මම වික්ටර්. හදිස්සියේම දවසක මම ගෙදරට ඇවිල්ල දොරට තට්ටු කරන ගමන් ගීතා… ගීතා… කියල කතා කළත් මට ඇහුණේ මගේ දුව අම්මු, අඬ අඬ ඉන්න ඉන්නව, එයාගෙන් අම්මා කොහෙද කියල ඇහැව්වත් එයා දන්නෙ නෑ කිව්ව. මම ගීතා… ගීතා… ගීතා කියල මුළු ගේ පුරාම එයාව හෙව්ව. බැරිම තැන ෆෝන් එකට කෝල් එකක් අරගෙන බැලුව… ෆෝන් එක රින්ග් […]

මම වික්ටර්. හදිස්සියේම දවසක මම ගෙදරට ඇවිල්ල දොරට තට්ටු කරන ගමන් ගීතා… ගීතා… කියල කතා කළත් මට ඇහුණේ මගේ දුව අම්මු, අඬ අඬ ඉන්න ඉන්නව, එයාගෙන් අම්මා කොහෙද කියල ඇහැව්වත් එයා දන්නෙ නෑ කිව්ව. මම ගීතා… ගීතා… ගීතා කියල මුළු ගේ පුරාම එයාව හෙව්ව. බැරිම තැන ෆෝන් එකට කෝල් එකක් අරගෙන බැලුව… ෆෝන් එක රින්ග් වෙන සද්දෙ කාමරෙන් ආව..ගිහින් බැලුවට ෆෝන් එක ඇදේ තිබ්බ,ඒත් ගීතා කොහේවත් හිටියෙ නෑ. මම අම්මුවත්(දුව) වඩාගෙන ඉහළ මාලෙට ගිහින් වටේටම ඇහෙන්න කෑ ගැහැව්වත් ගීතාගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මේ මාස 6කට විතර කලින් මගේ බිරිඳ ගීතව අතුරුදහන් වුණ විදිය. මම උදේම නැගිටල අම්මුට ස්කෝලෙ යන්න කෑම හදල ලෑස්ති කරල එයාව වෑන් එකට දාන්න යනකොට මගේ ඇහැට පේනව කවුදෝ දෙන්නෙක් මන් ගැන ඔත්තු බලන්න වගේ හැංගි හැංගි එබිකම් කරනව. මමත් දැක්කෙ නෑ වගේ අම්මුව දාල ගෙදරට එනව. මගේ මතෙකෙට එන්නෙ මගේ ආදරණීය බිරිඳ ගීතව. එයයි.. මායි.. මගෙ දුව අම්මුයි විවේකයක් ලැබුණාම එළියට ගිහිල්ල විනෝදවෙන හැටි මට මේ තනිකම අතරේ මැවිල පේන්න ගත්තා. එතකොටයි සහකාර කොමසාරිස් තුමාගෙන් කෝල් එකක් ආවේ.. මට ෆෝන් එක ආන්ස්වර කරන්න හිත දුන්නෙ නෑ… ටික වෙලාවක් ඉන්නකොට ආයෙත් එතුමාගෙන් කොල් එකක්, මම ආන්ස්වර් කළා. වික්ටර් ඔයා ගෙදරද ? මිනී මැරුමක් වෙලා තියෙනව. ශාස්ත්‍රි නගරයේ ඔයා එතනට ගිහින් කිෂෝර් කියල ආධුනික එස්.අයි.කෙනෙක් ඉන්නව. එයා එක්ක ඒ මිනී මැරුම ගැන පරීක්ෂණ පටන් ගන්න. ඒත් මගේ හිත තාමත් පහුගිය සිද්ධි නිසා මන්දගාමී වෙලා.

මම කොමසාරිස් තුමාගෙන් කාලය ඉල්ලුවත් එතුමාටත් කරන්න දෙයක් නෑ අනෙක් නිළධාරීන් වෙනත් කටයුතු වලට කාර්යය බහුල වෙලා නිසා මට මේක භාර අරන් කරන්නම කිව්වා. කොමසාරිස් තුමාට පෞද්ගලිකව කතා කරල මගේ බිරිඳගේ ප්‍රශ්නය ගැන බලන්නම් කියල පොරොන්දුවකුත් වුණා. මම කල්පනා කරගෙන ඉදල ශාස්ත්‍රි නගරයේ මිනී මැරුම සිද්ධවුණ ස්ථානයට ලඟා වුණා. එතනදී කිෂෝර් එස්.අයි. මගේ සහයට ආවා. අධිකරණය වෛද්‍ය කණ්ඩායමත් ඇවිල්ල එයාලගෙ වැඩ පටන් අරගෙන. දොර ගාව ඉදලම සාලේ මැදක් වෙනකම් ලේ, සාලේ මැද තරුණියක් පුටුවේ ඉන්දවල පිටිපස්සට අත් දෙක ගැට ගහල කකුල් දෙක පුටුවෙ කකුල් දෙකට ගැට ගහල කොණ්ඩය ඉස්සරහට වැටිල මුහුණ පේන්නෙ නැතිවෙන්නම, නම නිවේතා… 34 හැවිරිදි කාන්තාවක්, කෲර ආකාරයට කටට ඇනල මරා දාල තිබුණා. ඉතින් පරීක්ෂණ කටයුතු පටන් ගන්න විස්තර එකතු කරන අතරේ නිවේතාගේ ෆෝන් එකට කෝල් ආපු අංකයක් ගැන හෝඩුවාවක් ලැබුණා. ආශෝක් නගරයේ ප්‍රභාකරන් කියල පුද්ගලයෙක් ගැන. වහාම ඔහුව අත් අඩංගුවට ගන්න පිටත් වෙන්න ලෑස්ති වෙනකොට මෙන්න ඒ පුද්ගලයා පොලීසියටම ඇවිත් භාර වුණා. ඉතින් එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගෙන යන අතරේ තවත් මිනී මැරුම් සිද්ධියක් ගැන පොලීසියට වාර්ථා වෙනවා. වහාම ඒ සිද්ධිය වුණ ස්ථානට ගිහින් බලනකොට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ 48 හැවිරිදි ක්‍රිෂ්ණමූර්ති නම් පුද්ගලයෙක් පෙර පරිදිම පුටුවට තියල බැදලා ඇස් දෙකටම ඇනල කෲර විදියට ඝාතනය කරල තිබුණා.

පළමු මිනී මැරුමේ ඒ කියන්නේ නිවේතාගේ මරණයේදි එයාගෙ ෆෝන් එකේ තිබ්බ වීඩියෝව නිසා මම හොයාගත්තා නිවේතා වාඩි කරල තිබුණ පුටුව යට අලවල තිබ්බ කොළයක්…ඒකෙ ලියල තිබුණේ,

” ගුණවතෙකුට නින්දා කර නපුරු දේ කරන තැනැත්තාට වඩා,මිතුරෙකුට කරන අපහාසය වඩාත් නපුරුයි “

ඉතින් ඔය විදියටම මට හිතුණා ක්‍රිෂ්ණමූර්ති මහතාගේ ඝාතනයේදිත් මෙවැනිම හෝඩුවාවක් හම්බවෙයි කියල. එයාගෙ ෆෝන් එකෙත් අර ආකාරයටම පටිගත කරල තිබුණා. ඒකෙන් මම හොයාගත්ත තුණ්ඩු කෑල්ලෙ තිබුණේ,

” උගතුන්ට ඇස් ඇතැයි කියවෙන නමුත්..ඉගෙන නොගත් අයට එය මුහුණේ තුවාල දෙකක් පමණයි ”

යන්නයි… එතකොටයි මට තේරුම් ගියේ, අපි කටයුතු කරන්න හදන්නේ මානසික රෝගී දාම ඝාතකයෙක් එක්ක බව. කොහොම හරි මේ මනෝ ව්‍යාධී ඝාතකයා අල්ලගන්න තමා අපි උත්සාහ කරන්නේ.

ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ රූපවාහිනි කතා මාලාවක් කොටස් 9 කින් යුක්ත 2019 නිකුත් කරන ලද දර්ශකය 7.9 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන Crime, Thriller ගණයට අයත් සුපිරි කතා මාලාවක්. දාම ඝාතන රැල්ලකට මැදිව එම අභිරහස් ඝාතනවල සුල මුල සොයා යන බිරිඳ අතුරුදහන් වූ පොලිස් නිළ ධාරියෙක් වටා ගෙතෙන කුතුහලයෙන් පිරි ඉවරවෙනකම්ම එක දිගට බලන්න පුළුවන් හොඳ සිරියල් එකක්. Vellore Maavattam (2011), Katham Katham (2015), යන චිත්‍රපට වල පොලිස් චරිත වලින් හිත් දිනාගත් Nandha Durairaj තමයි මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් වික්ටර් නම් පොලිස් පරීෂකවරයාගෙ චරිතය හොබවන්නේ. මීට අමතරව ඔහු Premi (1997), Maya Thirrai (2017), යන කතා මාලාවලට දායක වෙලා තියෙනව. වික්ටර්ගේ බිරිය වන ගීතා ලෙස සුප්‍රසිද්ධ නේර්කොණ්ඩා පාර්වායි කීර්ති නාමය හිමි Abhirami Venkatachalam නිරූපණය කරන්නේ. SonyLIV ඔස්සේ නිකුත් කරන ලද මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කළේ M Kumaran විසිනුයි. නොයෙකුත් ආකාරයේ දාම ඝාතන චිත්‍රපට බලල තියෙන ඔයාලට මේක අලුත්ම අත්දැකීමක් වෙන්න පුලුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,201 downloadsDownload I-D-S01-Complete-Season.zip84 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

3,201 downloadsDownload Subtitles84 KB

30 comments

  1. Samith

    Thanks brother

  2. Anonymous

    අඩෙහ් ඔසා සීරීස් එකකට අතගහලා වගේ
    එල එල මචන්
    තව තව සීරීස් දෙමු

  3. Kushan

    Sub akta thanks

  4. Chandima Prasad

    Thanks Subtitle Set Ekata..jayawewa.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. sheron

    thanks bro..keep going

  7. Manoj

    උපසිරසි ඔක්කොටම ස්තුතියි සහෝ

  8. අසංක

    නියම වැඩක් සහෝ
    මේ වගේ ත්‍රිලර් පැත්තට බර ඉන්දියන් සීරීස් ගොඩක් තියනෝ ඒවටත් පුලුවන් විදියට සබ් දෙමු
    බොහොම ස්තුතියි

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. tharidu16

    7.9 නෙවෙයි සුදා... 8.4ක් තියෙනවා. සුපිරියක් වාගේ. අනිවා බලනවා. තැනක්ස්.

    මේ වාගේ එකක් තමයි queen 2019. ramya krishnan inne. 8.8ක් තියෙනවා. කොටස් 11යි. දෙන්නකො. කොයි සයිට් එකකවත් තවම දීලා නැ.

    1. Isuru

      Man balapu supirima tv series ekak

    2. tharidu16

      sub thibbada

    3. Anonymous

      Wena site ekakin kalin dunna bn

  11. Kavindu

    උපසිරසියට ස්තුතියි සහෝ

  12. Anonymous

    Thanks for sub bro

  13. Anonymous

    Sub ekata thanks! Dikkiloona film ekatath sub දෙන්න

  14. Naveen

    උපසිරසියට තුති

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!

  16. Anonymous

    Patta

  17. Anonymous

    Meka nm sub dewe kyla hithuwe na
    Wena site ekakin dunnath bluwe na quality nathi nisa
    Dn blnna puluwn
    Sthuthiyi saho,puluwn nm meken nawathwanne nthuwa thwa me wage podi series denna blnna

  18. Charith

    උපසිරසිවලට ස්තුතියි
    තව අලුත් ඉන්දියන් කතාමාලාවක් දෙන්න

  19. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ඔබගේ සියලු වැඩකටයුතු සාර්තක වේවා...

  20. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  21. Chandima Prasad

    මේක ෆට්ටම සීරීස් එක...හොඳ කුතුහලේකින් ගලාගෙන යනවා කතාව මුල ඉඳලා අගටම..සබ් එකත් සුපිරියටම තිබ්බා..ගොඩක් ස්තූතියි මේකට සබ් එක දුන්නට..සීසන් 02 ආවොත් ඒකටත් අනිවාරෙන්ම සබ් දෙන්න..ජයවේවා..

  22. L.Y

    meka nm niyama series eka mcho
    thwa me wage series thye nm deepn mcho

  23. oshanda

    අදහස් දක්වපු හැමෝටම බෙහෙවින්ම ස්තූතියි.අනිවාරයෙන් 2 වෙනි එකට සබ් දෙනව ආව ගමන්

    1. Supun

      Thanks bro. Puluwan nam NAKED 2021 hindi tb series eke subtitles set ekak welawak tyenam add karala danna. kohewath hoyaganna bari una ekai..

  24. Supun

    Hoya hoya htya tv series eke subtitles. Patta thanks brother..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Ravindra

    Thanks s02 february 24 enawa ekatath sub denna