සුභ දවසක් වේවා! අද මුණගැහෙන්නේ තවත් අවසානයක් සමගින්. 2013 වසරේ මැයි මාසයේ 6 වැනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින්, මෑ මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයා ඔබව අළුත් ලොවකට ගෙන ගියා. ඒ තමයි අතීත ලෝකයේ ජිවත් වෙච්ච ප්‍රෞඩ ජන වර්ගයක් වුණ වයිකින්වරුන්ගේ ලෝකයට. පොඩි කාලෙ මිහිර පත්තරෙන් හෝ විජය පත්තරයෙන් වය…

සුභ දවසක් වේවා! අද මුණගැහෙන්නේ තවත් අවසානයක් සමගින්. 2013 වසරේ මැයි මාසයේ 6 වැනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින්, මෑ මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයා ඔබව අළුත් ලොවකට ගෙන ගියා. ඒ තමයි අතීත ලෝකයේ ජිවත් වෙච්ච ප්‍රෞඩ ජන වර්ගයක් වුණ වයිකින්වරුන්ගේ ලෝකයට. පොඩි කාලෙ මිහිර පත්තරෙන් හෝ විජය පත්තරයෙන් වයිකින්වරුන් ගැන ලිපි පෙළක් පළවුණා. අන්න ඒ ලිපි කියවපු කාලෙ ඉඳලම මම තදබල වයිකින් රසිකයෙක් වුණා.
එදා මෙදාතුර වයිකින් කතාව ඔබ වෙත අරගෙන එන්න මගෙ අනුබල සැපයුම වුණේ අවුරුදු ගණනාවකට කලින් කියවපු අන්න ඒ ලිපි පෙළ සහ වයිකින් සමග නිබඳව රැඳී දහසක පමණ ඉතාම සීමිත ඔන්ගොයින් රසික පිරිසත්, කමෙන්ට් මගින් දිරිමත් කිරීම් ලබාදුන් පනහකටත් අඩු නිරතුරුවම ප්‍රතිචාර දක්වපු කිහිප දෙනාත් බව බොහොම ගෞරවයෙන් මේ මොහොතෙ මතක් කරන්න ඕනා.
ඒ වගේම මා මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයාගෙන් පස්සෙ මම මේ කතා මාලාව කරගෙන එනකොට විටින් විට මට කතාව කරගෙන යන්න නොහැකි වෙච්ච කාල වකවානු තිබ්බා, ඒ කාල වකවානු හිදී මං වෙනුවෙන් සහයට පැමිණි, සීසන් 3 එකේ එපිසෝඩ් කිහිපයකට උපසිරසි ලබා දුන්නු ගයේෂා සත්සරණී සොයුරියවත්, හයවෙනි සීසන් එකේ මුල් කොටස් 10ම ඔබ වෙත රැගෙන ආව උදයංග සම්පත් සොයුරාවත්, කතාවේ අවසාන කතාංග 10ම එකවර නිකුත් වූ බැවින් ඒ සියල්ලම ඔබ වෙත හැකි ඉක්මනින් ගෙන ඒමට රංග ප්‍රසන්න, හසන්ත වික්‍රමරත්න, නිලුපුල් මධුකප්‍රිය, දිල්ශාන් සචින්ත, යුරාන් ධනුෂ්ක ඇතුළු පිරිස සහ නවොදනී තිලිණි සොයුරියත් මා සමගින් එකතු වුණා. ඉතිං ඒ අයවත් මේ මොහොතෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.
එහෙම නම් සාමාන්‍යය ගොවියෙක් ලෙසින් ජිවත් වුණ නමුත් සුවිසල් සිහිනයක් දැකපු රැග්නා ලොත්බ්‍රොක් සහ ඔහුටම සරිලන බිරිඳකව සිටි ලගතා නිසා ලෝක ඉතිහාසය සෑහෙන්න වෙනසකට ලක්වුණ කතාවේ ආරම්භය ඔබට මතක ඇතිනේ. යුධ ශක්තිය අතින් ඉතාම දුර්වල ත්තවයක සිටිය එංගලන්තයට අයිති භුමි ප්‍රදේශයේ රටවල් තමන්ගේ යුධ සහ නාවුක ශක්තිය ප්‍රභල කරගැනීමට උත්සුක වීම පිටුපස රැඳී තිබුනේ ස්කැන්ඩිනේවියානු රටවල් ආශ්‍රිතව ජිවත් වෙච්ච වයිකින්වරුන්ගෙන් ඔවුන් වෙත එල්ලවුණ තර්ජන. ඒ බලපෑම කෙතෙක්ද යත් අවසානයේදී ඔවුන් නැවතුනේ හිරු නොබසින අධිරාජ්‍යය බවට පත්වෙමින්. ඉතිං ඒ හා සබැඳි විස්තර රැගත් ලිපියක් වෙත ඔබට මෙතනින් යොමු වෙන්න පුළුවන්. ඒ සමගින්ම මම අවසාන වශයෙන් අද ඔබ වෙත වයිකින් කතාවේ සිංහල උපසිරසි රැගෙන එමින් ඔබ හට නිහඬ අවසානයක් හිමි කර දෙමින් ඔබෙන් සමුගන්නම්, වල්හාල්ලාවේදී මුණගැහෙමු!
ඇත්තටම දෙවියන් ඉන්නව කියල මම විස්වාස කරන්නෙ නැහැ.
මිනිසා තමයි තමන්ගේ ඉරණමේ ස්වාමියා වෙන්නෙ.
දෙවියො නෙමෙයි.
~ රැග්නා ලොත්බ්‍රොක් ~

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,965 downloadsDownload Vikings.S06E20.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
50 comments
Dilanka Maduwantha
යුරාන් ධනුක (දනුවා)
මාවත් මේ සුපිරි කතාමාලාවේ කොටස්කරුවෙක් කරගත්තට
ගොඩක් ස්තූතියි සහෝ !
ජය වේවා !Dewadithya
Thanks for sub!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් කතාමාලාවක අවසානය....
නැවත උපසිරැසියකින් හමු වෙමු...
ජය
tharidu16
ඔක්කම. දිලා නිසා අද පටන් බලන්න පටන් ගන්නවා අලුත් කොටස් 10. තෑන්ක්ස්. අපරාදේ ඉවර වෙනකොට නම් දුකයි
suranuwan
thanks bro.....
Anonymous
thnku baiscope team. for ur dedication.
Prasad wickramarathne
Thanx brother,s & sisters good job
Walhallawedi hamuwemuVishva
ස්තුති සහෝදරයා ජයවේවා
Supun Kaushalya
තෑන්ක්ස් මේ සීරීස් එකට සබ් කරපු හැම කෙනාටම
Shihan
Tnx methek sub dun semata...jaya wewa.
Rasindu V Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්....
Isuru Upendra
ගොඩක් ස්තූතියි.
Anonymous
thda yaluwe.tnx
madushan
thanks, sub akata...
Anonymous
මුල් සීසන් වල විමා අයියා සබ් දුන්නා පොඩි බලාපොරොත්තුවක් තිබ්බා අන්තිම එපියටත් අයියගෙම සබක් හම්බෙයි කියල.සබ් කරපු හැමෝටම තෑන්ක්ස්❤
chandika
thanks for the job Warrior Season 2 eka denne nadda bn....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Ruwan
Thank you so much for your great effort. I have watched all of seasons and enjoyed viking's history.
V G K Janith
මුල ඉදලා අවසානය දක්වාම මේ කතාව අප හට රසවත්ව නැරඹීමට , ඔබ සියලු දෙනා සැකසු උපසිරැසි ඉතා පිටුවහලක් උනා,
ඔබගේ වටිනා කාලය වැයකරමින් කල උපසිරැසි ගැන්වීමට මාගේ ප්‍රණාමය !
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම
වලහාල්ලාවේදු හමුවෙමු
Anonymous
ගොඩාක් ආසවෙන් බලපු කතාවක් . ඉවර උනාට පොඩි දුකකුත් තියෙනවා. මේකට සබ් දුන්න විමා අයියටත් අනිත් හැමෝටමත් ගොඩාක් ස්තූතියි
Anonymous
Thz brother
Anonymous
tnx sub walata. ediriyatath me wagema sub karanna. jaya wewa.
Shan
ඔක්කොම ඉවර වෙනකන් බලන්න පුලුවන් උනේ බයිස්කෝප් නිසා.ගොඩාක් ම ගොඩාක් ස්තූතියි ආදරෙයි සබ් දුන්න සියලු දෙනාට ජය වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
gayan215
bohoma sthuthi saho..
Jim Spillers
jaya wewaaaaaaaaaaaaaaaaaaa..
V G K Janith
මුල ඉදලා අවසානය දක්වාම මේ කතාව අප හට රසවත්ව නැරඹීමට , ඔබ සියලු දෙනා සැකසු උපසිරැසි ඉතා පිටුවහලක් උනා,
ඔබගේ වටිනා කාලය වැයකරමින් කල උපසිරැසි ගැන්වීමට මාගේ ප්‍රණාමය !
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම
වලහාලාවේදි හමුවෙමු
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Tharindu07
බොහොමත්ම ස්තූතියි මේ වෙනුවෙන් මහන්සි වූ සැමටම....!!!!!
tv malli
සිසන් 6ක් එකදිගට සබ් දුන්නට ස්තුතියි,,,උපසිරස දුන්නු නිසා තමා දිගටම බලන්න පුලුවන් උනේ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madhawa Maduwantha
Aiye vikings eke sub tika blueray walata sync karala dennako
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයම!
Duminda
Thanks brother...
DeviL
ස්තුතියි සහෝ සේරම බැලුවා. අද තමා ඉවර කරේ.
Rajitha
එල උපසිරසියට thanks
Janith
S01 sub wlta galapena video gnna link ekak dannako,baiscopedown eke link nane gnna...
Dulanjana Rajapaksha
Thanks මචං සබ් කරපු සේරටම උබලයි සබ් වලිං මුලු සීරිස් එකම බැලුවෙ .thanks again brothers..❤️
jayNP
Thank you.. keep it up good work.. :)
Anonymous
Thnks mchn sub wlata... mulu series ekama balanna loku haiyak una sub eka... 2013 idn kathwa iwr wenkalma sub denna dayaka unu hemotama ගොඩාක් ස්තුති... meet again valhalla ❤️
Gihan
මේ සීරිස් එකේ මුල ඉඳන්ම සිංහල උපසිරැසි දුන්න හැමෝට ම ගොඩාක් ස්තුතියි ....
මේ කරන වැඩ තව තවත් ඉදිරියට කරගෙන යන්න අවැසි ශක්තිය ධෛර්යය ලැබෙිවා...
ජය වේවා බයිස්කෝප් එකට.....
❤️Shehan Madumalka
Good job brothers
sadeepa
thanks brother.....................................
Dulara
Thanks series එකම බැලුවා ඔයාගෙ උදව්වෙන් ඉස්සරහටත් ඈරන් යන්න
Dsp
Thank u bro
Dineth Kanishka
මුල සිටම උපසිරැසි ලබාදුන් සියලු දෙනාට බොහොම ස්තුතියි.
Otis
thank you bro
Anonymous
Thank you all
h.buddhika
THANKS BBN SUPRIII,,,baiscope keep it up////
h.buddhika
df vallhalla
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

THANKS BRO....