Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 10 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම අපි Season 2 හි අව…
Solo Leveling Season 02 Sinhala Subtitles
සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 10 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම අපි Season 2 හි අවසානයට ටිකක් ළඟා වෙලයි ඉන්නෙ. ඉතින් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.
ජීවයේ අමෘතය හැබෑම අමෘතයක් බව තමන්ගේ අම්මාව සනීප කරගත්තු සන්ග් ජින්වූට දැනගන්න පුලුවන් වුනා. සදාකාලික නින්දේ අවුරුදු හතරක් හිටපු ඒ අම්මාගෙයි පුතාගෙයි හමුවීම Solo Leveling රසියකයින්ට හරිම හැඟීම් බර දෙයක් වුනා. සන්ග් ජින්වූගේ ඒ සියලු කැපකිරීම් වලට වටිනාකම ඒ විදිහට ලැබෙද්දී, රට තවත් කලබලයකට හසු වෙලයි තිබුනේ. ජේජු දූපතෙන් කූඹි මැජික් මෘගයො මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන එක විශාල ගැටලුවක් වෙලා තිබුනා. මේකට පිළියම විදිහට තවත් වැටලීමක් නිවේදනය කරමින් අසල්වැසි ජපානය සමඟ S නිලයේ හන්ටර්වරු එක්ක සහයෝගයෙන් මේ කරදරය අවසන් කරන්න හන්ටර්වරුන්ගේ සංගමයේ සභාපතිතුමා තීරණය කරනවා. ඉතින් මේක විශාල වැටලීමක්. S නිලයේ හන්ටර්වරු විශාල ප්‍රමාණයක් එකතු වෙන දරුණු ගණයේ එකක්. එතකොට සන්ග් ජින්වූ මේකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද? ජේජු දූපතේ වැටලීම කොයිබට හැරේවිද?
එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මුලින් කිව්වත් වගේ Season 2 හි අවසානයට අපි ළං වෙලයි ඉන්නේ. මීළඟට Solo Leveling: Arise from the Shadow හි අවසාන කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : We Need a Hero
Released Date : 2025.03.08
IMDB Rating : 8.9

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,542 downloadsDownload Solo-Leveling-S02-E10-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Hasindu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...