Watch Trailer

The World Wars [E02] | නැඟී එන තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ වර්ල්ඩ් වෝර්ස් කෙටි රූපවාහිනී වාර්තා කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසෙන් ඔයාලා දකින්න ඇති හිට්ලර්, චර්චිල්, පැට්න්, මැක්ආතර් ආදී ඉදිරිපෙළ සටන් කළ හමුදා නිළධාරීන් මෙන්ම රූස්වෙල්ට්, වුඩ්රෝ, ආදී දේශපාලන නායකයන් ඒ වගේම ලෙනින්, ස්ටාලින් සහ මුසොලීනි ආදී විප්ලවවාදීන් පළමු ලෝක යුධ සමය තුළ ත…

The World Wars epi 2

මේ අරගෙන එන්නේ වර්ල්ඩ් වෝර්ස් කෙටි රූපවාහිනී වාර්තා කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසෙන් ඔයාලා දකින්න ඇති හිට්ලර්, චර්චිල්, පැට්න්, මැක්ආතර් ආදී ඉදිරිපෙළ සටන් කළ හමුදා නිළධාරීන් මෙන්ම රූස්වෙල්ට්, වුඩ්රෝ, ආදී දේශපාලන නායකයන් ඒ වගේම ලෙනින්, ස්ටාලින් සහ මුසොලීනි ආදී විප්ලවවාදීන් පළමු ලෝක යුධ සමය තුළ තමන්ගේ භූමිකාව රඟ දැක්වූ ආකාරය. ඒ වගේම පළමු ලෝක යුද්ධයට පදනම් වූ හේතූන්, එහි අවසානය සිදුවන ආකාරය, වර්සායිල් ගිවිසුම ජර්මානු ජනතාවට බලපෑ ආකාරය, හිට්ලර්ගේ යළි නැඟී සිටීම ආදී විශේෂ සිදුවීම් මගින් ලෝක පාලනය වෙනස් වන ආකාරය ගැන අවබෝධයක් ඔයාලා අනිවාර්යෙන්ම ලබාගන්න ඇති.

මේ දෙවන කොටසෙන් ගෙනහැර දක්වන්නේ, මුසොලීනිව ආදර්ශයට ගනිමින් විප්ලවයක් කරා ජර්මානු ජනතාව නාසි බලය මගින් මෙහෙයවමින් යුරෝපය ආක්‍රමණය කරන ඇඩොල්ෆ් හිට්ලර්ගේ යළි නැඟී සිටීම. පළමු ලෝක යුද්ධයේදී ඉදිරි පෙළ සටන් කළ සාමාන්‍යය සෙබලෙකුව සිට දෙවන ලෝක යුද්ධයක් ආරම්භ කරන මට්ටමට හිට්ලර් පත්වන්නේ ඇයි? ජර්මානු ජනතාවගේ ආඥාදායකයා බවට ඔහු පත්වන්නේ කොහොමද? යනාදී කරුණු මූලික කරගනිමින්, බටහිරින් ප්‍රංශය ඇතුලු යුරෝපයද පෙරදිගින් රුසියාවද තමන්ගේ ආක්‍රමණයට ලක්කරගනිමින් තමන් පරාජය කළ නොහැකි පුද්ගලයෙක් බවට ලොවට ප්‍රත්‍යක්ෂ කරන්න හිට්ලර් සමත් වන්නේ කොහොමද යන කරුණු මැනවින් විග්‍රහ කෙරෙනවා. ඒ සමඟම ඔහුට සහයෝගය ලබාදෙන නායකයින්, ඔහුගේ නාසී බලයට එරෙහිව බියක් නොදක්වමින් ක්‍රියාත්මක වෙන නායකයින් ගැන මූලික අදහසක් මේ කොටස තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම වර්සායිල් ගිවිසුම සකස් කිරීමේදී නොසලකා හැරෙන ජපානය, තමන්ගේම අධිරාජ්‍යයක් ගොඩනැඟීමට අර අදින අතරේ ඔවුන්ට හා ඇමරිකා එක්සත් ජනපදයට දෙවන ලෝක යුද්ධයට මැදිහත් වන්නට සිදුවන්නේ කුමන හේතුවක් නිසාද යන්නත් ඔයාලට දැනගන්න පුළුවන්. පළමු කොටස වගේම මේ කොටසත් පැය එකහමාරකට ආසන්න කාලයක් ගලාගෙන යනවා. හැකි උපරිමයෙන් මේ කතා මාලාවේ රසය සිංහලෙන් ඔයාලට අරන් එන්න මම උත්සහ දැරුවා. එහෙනම් ඔයාලගේ අදහස් දක්වන්න වෙනදා වගේම. අවසාන කොටසෙන් හමුවෙමු. ජයම වේවා…!

The World Wars (2014) on IMDb

 

 

380 MB කොපිය මෙතනින් බාගන්න

2c7c1b978f9b2a8a6b0de77d4ff13e1aa8ea6121

1.7 GB කොපිය මෙතනින් බාගන්න

d38e1ca69026beadd9002686b769abc71e81aa50 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,277 downloadsDownload TheWorld.Wars_.E02.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,277 downloadsDownload Subtitles89 KB

35 comments

  1. dedunu

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
    ජයවේවා!!

    1. gunasekara

      wachanayen kiyanna baritaram watinawa...obata godak thanks....

  2. Kulanjana Maduranga

    niyamai ahhhhhhhhhhh...subata thanks YASHDA saho.jayen jaya…………

  3. තිසර නියෝ (Thisara Buddhika)

    බොහොම ස්තූතියි මේ වගේ වටිනා නිර්මාණයකට උපසිරසි ගෙන ආවාට

  4. Sisira Hegoda

    Thanks.

  5. Lahiru

    niyama wadak thanks !

  6. Ravi

    Thanks saho!!!

  7. කේ.යූ.ජී. උදාර

    නියමයි යශෝධ.............
    අන්තිම එකත් ඉක්මනට ම ගෙනෙන්.
    මේ වැඩේට බොහොම ස්තූතියි.

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...................

  9. jayanandana

    ස්තුතියි මචන්, මේ වගේ කතාවක් අපිට දුන්නට,, ඉතුරුවත් දෙනකන් බලාගෙන ඉන්නෙ.

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි යශෝධ සහෝ..කලින් කොටහ ගත්තා..
    ඒත් බලන්න නම් උනේ නැහැ, කවුද දන්නේ මෙච්චර ඉක්මනට දෙයි කියලා..
    ඔන්න එහෙම නම් මේකත් දැන් ගන්නවා..
    දෙකම ඒක සැරේ බලන්න ඕනේ කලින් ගෙදෙට්ට ඇවිල්ල වත්..
    තැන්ක්ස් උපසිරිස්ය්ට...
    ජය..

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යශෝධ සහො :P ජය

  12. නලින්

    ස්තුතියි ශ්‍රීමාල් සහෝ!

    ජය වේවා!

  13. gayan

    thanks bro... documentary vitharai den asawen balanne.

  14. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
    ජයවේවා!!

  15. harsha

    මේවානම් මාරම මරයි සහෝ. මම හිතන් හිටියේ මම ලෝක යුද්ද 2 ගැන දන්නවා කියලා. බලාගෙන ගියහම මම මුකුත් දැන ගෙන ඉඳලා නෑ. මචෝ හැකි ඉක්මනින් ඊලඟ කොටස ඔන. ජයවේවා මෙන්න ගත්තා

  16. shashi

    Thanks MALLI.. palaveni eka baluva .. eka niyamay.. deveni eka danakam balan hitiye..

    THANKS and PIN&gt;&gt;&gt;

  17. shani

    thanks

  18. chandanalal

    niyama wedak malli..................

  19. Nishshanka Ruwan

    ස්තුතියි :)

  20. ajantha

    hoda hoda ohoma yan

  21. dinidu madushanka

    ela ela saho jaya wewa

  22. Shan

    Godak sthuthi Bro
    Gud Luk!!!!!!!!!!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. තාම පළවෙනි එක බැලුවෙත් නෑ. තුනම දුන්නම එකපාරම බලනවා. ජය෴෴ :P :P

  24. nuwan

    thank you very much...........!

  25. jlchanaka

    Machan meke part 3 akath danawada

  26. නුවන්

    බොහොම ස්තුතියි සහෝ..... :)

  27. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    Watina Katha Malawak...
    Jaya Wewa !!! :-) :-P

  28. Nishshanka Ruwan

    ස්තූතියි :)

  29. praveen

    The Men Who Built America me mini sirus ekath sub onee

  30. Akila

    thnz machoo api world wars gana danan hitiye bohoma podi deyai bt dn eka hoda mattamaka thyanawa :-)

  31. Amil

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
    ජයවේවා!!

  32. Mithudam

    Mama hamootama aaradana karanava meke part 3 ma balanna kiyala. Sub deepu okkotama godak thanks

  33. Rajitha

    bohoma stuthi obata

  34. වරුණ නිරෝෂණ

    niyama documentriyak mekanam... thanks machan