Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles නොහිතපු විදිහට හිටිය ලොකු බාධකයක් අයින් වුණා. හැබැයි ඒ වෙනුවෙන් මස් කඩකාරයෙක් වෙන්නත් වුණා. මේ කවදා කරපු දේවල්ද? ඒත් කරන්න වෙනවා. එච්චරටම අසරණයි. කිව්වනේ කලිනුත්, දෙයියෝ ලොවෙත් මූට සැනසීමක් නම් දෙන්නෑ. එකෙක්ව පාරෙන් අයින් කරාට මෙන්න ඒ වෙනුවට එවලා ඒ වගේ…

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles නොහිතපු විදිහට හිටිය ලොකු බාධකයක් අයින් වුණා. හැබැයි ඒ වෙනුවෙන් මස් කඩකාරයෙක් වෙන්නත් වුණා. මේ කවදා කරපු දේවල්ද? ඒත් කරන්න වෙනවා. එච්චරටම අසරණයි. කිව්වනේ කලිනුත්, දෙයියෝ  ලොවෙත් මූට සැනසීමක් නම් දෙන්නෑ. එකෙක්ව පාරෙන් අයින් කරාට මෙන්න ඒ වෙනුවට එවලා ඒ වගේ දෙගුණයක් විතර අමාරුකාරයෙක්. ඒ අස්සේ මේ හැම කට්ටක්ම කන්නේ එයා වෙනුවෙන් කියලා දැනගෙනත් එයා කරගෙන තිබ්බ දේ.. මූ වගේ බූරුවෙක්.. මොහොතකට හිතුනා මේ හැමදේම එක මොහොතකින් ඉවරයක් කරලා දාන්න.. අම්මපා.. 2022 වසරේදි Netflix ඔස්සේ නිකුත් කරපු Yeh Kaali Kaali Ankhein කියන්නේ Crime|Thriller|Romance ඝනයට අයිති වෙන වෙබ්කතා මාලාවක්. Tahir Raj Basin, Swetha Tripathi, Anchal Singh, Gurmeet Choudhary කියන පිරිස රංගනයෙන් එකතු වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7ක අගයක් ලබාගන්නත් මේ කතාමාලාව මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. ඉතින් කොටස් 8ක් පුරාවට පළමු කතාසමය නරඹලා වසර 2කට ආසන්න කාලයක් ගත වෙද්දි කොටස් 6කින් යුක්ත දෙවන කතාසමයත් නිකුත් වෙලා තියෙනවා. අද මේ බලන්න යන්නේ දෙවන කතාසමයේ 3වන කොටස. ඉතින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

436 downloadsDownload Yeh-kaali-kaali-ankhein-s02e03.zip19 KB

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

436 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි උපසිරැසියට