අන්තර්ජාලයෙන් ඕන තරම් ඒ ස්නේක් පීක් එක බලාගන්න පුළුවන්. ඉතිං ඒ අනුව මට දැනුණෙම ආයෙත් වෝකින් ඩෙඩ් කියන කතාව මුල් කතා සමයන් කීපය වගේ සෑහෙන සිත්ගන්නාසුළු තත්වයකට පත් වුණා කියල. ඒ වගේම ඉතිං රික් මැරෙයි කියල සෑහෙන කණගාටු වෙලා බලාගෙන හිටපු මම/විමා ඇතුළු රසික පිරිස වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් තියමු.. 😀😂.

පසුගිය කොටසින්..

ඉතිං හතරවෙනි කතාංගයේ අවසානයේ අපි දැක්ක රික් පැදගෙන ගියපු අශ්වයා කළබල වීම නිසා රික් කම්බි කූරක් උඩට ඇදගෙන වැටුණ. ඒ වෙනකොට හතර දිශාවෙන්ම වගේ මළවුන් රික් වෙතට ඇදී එමින් තමයි හිටියෙ. මුල් කාලීන කතා සමයන් වලින් පස්සෙ ඒ තරම් ලොකු මළවුන් රැලක් දකින්න ලැබුණෙ හතර සහ 5 කතාංගයන් වලදි තමයි. කොහොම නමුත් සිහිසුන් වුණු රික එකපාරම වෙනත් මනෝ තලයකට යනව. ඒ විදියට රික් මීට කලින් මැරුණු අය එක්ක මනසින් සම්බන්ධ වෙනව. මුල්ම කතා සමයෙ රික් ඉස්පිරිතාලෙ ඉන්න තැනට තමයි රික්ගෙ මනස මුලින්ම යන්නෙ. එතනදි පරණ කතාව ආයෙ අපිට මතක් කළා. කොහොමහරි පරණ රික සිහිසුන් වෙලා ඉන්න රික්ව අවදි කරනව. ඊට පස්සෙ කම්බි කූරෙන් ගැලවිලා ලේ පෙරාගෙන අශ්වයා පිටේ නැගල යනකොට ආයෙ සිහිසුන් වෙනව. එතනදි මතක් වෙන්නෙ ශෝන් තමයි මතකයට එන්නෙ. මේ විදියට හර්ෂල් වගේම සාෂා එහෙමත් මතකයට එනව. ඒ හැම වෙලාවකම පරණ යාළුවො නිසා රික් මළවුන්ගෙන් බේරෙනව. අවසානෙ රික් මුළු රැළම දක්කගෙන එන්නෙ අලුත් පාලම උඩට. ඩැරල්ගෙ මුල්ම සැලසුම වුණෙත් ඒක. ඒත් රික් පණ්ඩිත වෙලා මුලින් ඒ තීරණය නොගත්ත නිසා තමයි මේ තරම් අමාරු ඉරණමකට රික්ට මුහුණ දෙන්න වුණේ.

මේ ඔක්කොම අතරෙ මැගී යන්නෙ නීගන්ව මරන්න. මිශෝන් ඇයව නවත්තන්න උත්සාහ කළත් ඒක හරිගියේ නෑ. නමුත් නීගන් හමු වුණාට පස්සෙ මැගී දකිනව නීගන් මැරුණට වඩා අන්ත කාළකණ්ණියෙක් වෙලා ඉන්නෙ කියල. මරණය කියන්නෙ නීගන් දැන් ඉන්න තත්වෙට වඩා හොඳ දඬුවමක් කියල හිතල ඔහුව අතෑරල දානව. කොහොමහරි මේ අතරෙ රික් රැළ පාලම උඩට අරගෙන ආවත් පාලම කඩාගෙන වැටෙන්නෙ නෑ. ඒ නිසා රික් තීරණයක් ගන්නව. තමන්ට දැන් ඉන්න පවුල වෙන, ජිඩිත්, මිශෝන්, ඩැරල්, මැගී, කැරොල් ඇතුළු පිරිස වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කරන්න. එහෙම කරන්න පුළුවන් ඇත්තටම සැබෑ වීරයෙකුටම පමණයි. රික් කියන්නෙ සැබෑ වීරයෙක්. අපි ඒක කතා මාලා 9ක් පුරාම දැක්ක. කොහොමහරි අවසාන තීරණය විදියට රික් තමන්ගෙ කෝල්ට් පයිතන් තුවක්කුව ඇදල අරගෙන පාලමේ තිබුණු පුපුරණ ද්‍රව්‍ය වලට වෙඩි තියල පාලම පුපුරුවා හරිනව. ඊට පස්සෙ අපි දැක්කෙ මෙතෙක් කාලයක් රහසක්ව තිබුණු ඈන්ගෙ හෙලිකොප්ටර් එක. ඈන් දකිනව පාලම පිපිරවීමෙන් පස්සෙ රික් ගඟට වැටිල ඇවිල්ල කොහොමහරි ඉවුරකට ඇවිල්ල පණ ඇද ඇද ඉන්නව. ඔන්න ඉතිං රික්ගේ මහත්මා ගති වලට කෘතගුණ සැලකීමක් විදියට ඈන් රික්ව හෙලිකොප්ටර් එකේ දාගෙන කොහෙදෝ අරගෙන ගියා.

දැන් අපි දන්නව රික් මළේ නැහැ කියල. ආයෙ කවදාම හරි දවසක අපිට රික්ව මේ කතා මාලාව තුළදීම දකින්න ලැබෙන්නත් බැරි නැහැ. මොනව වුණත් අපිත් බලාපොරොත්තු අත් නොහැර ඉමු. කොහොමටත් විමා මතක් කරල තිබුණ වෝකින් ඩෙඩ් ඇසුරින් සිනමා නිර්මාණ තුනක් නුදුරු අනාගතයේ දී නිර්මාණය වෙනව කියල. ඒ ගැන චාමර සහෝ බයිස්කෝප්මංසලේ ලිපියක් පළ කරලත් තිබුණ. වැඩි විස්තර එතනින් බලාගන්න පුළුවන්. ඔන්න ආයෙත් පස්වෙනි කතාංගයට ආවොත් අපි දැක්ක කාලය හකුළුවා දැක්වීමක් කරල ආගන්තුකයින් පිරිසක් මළවුන් එක්ක පරාදවීගෙන යන සටනක නිරත වෙනව. එතන අපි “The 100” කතා මාලාවේදි දැකල පුරුදු මුහුණකුත් තිබුණ. පේන විදියට ඇය ඉදිරි කතා මාලාවන් වල ප්‍රධාන තැනක් උසුලයි වගේ. කොහොමහරි මේ මළවුන්ගෙන් මැරුම් කන්න හදන් පිරිස යම් කෙනෙක් විසින් බේර ගන්නව. ඒ පුංචි වීර කෙල්ලක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ කතා මාලාවේ අනාගත බලාපොරොත්තුව “ජූඩිත් ග්‍රයිම්ස්.”

අද කොටසින්..
අද කොටස ගැන කියනකොට අවසාන විනාඩි කීපය සෑහෙන වික්ෂිප්ත කරනව සුළු කොටසක් කියල මුලින්ම මතක් කරන්න ඕනෙ. කොහොමහරි මුල ඉඳල පොඩ්ඩක් කිව්වොත් ජූඩිත් බේර ගන්න පිරිස ඇරොන්, රොසෙල්ඩා, ඉයුජින් ඇතුළු පිරිස ඉන්න තැනට තමයි ජූඩිත් විසින් එක්කගෙන එන්නෙ. කොහොමහරි කට්ටිය ජනපදයට අමුත්තන් එක්කගෙන යන්න කැමති වෙන්නෙ නෑ. ජූඩිත් මේ තීරණයට තදින්ම විරුද්ධ වෙලා කියනව ඔවුන් එක්කගෙන යන්නම ඕනෙ කියල. ඉතිං ඒ අනුව ඔවුන් ඇලෙක්සැන්ඩ්‍රියාවට එක්කගෙන යනව. හිල්ටොප්, කින්ඩම් සහ ඇලෙක්සැන්ඩ්‍රියාව දැන් ඉතාම නීතිගරුක ජනපද කියල බලාගන්න පුළුවන්. ඒ නිසාම මේ පිරිස කවුන්සිලයක් වෙතට ඉදිරිපත් කරල තමයි තියාගන්නවද? නැද්ද? කියන එක තීරණය කරන්නෙ. තීරණය මොකක් වේවිද කියල ඔයාලම බලල දැනගන්න. අනිත් කාරණාව තමයි ජූඩිත් කියන්නෙ රික්ගෙ කපාපු පලුව කියල බලාගන්නත් පුළුවන්.

මේ අතරෙ රොසෙල්ඩා සහ ඉයුජින් යනව දුරස්ථ සන්නිවේදන ක්‍රමයක් ස්ථාපනය කරන්න ක්‍රමයක් හොයාගන්න. එහෙම ගිහින් ලොකු ටැංකියක් උඩ ඉඳල බහිනකොට ඉයුජින් බිම වැටෙනව. ඒ වෙනකොට වටේම මළවුන් පිරිල. ඉයුජින්ගෙ දණහිසත් කැඩිල ඇවිදින්නත් බෑ. කොහොමහරි දෙන්න බාගයක් දුර ඇවිල්ල මඩ ගාගෙන බේරෙන්න උත්සාහ දරණ සීන් එකක් තමයිවෙන්නෙ. අපි ඒක ස්නේක් පීක් එකෙනුත් දැක්ක. වැඩේ කියන්නෙ ඒක නෙවෙයි. එතනදි ඉයුජින් සහ රොසෙල්ඩා වටහා ගන්නව මළවුන්ගේ භයානක වෙනසක් වෙලා කියල. ඒ මොකද්ද බොලේ ඒ පාත් වුණු හෙණ ගෙඩිය. හැබැයි ඉතිං ඉස්සර වගේ කැමති කැමති විදියට මළවුන් මරල කට්ටියට පණ බේරගන්න එක අනාගතේ ලේසි වෙන එකක්නම් නෑ කියල තමයි මට හිතෙන්නෙ. මළවුන්ගේ මේ වෙනස මිනිසුන්ට අනාගත අසුබ නිමිති තමයි පළ කරන්නෙ. එහෙනම් බලමුකො දැන් ඉස්සර වගේ විනෝදෙටත් මළවුන් මරන්න පුළුවන් වේවිද කියල. මරන්න නෙවෙයි මිනිස්සුන්ට පණ ගැටගහන්න හරි ඉඩක් ලැබුණොත් ලොකු දෙයක්. එහෙනම් ඒ විපරියාසෙ මොකද්ද කියල අද දැනගන්නකො.

තව වැදගත් කාරණාවක් මතක් කරන්න ඕනෙ HDTV, Web කියල තෝර තෝර සබ් එක දෙන්න බැහැ. මුලින් එන්නෙ මොන උපසිරැසි කොපිය හෝ වේවා ඒකට තමයි මට සබ් එක දෙන්න වෙන්නෙ. ඒ නිසා සබ් එක දුන්නම ගැලපෙන කොපිය බාගන්න එක තමයි වඩා හොඳ වෙන්නෙ. එහෙම නොකර කලින් වීඩියෝ පිටපත් බාගෙන සබ් එක ගැලපෙන්නෙ නෑ කියල කියන්න එපා. මොකද අපි හැමෝම දාහක් වැඩ අස්සෙ නිදි නැතුව මේක කරන්නෙ. ඉතිං හැමෝම සතුටු වෙන විදියට හැම කොපියක් ගාණෙම උපසිරැසි දෙන්න බැහැ. තරහ අවසර.. මම ගිහින් එන්නම්. ජය වේවා..!

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා පමණක් වලංගු වේ.

11,677 downloadsDownload The.Walking.Dead_.S09E06.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

11,677 downloadsDownload Subtitles29 KB

44 comments

  1. wnmihir

    Thanxz Brooo

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Ravindu Rukshan

    Thx

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. imesh anjana

    Tnq bro sub ekata

  6. Nuwandika Dil

    Elama jaya wewa bro. Sub denawane ekama ethine bro. Api speed hadan balannm

  7. pathum90

    sub ekata bohama sthuthiyi

  8. Shan Kenway

    Thank You BRO

  9. maduranga012

    Thank u broo..

  10. dulitha hashan

    Thankz aa sub ekata.. sub eka denakammai hitiye.
    Digatama karamu aiyaa. ජය වේවා...

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  13. විමා

    සබට තුති බන්
    අන්තිමට පට්ට ආ
    යකෝ දැන් ඇවිදින්නෝ පරිණාමය වෙන්න අරගෙන
    ආයේ ඇවිදින්නො එක්ක සටන් ටිකක් තියෙන පාටයි :D

    1. උදයංග සම්පත් හතරසිංහ

      හහා.. කොහොමද මචං ඒක..? :D දැන් තමා සීන් එක පටන් ගන්න හදන්නෙ.. ආයෙ මුල් සීසන් දෙක තුන වගේ පට්ට සීන් ටිකක් බලාගන්න පුළුවන් වේවි වගේ.. :D

    2. Ishan

      මමනන් කියන්නෙ ඒ විෂ්පර්ස්ලා

    3. Kalum96

      උදවුවක් කරන්නකො යාලු

    4. Kalum96

      Walking dead season 8 වෙනකන් සීසන් ඔක්කොම බැලුවා..සීසන් 9 එකේ එපිසෝඩ් කීයක් තියෙනවද මේ වෙනකොට..කොහෙන්ද ගන්න පුලුවන් ඒ එපිසෝඩ් ටික?..

    5. THISARU DILMINA

      index of the walking dead kiyla search krana bro

  14. Sanath Indika

    thx brooo

  15. JackJill

    HDTV or WEB eke awulak na coz meka TWD nisa namuth GOT eke sub eka uba karanna gathoth waradila hari next year ekeadi..pls HDTV & WEB copy dekatama hariyanna dapan, mokada eka GOT ..mechara kalayak meke sub dapu un anith un gana hithala kohomahari HDTV WEB dekatama hariyana sub damma.

    anyway thanks fr sub!

    1. විමා

      සාමාන්‍යයෙන් අපි සබ් කරන්න ගන්නේ මුලින්ම එන රිප් එකට එන ඉංග්‍රීසි සබ් එක අරගෙන
      එකෙ පාලනය අපෙන් තොරයි
      සුද්දෝ නෙට් එකට මුලින්ම දාන්නේ HDTV ද WEB ද කියල අපිට කලින් කියන්න බැහැ
      අපි ඔය ඉංග්‍රීසි සබ් හදන උන්ට කියාගෙන ගියොත් දැන් ඔයා අපිට කිව්වා වගේ

      "අපිට HDTV එකට මුලින්ම සබ් එක දෙන්න."
      එහෙමත් නැත්නම්
      "අපිට WEB එකට මුලින්ම සබ් එක දෙන්න" කියල
      උන් කියන්නේ
      "අපි මේක ෆ්‍රී දෙන එකක් මේක අපි දෙන කොපිය ගන්නවා නම් ගනින් නැත්නම් ඕන තරම් ලයිව් ස්ට්‍රීම් තියෙන්නේ සල්ලි ගෙවල ඒවා ගනින් උඹට ඕන ජාතියෙන් බලන්න පුළුවන්"

      මට ඔහොම කියල තියෙනවා addic7ed එකෙන් HDTV එකටම ඉල්ලන්න ගිහින්... අපේ වරද උඹලට එහෙම නොකියන එක වගේ පේන්නේ ගොට් එක නෙමේ මොක ආවත් බලන්නේ සබ් එකත් එක්ක නම් අවුරුදු දෙකක් මාස ගානක් දවස් ගානක් ඉවසනවා වගේ සබ් එක දෙනකම් ඉඳල කොපිය ඩව්න්ලෝඩ් කරන්න පුරුදු වෙයන් සබ් එක දෙන එකාව මරාගෙන කන්න හදන්නේ නැතුව. මචං.

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  17. Ayesh Prashan

    Thank You

  18. Kulanjana Maduranga

    subata thanks

  19. Ishan

    සබ් එකට ස්තූතී මචන්..
    කොහොම උනත් මමනන් හිතන් නෑ සොම්බිලා පරිණාමය වෙලා කියලා. අර මුලින් ගහට ඇලිලා කුණුවුන එකත් එක්ක බලද්දි ඒකනන් වෙන්න චාන්ස් අඩුයි.
    ඔය එන්නෙ විෂ්පර්ස්ලා වෙන්න ඕනේ

  20. sandha1218

    good job bro...keep it up...

  21. maduranga012

    Download krganna link ekak denna puluwan d

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  23. Shehan putha

    niyamai bro thanks...jaya wwwa !

  24. Navi1996

    බොහොම ස්තූතියි සහෝ..ජය වේවා...!

  25. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  26. saliyabandarasb

    elaa brooooo,, link ekak danna kenek reply ekak daanna plz

    1. Delon

      Webrip Complete Season ඩවුන්ලෝඩ් කරේ.මේක HDRip නේ. පුලුවන් නම් එකම රිප් එකට සබ් හදන්න. ස්තූතී

  27. suranuwan

    thanks bro...

  28. binari

    thanks

  29. onlytharindu

    thanks brother .. <3

  30. Viraj

    thanks bro..

  31. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  32. wajira

    thanks for sub

  33. HM Gayan

    THanks bro

  34. Hashanruchira7788

    Thanks bro.

  35. sasindu kavish

    උපසිරැසියට බොහොම ස්තූතියි

  36. Sajithlakshan

    thanks ...................

  37. Pramukmili

    Thanxxx bro..................