Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles පොරොන්දුවේ තරම දන්න නිසාම ඒක කඩාකප්පල් වෙන්න කරන්න පුළුවන් හැමදේම සිද්ධ කරා. ඒ හැමදේම වුණේ හීන් නූලෙන්. ඒත් ඉතින් දන්නවනේ, වාසනාව කවද්ද උගේ පැත්තේ තිබ්බේ. අන්තිම මොහොතේ හෝ හැමදේම කෙලවෙනවා. ඒකි නම් යක්ෂණියක්. ඒ වගේමයි පුදුම වාසනාවක් තියෙන්නෙත්. අන්තිමට ඇ…

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles පොරොන්දුවේ තරම දන්න නිසාම ඒක කඩාකප්පල් වෙන්න කරන්න පුළුවන් හැමදේම සිද්ධ කරා. ඒ හැමදේම වුණේ හීන් නූලෙන්. ඒත් ඉතින් දන්නවනේ, වාසනාව කවද්ද උගේ පැත්තේ තිබ්බේ. අන්තිම මොහොතේ හෝ හැමදේම කෙලවෙනවා. ඒකි නම් යක්ෂණියක්. ඒ වගේමයි පුදුම වාසනාවක් තියෙන්නෙත්. අන්තිමට ඇවිල්ලා නතර වුණේ උගේ අත් දෙක උඩමයි. දෙයියොත් එපා කියන දේම උඩ පැන පැන ඇවිත් අතටම දෙනවා. වෙන උදාහරණ මොකටද? මේ තියෙන්නේ.. 2022 වසරේදි Netflix ඔස්සේ නිකුත් කරපු Yeh Kaali Kaali Ankhein කියන්නේ Crime|Thriller|Romance ඝනයට අයිති වෙන වෙබ්කතා මාලාවක්. Tahir Raj Basin, Swetha Tripathi, Anchal Singh, Gurmeet Choudhary කියන පිරිස රංගනයෙන් එකතු වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7ක අගයක් ලබාගන්නත් මේ කතාමාලාව මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. ඉතින් කොටස් 8ක් පුරාවට පළමු කතාසමය නරඹලා වසර 2කට ආසන්න කාලයක් ගත වෙද්දි කොටස් 6කින් යුක්ත දෙවන කතාසමයත් නිකුත් වෙලා තියෙනවා. අද මේ බලන්න යන්නේ දෙවන කතාසමයේ 5වන කොටස. ඉතින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අවසන් කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

329 downloadsDownload Yeh-kaali-kaali-ankhein-s02e05.zip16 KB

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

329 downloadsDownload Subtitles16 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට