Watch Trailer

Iru Dhuruvam [S02: E06] Sinhala Subtitles | ඉස්සරහට මොනවද වෙන්නෙ? [සිංහල උපසිරැසි]

තිලක් බාරව හිටිය පරීක්ෂණය, කොමසාරිස් විශේෂ අවසරයකින් වික්ටර්ට කැඳවලා පරීක්ෂණය එයාට පවරනවා. පොලිස් නිලධාරීන්ව අභිරහස් විදියට මරා දමා තිබුණ මේ වෙලාවේ රාජකාරියේ නියුතු නිලධාරීන් පවා ගමන් බිමන් ගියේ බියෙන්. මේ අතරෙදි පෞද්ගලික වැඩකට ගමන් කරමින් හිටිය සබරිගෙ පස්සෙන් සුදු පාට කාර් එකක් පන්නනවා. වික්ටර්ගේ…

තිලක් බාරව හිටිය පරීක්ෂණය, කොමසාරිස් විශේෂ අවසරයකින් වික්ටර්ට කැඳවලා පරීක්ෂණය එයාට පවරනවා. පොලිස් නිලධාරීන්ව අභිරහස් විදියට මරා දමා තිබුණ මේ වෙලාවේ රාජකාරියේ නියුතු නිලධාරීන් පවා ගමන් බිමන් ගියේ බියෙන්. මේ අතරෙදි පෞද්ගලික වැඩකට ගමන් කරමින් හිටිය සබරිගෙ පස්සෙන් සුදු පාට කාර් එකක් පන්නනවා. වික්ටර්ගේ නියෝගය අනුව කිෂෝර් සබරි ඉන්න තැනට යනවා. සබරිව මරා දමා ඇති බවත්, කිෂෝර්ව පැහැරගත් බවත් පසුව වික්ටර්ට දැනගන්න ලැබෙනවා. අංජලීගේ ගෙදර ඉස්සරහත් සුදු පාට කාර් එකක් නවත්වලා තියෙනවා. ඒ ගැන බයෙන් හිටිය අංජලී වික්ටර්ව දැනුවත් කරනවා. අංජලීට ගයත්‍රිව බලාගන්න බාරදීලා තිබුණා. මේ කාර් එකේ ඩිකියට හිර කරලා බැලූන් රඳවලා තිබුණා. මේ බැලුන් දැක්ක ගයත්‍රී කාර් එකේ ඩිකිය අරිනවා. බැලින්නම් කාර් එකේ තවත් මළසිරුරක්. වික්ටර්ගේ අවදානය ලංකේෂ්වරන්ටම එල්ල වෙලා තිබුණා.

ලංකේෂ්වරන්ව ඔත්තු බලන්න යොදවපු නිලධාරීන්ගෙන් එයා ගැන තොරතුරු විමසනවා. කිෂෝර් මාලික් අතුරුදහන් වීම ගැන වික්ටර් ලංකේෂ්වරන්ගේ ගෙදරට ගිහින් සෘජුවම අහනවා. වික්‍ටර් ලංකේෂ්වරන්ගේ ගෙදරට එද්දි ලංකේෂ්වරන්ට ලයිව් එකක හිටිය නිසා වික්ටර් තර්ජනය කරන ආකාරය සජීවීව විකාශනය වුණා. මේ අතරෙදි මාලික් මැරුණා කියලා දැගන්න ලැබෙනවා. මාලික්ගේ මරණයත් එක්කම, තවත් මිනීමැරුමක් සිද්ද වෙන්න කලින් මිනීමරුවාව අල්ලා ගන්නට කොමසාරිස්ට අවශ්‍ය වුණා. තිලක්, වික්ටර් පරීක්ෂණය විසඳන්න අසමත් වීම නිසා දෝෂාරෝපණය කරමින් හිටියා. ACත් වික්ටර්ට විරුද්ධව හිටියා. කොමසාරිස් වික්ටර්ට මේක ඉවරකරන්න තවත් දවස් දෙකක් දෙනවා. මේ අතරෙදි AC, කොමසාරිස්ට වික්‍ටර්ගෙ අඳුරු පැත්ත ගැන කාරණා කීපයක් කියනවා. වික්ටර් කිෂෝර්ව අනිත් පොලිස් නිලධාරින් වගේ මරලා දාන්න කලින් හොයාගන්න උත්සාහ කරනවා. කිෂෝර්ගේ කාකි ෂර්ට් එක නතර කරලා තිබුණ සුදු පාට කාර් එකකින් හොයාගන්නවා. ඔය අතරෙදි සුදු පාට සෙඩන් කාර් තුනක් වෙන වෙනම ස්ථානවලින් සොයාගත් බවට ආරංචියක් ලැබෙනවා. මේ කාර් වලින් කිෂෝර්ගේ ඇඳුම් ආදිය හොයාගන්න ලැබුණා. වික්ටර් එයාගේ කණ්ඩායම එක්ක කාර් ගැන අවදානය යොමු කරද්දි පොලිස් ස්ථානයේ නතර කර තිබුණ පරණ වාහනයකින් කිෂෝර්ගේ මළසිරුර හොයාගන්න ලැබෙනවා.

පීඩනය නිසා කොමසාරිස් නැවතත් තිලක්ට පරීක්ෂණය බාර දෙනවා. ඒ වගේම මේ පරීක්ෂණයෙන් වික්ටර්ව ඉවත් කරනවා. ඒ වුණත් වික්ටර්ට ලංකේෂ්වරන් ගැන තියෙන සැකය අඩුවක් නම් වුණේ නැහැ. වික්ටර්ගේ ලඟ මේ පරීක්ෂණය ගැන හෝඩුවාවන් කිහිපයක්ම තිබුණා. ඒ වුණත් තිලක්ට පෞද්ගලිකවම වික්ටර් එක්ක තිබුණ තරහ නිසා මේ ගැන සලකලා බලන එකක් නැහැ කියලා දන්නවා. වික්ටර් පිටතින් ඉඳගෙනම මේ පරීක්ෂණය කරන්න තීරණය කරනවා. වික්ටර්ට තිබුණ සැකය නිසා ගයත්‍රිට ලංකේෂ්වරන්ගේ පොටෝ එක පෙන්වන්න හදනවා. ගයත්‍රි මොන විදියේ ප්‍රතික්‍රියාවක් දක්වයිද?

මේ Iru Dhuruvam කතා මාලාවේ දෙවැනි සීසන් එක. පලවෙනි සීසන් එකත් ගොඩක් අය බලන්න ඇති. ඒකත් නොවරදවා බලන්න. පලවෙනි සීසන් එකේ සියලුම කොටස් වලට අපේ ඔෂධ සහෝදරයා තනිවම සිංහල උපසිරැසි ලබා දුන්නා. මේ කතා මාලාවට මගෙත් එක්ක ඔෂධ ධනංජය සහෝදරයා, රවිඳු හේෂාන් සහෝදරයා එකතු වෙනවා. මේ කතා මාලාවට හොඳ අගය කිරීම්, ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,514 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP06.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

1,514 downloadsDownload Subtitles16 KB

3 comments

  1. Ravindra

    Thanks

  2. Anonymous

    thanks sub ekata :D

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.