Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S02 : E11] Sinhala Subtitles | ජාතියේ නිධානය! [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ, මේක ඇරෙන්න තව කොටස් දෙකක් ගියාම, දෙවනි සීසන් එකත් ඉවරයි. ඉතින් පමා නොවී අදත් පසුගිය කොටස මතක් කරගනිමු. පසුගිය කොටසින්… ෂෙරිෆ් නින්දෙන් ඇවිදලා මාලිගාවෙන් පිටවුනු වෙලාවේ, ජෝන් කුමාරයාගේ විශේෂ රාජදූතයා මාලිගාවට එනවා. ෂෙරිෆ් මාලිගාවේ නැති නිසා, එයාලගේ ගිවිසුම අනුව නොටින්හැම් විනාස කරන්න ම…

ඔන්න යාළුවනේ, මේක ඇරෙන්න තව කොටස් දෙකක් ගියාම, දෙවනි සීසන් එකත් ඉවරයි. ඉතින් පමා නොවී අදත් පසුගිය කොටස මතක් කරගනිමු.

පසුගිය කොටසින්…

ෂෙරිෆ් නින්දෙන් ඇවිදලා මාලිගාවෙන් පිටවුනු වෙලාවේ, ජෝන් කුමාරයාගේ විශේෂ රාජදූතයා මාලිගාවට එනවා. ෂෙරිෆ් මාලිගාවේ නැති නිසා, එයාලගේ ගිවිසුම අනුව නොටින්හැම් විනාස කරන්න මේ දූතයා කටයුතු සූදානම් කරනවා. ඉර බහිනකොට හමුදා ඇවිත්, නොටින්හැම් විනාස කරන නිසා, ගිස්බන් රොබින්ගෙත් උදව් ඉල්ලන්න වෙනවා, ෂෙරිෆ්ව හොයන්න. ඉතින් මේ අතරේ, ෂෙරිෆ් රොබින්ගේ කඳවුර හොයාගෙන ගිහින්, ජැක්වයි, ලිට්ල් ජෝන්වයි රවට්ටලා නොටින්හැම් හි ශ්‍රේෂ්ඨ ගිවිසුම ගන්නවා. නොටින්හැම් අතඇරලා පැනගන්න හිතන ගිස්බන්, අවසාන මොහොතේ ආපහු මැරියන් වෙනුවෙන් නවතිනවා. හැමෝම මැරෙන්න වුනත් සූදානමින් සටන් කරන්න හදනකොටයි, රොබින්ලා ෂෙරිෆ්ව මාලිගයට ගෙනත් දාන්නේ. අවසානයේදි ෂෙරිෆ් ගිවිසුම ගත්තා කියලා හිතලා ඒක හෙව්වට, රොබින් ඒක ඒ වෙනකොටත් ෂෙරිෆ්ගෙන් හොරාගෙන ඇවිත්, කඳවුරේ පරිස්සමින් තැන්පත් කරලා ඉවරයි.

මෙවර කොටසින්…

ෂෙරිෆ්ගේ වැඩ පටන් ගන්න දැන් වෙලාව ඇවිත් නිසා, ගිස්බන් කුලී හමුදාවක් ගෙන්නනවා. මේ කුලී හමුදාව ලොක්ස්ලි ගමේ නැවතිලා ඉන්න නිසා, ගම්මුන්ට ගම අතඇරලා යන්න වෙලා තියෙන්නේ. ගම්මුන්ට කෑම ඕනි නිසා, මැරියන් රොබින් එක්ක ගිස්බන්ගේ හමුදාවේ ආහාර ගබඩාව කඩන්න එන්නයි හදන්නේ. ඒත් ඒ අතරෙදි, රජුගේ ආරක්ෂක සෙබලෙක් වන ලෙග්‍රාන්ඩ්, රොබින්ට පණිවුඩයක් ගේනවා. මේ චිත්‍රයක් විදියට එවලා තියෙන පණිවුඩය, හිතලා විසඳාගන්න ඕනි එකක්. මේකෙන් “ජාතියේ නිධානය” ලැබෙනවා කියලයි පණිවුඩකරුවොත් දන්නේ. ඉතින් මේ ප්‍රහේලිකාව ඉක්මනින් විසඳාගන්න ඕනි නිසා, රොබින්ට මැරියන්ගේ වැඩේට යන්න ලැබෙන්නේ නෑ. ඒත් මැරියන් කොයි වගේ කෙනෙක්ද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මැරියන් රොබින් එනකම් වැඩේට අත නොගහා ඉඳියිද, රොබින්ලාට ජාතියේ නිධානය හොයාගන්න ලැබෙයිද කියලා ඔයාලා බලන්නකෝ. ඊළඟ කොටස අරන් එනකම්, ඔයාලා හැමෝටම සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,673 downloadsDownload BBC.Robin_.Hood_.S02.E11.Baiscopelk.com_.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,673 downloadsDownload Subtitles20 KB

16 comments

  1. ak

    Thanks.

  2. dilan-dilruk

    Thanks

  3. Chanaka

    Niyamai a supiri

  4. Sudantha92

    thnks machan puluwannam thawa tikak kalin sub eka daapanko ubata pin ban plzzzz

  5. බොබී

    මම සබ් හැදුවට පස්සේ, බයිස්කෝප් ඇඩ්මින්ලත් html කෝඩ් ගහලා එයාලගේ පේජ් එක සකස් කරලා පළ කරන්න එපායැ සහෝ. ඔන්න ඕකයි වෙලා යන්නේ. මම පුළුවන් ඉක්මනට සබ් එක එවන්න බලන්නම්කෝ.

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. DilanDilshan

    me mata meke torrent tikak ganna page ekak ikmanata kiyannako sho.download wenne nane.

  8. madhu bhagya

    tnz sub ekt

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. Lasantharathnasirirox

    බොබී tnx අනේ.....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. zeal

    Thanks boby...

  13. Kulanjana Maduranga

    subata thanks saho

  14. ravidu ishan

    tnx mchn sub ekata ...!!

  15. Lakshan MLS

    thanks

  16. Viraj

    Thanks