Watch Trailer

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම මේකත් මම එක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කතාව ටිකක් මතක් කරගමු. කායි ප්‍රොක්ටර්ව ෆ්‍රේෂර් විසින් අල්ලගෙන ගියා රෙබෙකා කරපු මෝඩ වැඩේ නිසා. නමුත් නොසැලුන කායි එතන උන්ටත් ගහලා අන්තිමට මොරාලස් එක්ක එකතු වෙලා ෆ්‍රේෂ…

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම මේකත් මම එක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කතාව ටිකක් මතක් කරගමු.

කායි ප්‍රොක්ටර්ව ෆ්‍රේෂර් විසින් අල්ලගෙන ගියා රෙබෙකා කරපු මෝඩ වැඩේ නිසා. නමුත් නොසැලුන කායි එතන උන්ටත් ගහලා අන්තිමට මොරාලස් එක්ක එකතු වෙලා ෆ්‍රේෂර්ටත් ගේම දෙනවා. කායි කියන්නේ පුදුම වාසනා බලයක් තියෙන කෙනෙක් ජීවිතේ බේරගන්න. කායි විතරක් නෙවෙයි ෂෙරිෆ් වුනත් එහෙම තමයි. මරන්නම බෑ. කොහොමහරි කායිගෙ ඒ ප්‍රශ්නෙත් ඉවරයි. නමුත් ප්‍රශ්න කියන්නේ එකක් ඉවර වුනාම තවත් එකක් එනවා. ඇයි එහෙම කිව්වේ කියලා මේ සීසන් එකෙන් බලන්න පුලුවන්.

කර්නල් ස්ටොව්ගෙ සල්ලි හොරක‍ම නිසා කර්නල් විසින් ශුගර්, ජොබ් සහ ඇනාව අල්ලගන්නවා කෙලින්ම ගිහින්. නමුත් ‍හුඩ්ව අල්ලගන්න වෙන්නෙ නෑ මොකද හුඩ් ගැන හෝඩුවාවක් නැති නිසා. නමුත් හුඩ් කෙලින්ම ජෙනොවා කෑම්ප් එකට ගිහින් සිද්ධිය පිලිඅරගෙන තමන්ගෙ යාලුවන්ව නිදඑස් කරන්න ඉල්ලනවා. ඒත් කර්නල් කියන්නේ කපටියා. සල්ලි ලැබෙනකම් ඒ අයව නිදහස් කරන්නෙ නෑ කියනවා. ෂෙරිෆ් එතනින් පිට වෙලා ගිහින් තීරණය කරනවා නරකින් වැඩේ ඉවරයක් කරන්න. ඒ තමයි ජෙනොවා කඳවුර‍ට ප්‍රහාරයක් එල්ල කරන එක. මේකට තවත් අපි නොහිතන කෙනෙක් එකතු වුනා. ඒ තමයි ගෝඩන්. ලොකු සටනකින් පස්සේ හුඩ්ට පුලුවන් වෙනවා කට්ටිය බේරගන්න. ස්ටොව්ට ඇනා අතින් පිහි පාර කන්න වෙනවා. දුකම හිතෙන සිද්ධිය තමයි ගෝඩන්ට වෙඩි වැදිලා මැරෙන්න වුනා. අපි වක්‍රාකාරව බැලුවොත් ඒකට හේතුවත් හුඩ්මයි කියලා හිතන්න පුලුවන්. මොකද මේ දේවල් පටන් ගත්තේ හුඩ් නිසා. ඒවා එහෙම ඉවර වෙද්දී ලියෝ කියන හාදයා ජොබ්ව පැහැරගන්නවා. ඒ ජොබ්ව වෙනත් කට්ටියකට විකුණන්න. ඇයි එහෙම කලේ කියලා මේ සීසන් එකේදී බලාගන්න පුලුවන්.

ඉතින් මේ විදියට අන්තිම සීසන් එක පටන් ගන්නවා. නමුත් කතාව පටන් ගන්නේ අවුරුදු දෙකකට පස්සේ. ඒ අවුරුදු දෙක ඇතුලත ගොඩක් දේවල් සිද්ධ‍ වෙලා. සෑහෙන දේවල් වෙනස් වෙලා. හුඩ් හැමදේම අතෑරලා දාලා තනි වෙනවා. තමන් ආදරය කරපු හැමෝම නැති වෙලා. ඇනා, ඩේවා, ජොබ්, ශියොබන් මේ හැමෝම. හතරවෙනි සීසන් එක කොටස් 8කින් ඉවර වෙනවා. කියන්නත් දුකයි. මේ සීසන් එක පුරාම දුක කියන දේ අපිට දැනෙයි. ඒකට හේතුව මම කියන්නෙ නෑ. එහෙනම් බයිස්කෝප් එක්ක දිගටම රැඳිලා ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

16,291 downloadsDownload Banshee.S04E01.Baiscopelk.com_-1.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

16,291 downloadsDownload Subtitles23 KB

12 comments

  1. බට්ටිච්චි

    අනේ තව කොටස් 7කින් ඔයාව හම්බෙන්නෙ නෑ නේද

    1. සියන්ත

      දුක හිතෙන කතා කියන්නෙපා අනේ...තව දවස් 7ක් තියෙනවා අපි දෙන්නට හමුවෙන්න...එහෙම හිතන්න

  2. Chandima Prasad

    Thanks Sub Ekata.........

  3. Anonymous

    yalu me sub tika hd walata dennako havi kopi balanna amaruy dawun karapu samara blyray paly wenne na oyalage dawunloda sside ekei mekeyi hd rip walata sap dennako banshee plesssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  4. Anonymous

    You are great , Thank you very much

  5. Bobby

    You are great , Thank you very much

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  11. Lahiru

    Hdtv nathuwa blu ray walata sub dila thiyena ekanam loku deyak ❤️ thanx baiscope