Watch Trailer

The World Wars [E03] | කිසි විටෙකත් යටත් වන්නේ නැහැ…[සිංහල උපසිරැසි සමඟ]

වර්ල්ඩ් වොර්ස් රූපවාහිනී වාර්තා කතා මාලාවේ තුන්වන වගේම අවසාන කොටස අරගෙනයි මේ ආවේ. පළමු කොටසින් පළමු ලෝක යුද්ධයේ ආරම්භයත්, එහි අවසානයත්, එයට හේතු වූ පසුබිමත්, හේතු වූ පුද්ගලයින් පිළිබඳවත් මැනවින් විග්‍රහ කෙරෙනවා. ඒ වගේම දෙවන කොටසින් ඔයාලා දකින්න ඇති, හිට්ලර්ගේ යළි නැඟී සිටීම හා ලෝක ආධිපත්‍යය තමන් සත…

The World Wars epi 3වර්ල්ඩ් වොර්ස් රූපවාහිනී වාර්තා කතා මාලාවේ තුන්වන වගේම අවසාන කොටස අරගෙනයි මේ ආවේ. පළමු කොටසින් පළමු ලෝක යුද්ධයේ ආරම්භයත්, එහි අවසානයත්, එයට හේතු වූ පසුබිමත්, හේතු වූ පුද්ගලයින් පිළිබඳවත් මැනවින් විග්‍රහ කෙරෙනවා. ඒ වගේම දෙවන කොටසින් ඔයාලා දකින්න ඇති, හිට්ලර්ගේ යළි නැඟී සිටීම හා ලෝක ආධිපත්‍යය තමන් සතු කරගැනීම උදෙසා අක්ෂීය බලයන් හා එක්ව මිත්‍ර පාක්ෂිකයින්ට එරෙහිව යුරෝපය අල්ලාගන්නා ආකාරය. යුරෝපය අල්ලා ගැනීමෙන් අනතුරුව හිට්ලර්ගේ මාන්නය හේතුකොට ඔහුගේ සහ ලෝකයේ අනාගතය වෙනස් වන ආකාරය තුන්වන කොටසින් ඔයාලට දැකගන්න පුළුවන්.

මේ කොටස ආරම්භ වන්නේ ජපානය පර්ල් වරායට බෝම්බ දැමීමෙන් අනතුරුව සිදුවන සිදුවීම් පාදක කොටගෙන. පර්ල් වරායට බෝම්බ දැමීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ජපානයේ අවධානය ඊලඟට යොමු වන්නේ මිඩ්වේ දූපත් වලට. නමුත් ඇමරිකානු මැදිහත්වීමෙන් මිඩ්වේ දූපත් වලදී ජපානය අන්ත පරාජයක් ලබනවා. මේ අතර හිට්ලර් සෝවියට් දේශයේ පාලක ස්ටාලින්ගේ සහය ඇතිව යුරෝපය තමන් සතු කරගත්තත්, බල තණ්හාව හා මාන්නය හේතුවෙන් රුසියාව ආක්‍රමණය කරනවා. මිලියන ගණනක් වූ සොල්දාදුවන් සිවිල් වැසියන් ඝාතනය කරමින් තමන්ගේ හුදු අභිප්‍රායන් සාක්ෂාත් කරගැනීම උදෙසා හිට්ලර්, ස්ටාලින්, මුසොලීනි ඒ වගේම හිඩෙකි ටෝජෝ වැනි ක්‍රෑර පාලකයින් ලෝකය වෙනස් කරන ආකාරය සිදුවීම් එකිනෙක පෙළගසමින් මැනවින් විග්‍රහ කෙරෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය එක්ව හිට්ලර්ගේ පාලනයට එරෙහි වන හැටි, ඒ අතර ශ්‍රේෂ්ට වීරයන් ක්‍රෑර පාලකයන්ට එරෙහිව යුද්ධය වෙනුවෙන් දිවි පුදන හැටි, යුද්ධය අහවර කිරීම උදෙසා සිදු කෙරෙන පරමාණු බෝම්බ හෙලීම දක්වා වසර 31 ක කාලයක් පුරාවට ඇදෙන යුද්ධයේ අවසන් අදියර මේ ලෙස සිංහල උපසිරසි ගන්වා ඔයාලා වෙනුවෙන් මම අරගෙන ආවා.

කතා මාලාව අවසන් වන මේ වෙලාවේ මම ස්තූතිවන්ත වෙනවා නැවතත් මෙවැනි වටිනා කතා මාලාවකට උපසිරසි ගැන්වීමට මට අවස්ථාව ලබාදුන් හසන්ත අයියාට. ඒ වගේම පළමු කොටසේ සිටම අදහස් දැක්වූ සහෝදර ඔයාලා හැමෝටමත් මගේ ස්තූතිය. එහෙනම් තවත් වටිනා දෙයක් එක්ක නැවත හමුවෙමු. සියලු දෙනාටම ජයම වේවා….!

ලෝක යුද්ධයන් කියන්නේ, එක පරම්පරාවක මිනිසුන්, මුළු මිනිස් සංහතියේම දෛවය තීරණය කළ යුගයක්.

The World Wars (2014) on IMDb

 

 

455 MB කොපිය මෙතනින් බාගන්න

8432f7af0bb2dbd1baeacebe518e16538808eda6

1.7 GB කොපිය මෙතනින් බාගන්න

44d9dd7ce33e0b4ad4ef971924f9237d79367a71 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,299 downloadsDownload The.WorldWars.E03.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,299 downloadsDownload Subtitles84 KB

30 comments

  1. Jagath

    thanks saho.

  2. shani

    thanks

  3. dedunu

    බොහොම ස්තුතියි සහො :P ජය

  4. dila

    ela

  5. Sisira Hegoda

    මෙවැනි වටිනා කතා මාලාවකට උපසිරසි ගැන්වීමට බොහොම ස්තුතියි

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  7. DDT

    දෙවැනි ලෝක යුද්ධය ගැන හදපු ෆිල්ම් බලන්න, ඒ ගැන ලියපු පොත් කියවන්න මමත් කැමතියි. ඒක මුළුමහත් මිනිස් සංහතියටම අඳුරු ඒ වගේම දුෂ්කරතාවයන් ගහන උනු කාලයක්. ඒ වගේම අද අපි අත්දකින තාක්‍ෂණයෙ සීඝ්‍ර දියුණුවටත් ලෝක යුද්ධය හේතුවුනු බවටත් අවිවාදිතයි. කෙසේ හෝ ලෝක යුද්ධ දෙකම සම්බන්ධ මෙවැනි කතාමාලාවක් සිංහල උපසිරැසි සමඟ ඉදිරිපත් කිරීම ගැන මේ අඩවියටත්, යශෝධ ඔබටත් ස්තූතියි.

  8. Chameera

    thanks bro

  9. Asiri

    mekanam supiri wedak. mama 3ma beluwa. hithata maara gemmak enawa mewa baladdi. pehedili denumak labenawa kawadawath nolabapu. pin saho.....

  10. Kulanjana Maduranga

    niyamai.subata thanks YASHODA saho..........jaya wewa............

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ මේ කරපු වටිනා වැඩේට..
    කලින් කොටස් දෙකම බැලුවා..
    මේ ලෝක යුද්ධයන් ගැන නොදන්න දේවල් ගොඩාරියක් ඉගෙන ගත්තා...
    මේක බලද්දීදියි තේරුනේ අපි මොනවද දැනන් හිටියේ කියලා මේ ගැන..
    එහනම් බොහොම ස්තුතියි මේ කතා මාලාවම අපිට සිංහලෙන් අරගෙන ආවට..
    තවත් අරගෙන එම්මු මේ වගේ වටිනා වැඩසටහන්..
    ජය වේවා..

  12. Viraj

    thanks machan

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    ස්තූතියි මේ වගේ වටිනා නිර්මාණයකට උපසිරසි ගෙන අවාට
    උපසිරැසියට තුති…… :)

  14. “චූටී මල්ලි”

    ආයිත් නම් එහෙම එකක්
    ඇතිවෙන්න එපා නේ
    එල, මේක ඉවර කලාට තුති
    සබට තුති
    ඔබට ජය........

  15. වරුණ රංගජිත් (වරූ)

    thanks sahoooo
    thankssssssssssss.............
    jaya wewa...!!!!!!!!!!!!!!!

  16. Nishshanka ruwan

    ස්තුතියි :)

  17. harsha

    ඔන්න ගත්තා ස්තූතියි

  18. chandima

    එළ නියම කතාවක් සහෝ සුභපැතුම්..... තවත් මේ වගේම කතාවක් ලගදිම ඕන ඔබට ජය...

  19. viraj

    me wage watina kathawakte sub dunnate ubete pin aiiya onne ehenam apith ba gaththa

  20. shashi

    Best work on this site, ස්තූතියි සහෝ

  21. රොයිලි

    බොහොමත්ම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න කලිනුත් කිව්වා වගේ තුනම එක පාරම බලන්න ගන්නවා. කියලා තියෙන විදියට මේක නම් තවත් නොබලා ඉන්නෙ නෑ. තවත් සුපිරිම කතා මාලාවක් තියෙනවා දෙවන ලෝක යුද්ධය ගැන සෑහෙන විස්තර තියෙන. උනන්දුවක් එහෙම තියේද? ජය෴෴ :P :P

  22. Isu DP

    Niyamai Watina Wadak Sahoo Oya Kale....
    Keep It Up....
    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  23. Nishshanka Ruwan

    ස්තූතියි :)

  24. කේ.යූ.ජී. උදාර

    අද තමයි මං මේ සීරිස් එක බලල ඉවර කළේ. මේ වගේ වැඩකට අත ගහල ඒක සහමුලින් ම අහවර කරපු එකට මං මුලින් ම යශෝධට ස්තූති කරන්න කැමතියි. ඒ වගේම මේ සීරිස් එක ගැන මට දැනුණු දේ කියන්නත් මං මේක අවස්ථාවක් කරගන්න කැමතියි.
    මං දන්නව මේක බලපු ඕන කෙනෙකුට මේක බොහොම සාර්ථක නිර්මාණයක් විදිහට දැනෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙක බොහොම දැනෙන සුළු විදිහට මේ තුළ ප්‍රතිනිර්මාණය කරල තියෙන බව මාත් පිළිගන්නවා. ඒත් මේකෙ තියෙන අවුල නම් වෙනද වගේම අමෙරිකානු සහ බටහිර හිතවාදි පිළිවෙතට අනුව යමින් ම මේ නිර්මාණය කිරීමයි. කොහොමටත් අමෙරිකානු රූපවාහිනි කේබල් නාලිකාවක් වන හිස්ට්‍රි නාලිකාවෙන් අපිට මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැරි බවත් අපි තේරුම් ගන්න ඕනෙ. මේ කතා මාලාවට අනුව ස්ටාලින් කියන්නෙ තවත් එක හිට්ලර් කෙනෙක් හෝ ඊටත් එහා ගිය කෙනෙක් පමණයි. ඒ වගේම යුධ වීරයෝ ඉන්නෙත් අමෙරිකාවේ විතරයි. කොටින් ම මේ කතා මාලාවට අනුව ලෝක යුද්ධ අවසන් කිරීමේ සැබෑ උරුමය හිමිවෙන්නෙත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේගයන්ටයි. මෙවැනි තත්ත්වයක් තුළ මං දකින්නෙ මේ කතා මාලාව තවත් එක අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘතියක ම එක කොටසක් විදිහට යි. අනවශ්‍ය විදිහේ අන්තවාදයකට කො‍ටුවීමෙන් මෙහි රඳවා ගත යුතුව තිබූ සමබර බව ගිලිහී යාමෙන් කතා මාලාවේ තිබිය යුතු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති අයුරක් පැහැදිලිව ම දකින්න පුළුවන් බව අවසන් වශයෙන් කියන්න කැමතියි.............

  25. Amil

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
    සහෝ මේ කරපු වටිනා වැඩේට..
    කලින් කොටස් දෙකම බැලුවා..
    ජයවේවා!!

  26. anuska

    thanks saho.. mee 3nama paatta....

  27. Mithudam

    Mama hamootama aaradana karanava meke part 3 ma balanna kiyala. Sub deepu okkotama godak thanks

  28. L.Manjula

    :)

  29. naveen

    qanith sub tika nane
    e4 e5

  30. Viraj077

    Aiye mata meka download karanna bane danna kenek kiyannako plz