සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ පළවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. 2021 අවුරුද්දේ මාර්තු 08 වෙනිදා ඩිස්නි+ හොට්ස්ටාර් හරහා අන්තර්ජාලයට නිකුත් වෙන්…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ පළවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.

2021 අවුරුද්දේ මාර්තු 08 වෙනිදා ඩිස්නි+ හොට්ස්ටාර් හරහා අන්තර්ජාලයට නිකුත් වෙන්න නියමිතව තිබුණ Kamathipura වෙබ් කතා මාලාව, 2021 පෙබරවාරි 25 වෙනි දින OTT හා Digital News Media වෙනුවෙන් ඉන්දීය රජය පැනවූ නව නීති හා මාර්ගෝපදේශ හේතුවෙන් ඉන්දියාව තුල නිකුත් කිරීම කල්දමනවා. පසුව ඇමසෝන් ප්‍රයිම් හරහා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට මෙම වෙබ් කතා මාලාව නිකුත් කරනවා.

මොකද්ද මේ කාමාතිපුර කියන්නේ?

කාමාතිපුර කියන්නේ මුම්බායි නගරයට අසල්වැසි නගරයක්. ලිංගික ශ්‍රමිකයින් වාසය කරන නගරයක්. ‌ 1992 වසර පමණ වෙනකොට ලිංගික ශ්‍රමිකයින් 45,000 ක් පමණ මේ කාමාතිපුර ජීවත් වෙලා තියෙනවා. 2009 වසර වන විට එය 1600 ප්‍රමාණයකටද, 2018 වසර වන විට එය 500 ක් පමණ පිරිසකටද අඩු වූ බව සඳහන් වෙනවා. 90 දශකය අග භාගය වන විට කාමාතිපුර ඒඩ්ස් රෝගීන් ප්‍රමාණය වැඩිවීම වගේම රජයේ නගර ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිපත්ති නිසා ලිංගික ශ්‍රමිකයින්ට කාමාතිපුරෙන් ඉවත් වෙන්න සිදුවෙනවා. එම වෘත්තියෙන් ඉවත් වීමට රජයෙන් උපකාර ලැබීම නිසා ලිංගික ශ්‍රමිකයින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිට අනෙක් ප්‍රාන්ත වෙත සංක්‍රමණය වීම හේතුවෙන් ‌මේ කාමාතිපුර ලිංගික ශ්‍රම කම්කරුවන්ගේ විශාල අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා.

මේ Kamathipura කියන නගරයේ සිදුවූූ ලිංගික ශ්‍රමිකයින්ගේ දාම ඝාතනයක් සම්බන්ධව නිර්මාණය උන වෙබ් කතා මාලාවේ පළමු කතාංගය ගැන කියනවා නම්,

ප්‍රහාර් ප්‍රතාප් (Tanuj Virwani) කියන්නේ මේ කාමාතිපුරේ ඉන්න රජ්ජුරුවෝ. ප්‍රහාර් ප්‍රතාප් කියන්නේ මත්ද්‍රව්‍ය විකිණීම, කප්පම් ගැනීම, කාන්තාවන් විකිණීම, කළු සල්ලි සුදු කිරීම වගේ අපරාධ පිරුණ පැකේජ් එකක්. ඉතින් මේ ප්‍රහාර් කිව්වොත් කාමාතිපුරට ඉහලින් කුරුල්ලෙක්වත් ඉගිලෙන්නෙ නෑ. ඒ තරම් බලයක් ප්‍රහාර් ප්‍රතාප්ට තියෙනවා. මේ කාමාතිපුර අයිති නාග්පාඩා පොලිස් බල ප්‍රදේශයට. නාග්පාඩා පොලිසියේ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරික්ෂක අදිති ආචාර්යා (Meera Chopra). නීතියට වැඩ කරන, හොර බොරු වංචා නැති අවංක පොලිස් නිලධාරිනියක්. විශේෂයෙන්ම ප්‍රහාර් ප්‍රතාප් වගේ අපරාධකාරයින්ව තඹ සතේකට මායිම් ‌කරන්නේ නෑ.

මේ ප්‍රහාර්ට අදිතිගේ ජීවිතේට වක්‍රාකාරයෙන් සම්බන්ධයක් තියෙනවා. ප්‍රහාර් බලන් ඉන්නේ අදිතිට කවදා හරි තමන් ගාවට ඇවිත් උදව් ඉල්ලන්න වෙන දවසක් එනකල්. මේ අතරෙදි හදිස්සියේම කාමාතිපුර ගණිකාවක් අභිරහස් විදියට ඝාතනය වෙනවා. මිනීමරුවා ගැන කිසිම හෝඩුවාවක්, මළ සිරුර කාගේද කියලා හඳුනා ගැනීමට සාක්ෂියක් නැතිව මේ පරික්ෂණ සිදු කරන්න වෙන්නේ අදිතිට. ප්‍රහාර් ප්‍රතාප්ට ඉහලින් වචනයක් නොකියන කාමාතිපුර අය අදිතිට මේ ඝාතනය සම්බන්ධයෙන් වචනයක්වත් කියයිද?

මීළඟ කොටසේ හමු වෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

4,247 downloadsDownload KP-S01-E01.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

4,247 downloadsDownload Subtitles17 KB

23 comments

  1. Pesh

    මේවනම් ඉතින් අතහරින්නේ නෑ ලොවෙත්
    ඉතුරුවත් ඉක්මනටම දෙන්න සහෝදරී❤️

  2. Anonymous

    Tanku tanku

  3. Sachith

    බොහෝමත්ම ස්තුතියි සහෝදරී

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Chandima Prasad

    Thanks Sub Ekata

  6. chamindu lakshitha

    Undekhi web series එකට sub දෙන්නකෝ..

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. yohan

    okkoma episode ikmanin demu....thanks......thawath hindi series walata sub demu.

  9. මයුර

    දෙනකම් බලන් හිටියේ අක්කේ. හෙට ඉඳන් බලතහැකි

  10. Sheron

    Thnkz bro

  11. Anonymous

    තැන්කු අක්කෙ,ඉතුරු ටිකත් එකපාර දෙන්න බලන්න

  12. Lakshan

    Thanks sister

  13. Anonymous

    තැන්කු හොදෙයි

  14. Anonymous

    Thnkz sis

  15. ඉමේෂාන්

    පොඩි සිරීස් එකක් නිසා එකසැරේ දෙන්න බැරිද??
    බැරිනම් අවුලක් නෑ මෙහෙම හරි සීරීස් බලන්න ලැබෙන එක ලොකු දෙයක්
    ජය වේවා අක්කේ

  16. Rajitha

    Thanks....jayawewa....!

  17. CriticsofSL

    baiscope nam dan ballata gihin. ekko Korean nattam Indian labbawal valata thamai sub denne. ahanna deyak na anith sites up vena ekath

  18. Sameeraudias

    Hoda series ekakata sub karnawann hodai onatarm tiyenne parana imdb250 t tawa ehemamai

  19. Anonymous

    මෙලෝ රහක් නෑ අනේ..රඟපාන කැත විතරක්. මේ විදිහෙ කතා එක දිගටම බලන්න ගියොත් එපා වෙනවා.මේ ලෝකෙ ඉන්දියාව විතරක් නෙමේ ෆිල්ම් හදන්නෙ.අනේ මන්ද කාට කියන්නද ඉතින්.ඉස්සර තිබ්බ සයිට් එකත් එක්ක බලද්දි අහසට පොලොව වගේ.ඒ කාලෙ දුන්නොත් දෙන්නෙ හොඳ කතාවක්.කතාව අවුල් වගේ නං ලිපියෙ ඒ බව කියනව..ඒකටත් එක්ක දැන්. ඕන ජරාවක් ඇඟේ ගහනව.
    IMDb-5.7

  20. Achi

    බොහොම ස්තුතියි සබ් එකට..
    ඔක්කොම දිලා ඉවර උනාම බලනවා....
    දිගටම සබ් දෙන්න
    ඉක්මනට සබ් දිලා ඉවර කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා...
    ආදරෙයි...

  21. Lahiru Lakshan

    thanks...

  22. Ruchira

    Mage nam adhasa meeta wada ratings enooni mekwta mokda Supriyk patn gtu wele idan awsanyk wenkm eka husmata balanna puluwan kathwak.. Thanks you sis me wage Supriyk genwwta sub ekt niyama..

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P