True Blood Sinhala Subtitles True Blood Season 03 පළමු සහ දෙවන කථා වාරයන් හරහා “බොන් ටොම්ප්ස්” නගරයේ අභිරහස් සහ වැම්පයර්වරුන්ගේ අඳුරු ලෝකය අපි අත් වින්දා. හැබැයි තුන්වන කථා වාරයට එද්දී කතාව අපි හිතනවට වඩා ගොඩක් දරුණු, වඩාත් සංකීර්ණ පැත්තකට හැරෙනවා. මේ පාර සූකීට මුහුණ දෙන්න වෙන්නේ වැම්පයර්වරුන්ට විත…

True Blood Sinhala Subtitles
True Blood Season 03
පළමු සහ දෙවන කථා වාරයන් හරහා “බොන් ටොම්ප්ස්” නගරයේ අභිරහස් සහ වැම්පයර්වරුන්ගේ අඳුරු ලෝකය අපි අත් වින්දා.
හැබැයි තුන්වන කථා වාරයට එද්දී කතාව අපි හිතනවට වඩා ගොඩක් දරුණු, වඩාත් සංකීර්ණ පැත්තකට හැරෙනවා.
මේ පාර සූකීට මුහුණ දෙන්න වෙන්නේ වැම්පයර්වරුන්ට විතරක් නෙවෙයි, ඊට වඩා ප්‍රචණ්ඩ අලුත් සතුරන් පිරිසකටයි.
දෙවැනි සීසන් එක අවසානයේ අපි දැක්කා බිල් (Bill), සූකී (Sookie) ට විවාහ යෝජනාවක් ගේන්න සූදානම් වෙනවා.
හැකී හැමෝම හිතුවේ දැන් සියල්ල සුභදායකයි කියලා. නමුත් එකපාරටම බිල්ව පැහැරගන්නවා! අන්න එතනින් තමයි තුන්වෙනි සීසන් එක පටන් ගන්නේ.
තමන්ගේ ආදරවන්තයා අතුරුදහන් වීමෙන් පීඩාවට පත්වුණු සූකී, ඔහුව හොයාගෙන යන ගමන ඇත්තටම භයානකයි.
මේ ගමනේදී ඇයට උදව් කරන්න එන්නේ ඇල්සීඩ් (Alcide) කියන වෘක මිනිසා (Werewolf). මේ සීසන් එකේ විශේෂත්වය තමයි, වැම්පයර්ලාට අමතරව වෘක මිනිසුන්ගේ ලෝකය ගැනත් අපිට පුළුල්ව දැකගන්න ලැබෙන එක.
මේ සීසන් එකේදී කතාවේ ගලායාම තවත් සංකීර්ණ වෙනවා. මිසිසිපි ප්‍රාන්තයේ වැම්පයර් රජු වන රසල් එජිංටන් (Russell Edgington) ගේ හඳුන්වාදීමත් එක්ක මුළු කතාවේම ස්වරූපය වෙනස් වෙනවා.
රසල් කියන්නේ අවුරුදු දහස් ගණනක් පරණ, ඉතාම බලවත් වගේම දරුණු වැම්පයර් කෙනෙක්. ඔහුගේ අරමුණ මනුෂ්‍යයන් යටත් කරගෙන වැම්පයර් පාලනයක් ලෝකය පුරා පතුරුවන එකයි.
ඒ වගේම අපේ එරික් නොර්ත්මන් (Eric Northman) ගේ අතීතය ගැනත් මේ කොටස් හරහා අපිට ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා.
එරික් සහ රසල් අතර තියෙන පරණ වෛරය මොකක්ද? බිල්ව පැහැරගත්තේ ඇයි?
සූකීගේ සැබෑ අනන්‍යතාවය (ඇය සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද?) කියන ප්‍රශ්න වලට උත්තර මේ සීසන් එකේදී හෙමින් හෙමින් දිගහැරෙනවා.
ආදරය, පළිගැනීම, රාජද්‍රෝහීකම් සහ ලේ වැගිරීම් පිරුණු මේ තුන්වෙනි සීසන් එක ඔයාලව අනිවාර්යයෙන්ම පුදුම කරවයි.
මනුෂ්‍යයන්ට වඩා දරුණු විදිහට හැසිරෙන අත්භූත ජීවීන් පිරිසක් මැද, සූකී තමන්ගේ ආදරය බේරගන්න කරන සටන ඇත්තටම කුතුහලයෙන් පිරුණු එකක්.
ඉතින්, වැඩි කතා නැතුව උපසිරසි අරගෙන කතාව බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
නැවත හමුවෙමු!
අවවාදයයි: මෙය 18+ වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන සහ භාෂා විලාසයන් අඩංගු කථා මාලාවකි.
True Blood S02 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
79 downloadsDownload True-Blood-S03E05-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
True Blood Season 3 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබට තෑන්ක්ස්