ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් 🙁 ඒත් රුසෝ බ්‍රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ 😛 මිට කලින් හසන්ත අයිය හෝව්ක් […]

ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් 🙁 ඒත් රුසෝ බ්‍රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ 😛 මිට කලින් හසන්ත අයිය හෝව්ක් සහ ඩොව් ගැන දීපු විස්තරයක් ආයෙමත් පලකරනවා. මොකද අද කතාවේ නම හෝව්ක් සහ ඩොව්. අද කතාංගයට මේ මොහොත වෙනකොට නම් IMDB 9.1ක අගයක් ලැබිලා තියෙනව. ඒ වගේම අද කතාව නිලුපුල්ට තමා කරන්න තිබ්බේ ඒත් මිනිහා තිබ්බ ලොකු පොල්ලක්. ඒ නිසා ආයෙත් DC පිලේ දෑත් සවිමත් කිරීම වෙනුවෙන් උපසිරැසිය අරගෙන ආව.
කවුද මේ Hawk and Dove කියන්නේ?
සුපිරි වීරයින්ගේ කැටගරිය යටතේ ඇමරිකානු කොමික් චිත්‍රකතා පොත්වල හොදම සාර්ථකත්වයක් ලබාගත්ත “Silver Age of Comic Books” කියන අනුවර්ත නාමයෙන් හදුන්වන කාලෙක නිර්මාණය වුනු චරිත දෙකක් තමයි මේ හෝව්ක් හා ඩොව් කියන්නේ. Steve Ditko හා Steve Skeates දෙදෙනාගේ අදහස මත තමයි මේ අපුරු චරිත දෙක නිර්මාණය වෙන්නේ. මේ විදිහට චරිත බිහි වීමෙන් අනතුරුව මුල්ම වතාවට 1968 ජූනි මාසේ Showcase #75 කොමික් චිත්‍රකතා වලින් තමයි මේ දෙන්නව දකින්න ලැබුනේ. මේ විදිහට නිර්මාණය වුනු මේ චරිත Teen Titans, Birds of Prey, වගේම Brightest Day වගේ කොමික් චිත්‍රකතා වලින් දකින්න ලැබිලා තියෙනවා. මෑත කාලේදී හෝව්ක් හා ඩොව් කිව්වම ගැහැණු හා පිරිමි චරිතයක් තිබුනත් මුල් කාලේදී මුලින්ම ඒ කිව්වේ ඔරිජිනලි දකින්න ලැබුනේ තාරුණ්‍යයෙ පසුවෙන යුධකාමී සහෝදරයෝ දෙන්නෙක්ව. හෑන්ක් හෝල් නොහොත් Hawk (හෝව්ක්) කියන්නේ එක් චරිතයක්. ඩොන් හෝල් නොහොත් ඩොව් කියන්නේ අනික් චරිතේ. මේ විදිහට ඔරිජිනලි සහෝදරයෝ දෙන්නෙක්ගෙන් පටන් ගත්ත චරිත දෙකෙන් ඩොව් විදිහට තරුණ වියෙ පසුවෙන ගෑනු කෙනෙක් විදිහටත් දකින්න ලැබෙනවා. Silver and Bronze Age, Modern Age වගේ ප්‍රකාශනයන් යටතේ බිහිවුණු කොමික් චිත්‍රකතා පොත් එක්කම ක්‍රමයෙන් මේ චරිත වෙනස් වෙලා තියෙන්නේ. එදා මෙදා කාලේ අතරතුර මේ දෙන්නගේ නොයෙකුත් සංස්කරණ, විවිධ කොමික් චිත්‍රකතා යටතේ බිහිවෙලා තියෙනවා.

ඉතිං අද කතාව පටන් ගන්නේ මෙන්න මේ කලින්ම කියපු ඔර්ජිනල් හෝව්ක් සහ ඩොව්ගේ කතාවෙන්.. ඒ වගේම මතක ඇතිනේ දැන් තමන් කවුද කියල හරියටම දන්නේ නැතුව ඉන්න කෙනා ඇත්තටම කවුද කියල අපිට දැනගන්න ලැබෙනවා. එහෙනම් ඉතිං ඔන්න කතාව ඔයාලට බාරයි. අද ලිපියට දාපු සිංහල නම අවුල් වගේ නම් DC බහුශ්‍රැතයින්ගෙන් යටහත් පත්ව ක්‍ෂමාව අයදිනවා. අපි මාවල් අඩු කුලේ මිනිස්සු. පස්සේ තර්ජන එන්න පුළුවන් ෆ්බ් ගෘප් වලින්. එන්න කලින්ම කියන එක ලේසියි නොවැ. එහෙනම් අපි ගියා 😀

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,772 downloadsDownload Titans.2018.S01E09.Hank_.and_.Dawn_.-1.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
52 comments
Sanjeewa2010
Stranger
thanks
dsdkavishka
Thenks for sub
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි විමා අයියේ සබ් එකට. ජය වේවා...!!
Subhash13
එලම විමා
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති විමා උපසිරසට..ඕම ගිහින් මාර්වල් අමතකම වෙයි වගේ නෙහ්..
Ishan Madusha
ස්තූතියි සහෝ
darshana100
thanks saho
Madhushanka
Thanks
Ayesh Prashan
Thank You.. Super
100
Sub eakata thanks
Lakshan
Thanks Bro.
Supunkb
සබට තෑන්ක්ස් සහෝ.........
futureomega
Ayyo kasanawane.. me Marvel la DC koranna hadanawane.. k.k. awulk na.. okkoma apitane. thanks bro.
Hail DC :)
Nadeesha rox alahakoon
Tnx bro.meke suba anakan balan hitiye.mechchra ikmanata dunna akata tnx bro
Nadeesha rox alahakoon
Tnx bro.meke suba anakan balan hitiye.mechchra ikmanata dunna akata tnx bro.elm
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnike_11
Thx brother
madawaththa
Thanks broh..
toonmo
thx bro,
imalka anjana
Thnkz bro❤️
gayan215
bohoma sthuthi saho....
Mr.pamz
thank you
SHEHAN350
dc kali monavada marvel akka baluvama
Kanchana
Thanx sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uvindu Dilshan
Sub ekata thankx bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!RKO
Thanks bro
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Navod Hansajith Fonseka
ela.thanks
KasunNK
Thnks brother..
Gathsara Umesh
බොහෝම ස්තූතියි විමා අයියේ...
සබ් එකට වගෙම ලිපියටත්..Gayan_madushanka_
Thanks bro
Thilina Chamara
Thank you
Kingdomd
Thanks you bro
Kulanjana Maduranga
subata thanks saho
Nilush Angana
Sub ekata thanx
Deshani
thank you
Shehan putha
තුති සහෝ...ජය වෙිවා !
Viraj
thanks....
chamidu1234
Thanks for your sub
D.Chamara
bohoma sthuthi sahooo
Sajithlakshan
thanks .................
priyan99
thanks saho
SANJEEWA AMILA
EIA ela.....
podda
thanks mcn
MAALnath
Thanks ..................good luck .................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnxxxxxxxxx.....