Watch Trailer

Frontier [S02 : E01] Sinhala Subtitles | වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද [සිංහල උපසිරැසි]

පලමු කතා සමයට උපසිරැසි ලබා දීලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි දෙවන කතා සමයට උපසිරැසි ලබාදෙන්න මට මේ හැකියාවක් ලැබුනෙ. මොකද කියල කියන්න ගියොත් මට උන දේවල් එක්ක කතා මාලාවක්ම හදන්න පුලුවන් “අවාසනාවට ඇත්ත කතාවක්” කියල නමට දාලා මිත්‍රවරුනි. ඒ නිසා මම මුලින්ම සමාව ඉල්ලනව Frontier ප්‍රේක්ෂකයන්ගෙන් මන් නිසා සිදු…

පලමු කතා සමයට උපසිරැසි ලබා දීලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි දෙවන කතා සමයට උපසිරැසි ලබාදෙන්න මට මේ හැකියාවක් ලැබුනෙ. මොකද කියල කියන්න ගියොත් මට උන දේවල් එක්ක කතා මාලාවක්ම හදන්න පුලුවන් “අවාසනාවට ඇත්ත කතාවක්” කියල නමට දාලා මිත්‍රවරුනි. ඒ නිසා මම මුලින්ම සමාව ඉල්ලනව Frontier ප්‍රේක්ෂකයන්ගෙන් මන් නිසා සිදුවුන බලාපොරොත්තු කඩවීමට. මට ලැබුනු අවම කාලයෙන් ටිකෙන් ටික උපසිරැසි නිර්මානය කරමින් මේ තරම් කාලයක් ප්‍රමාද වෙලා හෝ ඔබලාට නැවතත් උපසිරැසි ලබා දෙන්න අද වෙන විට පුලුවන්කම ලැබුනා. ඉතින් අද ඉදන් සුපුරුදු පරිදි නොකඩවා දෙවන කතා සමයට වගේම තුන්වන කතා සමයේ අවසානය වෙනතුරුම ප්‍රමාදයකින් තොරව ඔබලාට උපසිරුසි ලැබේවි කියලා මන් සහතික වෙනවා. ඒ වගේම මාව විස්වාස කරල මට නැවතත් මේ විදියට වැඩ කටයුතු කරන් යන්න අවස්තාව ලබා දීපු බයිස්කෝප් මඩුල්ලටත් ගොඩක් ස්තූතිවන්න වෙන්න ඔින.

ඒ වගේම ලිපිත් එතරම් දිර්ඝ ඒවා නොවී අදාල කරුනු පමනක් ඇතුලත් උනු ඒවා වේවි. හොදයි, පලමු කතා සමය මේ වනවිට සමහරුන්ට අමතක වෙලත් ඇති නේද? අපි ලාවට වගේ ටිකක් මතක් කරගමු.

වෙළදාම මූලික සමාජයක් වන මේ කාලයේ HBC සමාගම ඔවුන්ගෙ බලය සෑහෙන දුරකට පතුරවා හමාරයි. එනිසා තමන්ගේ බල ප්‍රදේශ අහිමි වූ ආදිවාසී ජනයා HBC සමාගමේ වෙළදාම් කටයුතු වලට විසාල ලෙස හානි පමුනුවන්නට පටන්ගෙන තිබුනා. මේ යුධයට අතරමැදියෙකු ලෙස එකතු වූ ඩෙක්ලන් හාප්ගේ මැරකම් වල කතාවයි මේ.HBC සමාගම් ප්‍රධානියෙකු වූ බෙන්ටන්ගේ කෘර ක්‍රියා කලාපය නිසා තමන්ගේ ආදරණියයන් අහිමි වූ ඔහුටනම් මේ සටන පෟද්ගලික ආරවුලක් උනා..දිනෙන් දින උමතු වන ඔහුගේ අරමුන වූයේ බෙන්ටන්ව තමන්ගේ දෑතින්ම දරා දැමීමයි. මේ අතරවාරයේ සොරුන් තිදෙනෙක් ලන්ඩන් නගරයේ වීදි අතර දුවමින් සොරකමේ යෙදෙනවා.ඒ අන් කවරෙකුත් නොව අපි හැමෝම මේ වනවිට හොදින්ම දැන අදුරන මයිකල් ස්මිත් සහ ඔහුගේ පෙම්වතිය ක්ලේනා සහා ඔවුන්ගේ අනිත් සගයායි.HBC නැවකට පහර දීමේ ප්‍රතිපලයට මයිකල් බෙන්ටන්ගේ සැලසුමකට අනුව හාප් සොයා වන වදින අතර ක්ලේනා ප්‍රාණ ඇපකාරියක් බවට පත්වෙනවා.ඒ වගේම ඔවුන්ගෙ සගයා මරනයට පත් උනා.ඉතින් වන ගත වූ මයිකල් හාප්ගේ මිතුරු ඇසුරින් ඔවුන්ගේම එකෙකු බවට පත් වී බෙන්ටන්ගෙ සැලසුම් ඔහුටම කැවීමට සැලසුම් කරා.මේ අතර හම් වෙලදාමේ ආධිපත්‍ය තමන්ගේ අත‌ට ගැනිමට වෙහෙසෙන සමාගම් බොහෝමයක් අපිට පලමු කතා සමයෙන් හමුඋනා.බ්‍රවුන් බ්‍රදර්ස් , ඇමරිකානු ග්‍රාන්ට් වගේම ලේක් වෝකර්ලා මේ සටනේ ප්‍රධාන සාමාජිකයින්.ජේම්ස් කොෆින් පියතුමා , ඒල් නිවසේ ග්‍රේස් , කලහකාරී චෙස්ටෆීල්ඩ් වගේම සරාගී මේරි එහෙමත් ඔබට මතක ඇති.

කොහොමින් කොහොම හරි විසාල සිදුවීම් සමුදායකින් පසුව පලමු සමය අවසානයේ හාප් සිරබාරයට පත් උනා වගේම බෙන්ටන්ගේ වද බන්ධනයට ලක් උනා. ඒ අතර හාප් නොදත් බොහෝ වේදනාකාරි රහස් බෙන්ටන්ගෙ මුව්න් පිටවුනා. නමුත් අවසානයේ හාප්ගේ මිතුරු කැල විසින් සිදු කල ගලවාගැනීමේ මෙහෙයුමක් නිසා හාප් එල්ලා මැරීමට සුලු මොහොතක් තියෙද්දි එයින් ගැලවී යාමට සමත් උනා. ඔන්න ඔයාකාරයෙන් පලමු කතා සමයේ අවසානය අපි දැක ගත්තා.

දෙවන කතා සමයේ පලමු කොටසින්…

හාප්ගේ පලා යාමේන් ඔහුත් මිතරනුත් දිගු කාලයකට වෙන් උනා.බෙන්ටන්ගෙ වියරුව තිබුනාටත් වඩා වැඩි උනා. ආදරණියයන් වෙන් උනා.කොටින්ම කිවුවොත් සියල්ල මහා අවුලක් බවට පත් උනා. හාප් නොමැතිව සොකොනන් සහ මයිකල් විසින් තවමත් හම් සොරකම් කරමින් ඔවුන්ගෙ බ්ලැක් වුල්ෆ් හවුල නැවතත් යතා තත්වයට ගැනීමට සැරසෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නෙ. ග්‍රේස් එම්බර්ලි සහ චෙස්ටෆීල්ඩ් එකතුව බෙන්ටන්ව උගුලකට හසු කරගන්නවා. ඒ වගේම් හාප්ගේ හිසට තෑගි මුදලක් නියම කෙරෙනවා. ඒ නිසා සියලු දිසාවන්ගෙන් ඉතා දරුනු අපරාධකාරයින් ෆෝට් ජේම්ස් වෙතට ඇදී එනවා. ග්‍රාන්ට් සහ අලුත්ම එකතුව එලිසබෙත් වගේම බ්‍රවුන් සහෝදරයන් ප්‍රධාන වශයෙන්ම කතාවේ ඉදිරියට බලපෑමක් වෙන බවක් තමයි පෙපෙන්නෙ.ඔවුන්ගේ සැලසුම් කෙලින්ම එල්ල වන්නෙ HBC සමාගමේ බිද වැටීම දෙසටයි. මේ හවුල් ආරවුල් නිසා හාප්ලාටත් වාසි වගේම අවාසි කන්දරාවක් සිද්ද වෙනවා. අලුත් අලුත් ගිවිසුම් අලුත් අලුත් සැලසුම් මත දික් ගැස්සෙන මේ කතාංගය දෙවන සමයට සුපිරි ආරම්භයක් වෙනවා නොඅනුමානයි.

ඉතින් එහෙනම් යාලුවනේ නැවතත් හමුවෙන්න ලැබීම ගැන සතුටුයි..
අපි දෙවන කතාංගයෙන් නැවතත් මුන ගැසෙමු , ඔබට ජය !!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,183 downloadsDownload Frontier-S02-E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

3,183 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Anonymous

    Meka peaky blinder type eke ekakda

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. nishitha

    greenhouse academy tv series eke subtitles dennakoo.plz plz plz plz plz plz

  4. adeesha

    Thanx mchan...digatama denna

  5. Sanka Dilshan

    අම්මෝ උබනම් දෙය්යෙක් බන්.මේක දෙනකන් බලන් හිටියා ගොඩ කලයක්.බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

    1. Sagara

      ekanam attha bn

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. sagara

    ammho loku deyak okkoma season tikata sub denna deiyyo thanks machan mekata godak kall balan hitiya

  8. Sagara Sewwa

    thanks bokka

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.