Sony Liv ඔස්සේ පසුගියදා විකාශය ආරම්භ වුනු අලුත්ම වෙබ් කතාමාලාව තමයි මේ A Simple Murder කියන්නේ. බ්ලැක් කොමඩි වලට ආස කට්ටිය මේ වෙද්දීත් කතාව එක්ක එකතු වෙලයි ඇත්තේ. මේ වෙද්දී කුතුහලයෙන් පිරුණු කොටස් 5ක්ම බලලා ඇතිනේ. අද අරන් එන්නේ 6වෙනි කොටස. ඒ වගේම කතාව හෙටින් ඉවරත් වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉම්මු කලි…

Sony Liv ඔස්සේ පසුගියදා විකාශය ආරම්භ වුනු අලුත්ම වෙබ් කතාමාලාව තමයි මේ A Simple Murder කියන්නේ. බ්ලැක් කොමඩි වලට ආස කට්ටිය මේ වෙද්දීත් කතාව එක්ක එකතු වෙලයි ඇත්තේ. මේ වෙද්දී කුතුහලයෙන් පිරුණු කොටස් 5ක්ම බලලා ඇතිනේ. අද අරන් එන්නේ 6වෙනි කොටස. ඒ වගේම කතාව හෙටින් ඉවරත් වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉම්මු කලින් කොටස.
තානායමෙන් බේරිලා ආවට පස්සේ මනීෂ්, රීචා, ප්‍රියා සහ උස්මාන් ඇවිල්ලා නතර වුණේ මනීෂ්ලගේ ගෙදර. හතරදෙනාගෙම හිත් වල එක එක ප්‍රශ්න පොර බැදුවට ඒවා අමතක කරලා ටිකක් නිදාගන්නයි හැදුවේ. ඒත් රීචාට නම් නින්ද අහලකටවත් ආවේ නෑ. රාහුල් තමන්ට කරපු ද්‍රෝහීකමත් එක්ක පලි ගැනීම් අවශ්‍යතාව රීචාට වැඩි වැඩියෙන් දැනුනා. ඉතින් කුකුළාවත් අතේ තියන් කවුරුත් නැගිටින්න කලින් මනීෂ්ගේ කොට්ටේ යට තිබ්බ පිස්තෝලෙත් අරන් වැඩට බැස්සා. එතකොටම රීචාට පොලිසියෙන් කෝල් එකක් ආවා මතකනේ එහෙට එන්නයි කියලා. පොටක් පෑදුනා කියලා හිතාගෙන පොලිසියේ දොරකඩට ගිය රීචා දැක්කේ රාහුල් පොලිසියෙන් පිටත් වෙන හැටි. ඉතින් එයා තීරණය කරා රාහුල් පස්සෙන් යන්න. ඔය දෙන්නගේ පස්සෙන්ම එස්.අයි කාරයත් ආවා මතකනේ. මේ අතර මනීෂ් ඇහැරුනේ හිම්මත්ගේ ගඩොල් පාරත් කාගෙනම. පරණ තරහ මරහ අමතක කරලා දෙන්නා පිළිවෙලක් වෙලා ඉස්පිරිතාලෙට ගිහින් එතනත් පොඩි කලබැගෑනියක් වුණානේ සංතොෂ්ව හම්බවෙලා. අන්තිමට දෙන්නා නතර වුණේ පණ්ඩිත්ගේ ඔෆිස් එකේ. ඒකෙදි කාගෙ කාගෙත් වෙස් මූණු ගලවන්න වගේම කාට කාටත් ගොඩ යන්න පුළුවන් ලොකු දෙයක් දෙන්නා හොයාගත්තා. ඔය අතරේ සන්තෝෂ්ගෙන් ලිස්සලා ගියපු කෝටි 5 ආපහු මිනිහා ගාවටම ඇවිත් තිබ්බා, ඒත් මිනිහා ඒ ගැන මුකුත්ම දැනගෙන හිටියේ නෑ. ඒ වගේම කතාවේ තවත් ප්‍රධාන චරිතයකට අවසානය ළඟා වුණා දකින්නත් ඇති පහුගිය කොටසෙදි.
ඉතින් අද කොටසෙදි බලාගන්න පුළුවන් තමන්ට වෙච්ච අහිමිවීම් එක්ක මනීෂ් ගන්න මීළඟ පියවරයන් ගැන. ඔය අතර රීචා තමන්ගේ පලිගැනීම කොහොම කරගනියිද කියලත් දැකගන්න පුළුවන් මේ කොටසින්. වැඩි විස්තර නොකියා මං සමුගන්නම්. අන්තිම කොටසත් එක්ක එකතු වෙන්න එහෙනම් හෙට දවසෙදි. ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,620 downloadsDownload ASM-S01E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
6 comments
මයුර
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Pasindu Madumal
නියමයි
සබට තුති චානක අයියේ ❤️සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබට ස්තූතියි මචෝ....