ඔන්න සතියකට පස්සෙ ත්‍රාසජනක වගේම උද්වේගකර Demon Slayer Season 3 Episode 5 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ. පළවෙනි කොටසට උපසිරැසිය අරන් ආවායින් පස්සෙ, මේ කොටස නිකුත් වෙනකොට පෞද්ගලික වැඩ රාජකාරියක් යෙදිලා තිබුනෙ නැති නිසා මේ උපසිරැසියත් ඉක්මනින් ඉවර කරගෙන මට ආයෙමත් ඩීමන් ස්ලේයර් ෆෑන්ස්…

ඔන්න සතියකට පස්සෙ ත්‍රාසජනක වගේම උද්වේගකර Demon Slayer Season 3 Episode 5 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ. පළවෙනි කොටසට උපසිරැසිය අරන් ආවායින් පස්සෙ, මේ කොටස නිකුත් වෙනකොට පෞද්ගලික වැඩ රාජකාරියක් යෙදිලා තිබුනෙ නැති නිසා මේ උපසිරැසියත් ඉක්මනින් ඉවර කරගෙන මට ආයෙමත් ඩීමන් ස්ලේයර් ෆෑන්ස්ලා හමුවට එන්න පුලුවන් වුනා.🤗 මේ පස්වෙනි කොටසට යන්න කලින් අපි දැන් කලින් කතාවේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු.
යක්ෂ නාශක බලකායට නිචිරින් අසිපත් හදන අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ගිය තන්ජිරෝ මේ වෙනකොට යක්ෂ ප්‍රහාරයකට මැදි වෙලා ඉවරයි. මීදුම් හෂිරාගේ සහ තන්ජිරෝගේ මුහුණ ඉදිරියේ ඇඩූ කඳුලින් පෙනී ඉඳපු ඉහළ හතරවෙනි යක්ෂයා වෙන “හන්ටෙන්ගු” ගේ ගෙල එක පහරින් සිඳින්න මීදුම් හෂිරා සමත් වුනත්, අන්තිමට වුනේ හන්ටෙන්ගුගෙන් තවත් යක්ෂයන් හතර දෙනෙක් ඉපදුනු එක විතරයි. “සතුට” මූලික කරගත්තු “කරකු”, “දුක” මූලික කරගත්තු “අයිසෙට්සු”, “ප්‍රීතිය” මූලික කරගත්තු “උරොගි”, වෛර මූලික කරගත්තු “සෙකිදෝ” කියන යක්ෂයින් හතර දෙනාට මුහුණ දෙන්න තන්ජිරෝ, නෙසුකෝ සහ ගෙන්යා කියන තුන් දෙනා එකතු වුනා. මේ යක්ෂයින් හතරදෙනා පෙනුම අනුව විතරක් නෙමෙයි බලයන් සහ හැකියාවන් අනුවත් එකිනෙකාට වෙනස් කියල තන්ජිරෝ තේරුම් ගත්තා. මේ තුන් දෙනා ඒ යක්ෂයින් හතර දෙනාට එරෙහිව සටන් කරන අතරෙ මුලදිම මේ එක යක්ෂයෙක්ගේ ප්‍රහාරයක් නිසා ඈතට විසි වෙලා ගිය මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ ආයෙත් ගම පැත්තට එනවා. මේ වෙන කොට ගමත් අත් කකුල් තියෙන මාළුවෙකුගේ පෙනුම ගත්තු රාක්ෂයින්ගේ ප්‍රහාරයට ලක් වෙලා. ගමට එල්ල වුනු මේ ප්‍රහාරය ගැන දැනුවත් වුනු, ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි ත් ගම පැත්තට එනවා.
එක පැත්තකින් හන්ටෙන්ගුගෙන් බෙදුනු යක්ෂයින් හතර දෙනාට එරෙහිව තන්ජිරෝගේ කණ්ඩායම සටන් වදිනවා. තවත් පැත්තකින් මීදුම් හෂිරා සහ ආදර හෂිරා ත් ගම ආරක්ෂා කරගන්න ගම පැත්තට එනවා. හෂිරාවරු දෙන්නා ගම ආරක්ෂා කරන්නේ කොහොමද? මේ මාළු හැඩයේ රාක්ෂයින් එන්නේ කොහෙන්ද? හන්ටෙන්ගුගේ යක්ෂයින්ව මරා දමන්න තන්ජිරෝගේ කණ්ඩායමට පුලුවන් වේවිද? සටනේ දරුණුම අදියර මේ කොටසින් ආරම්භ වෙනවා. බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා.🔥
උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. තව සතියකින් Demon Slayer Season 3 Episode 6 එකෙන් මුණගැහෙමු. එතකන් හැමෝටම ජය වේවා.👋
ලංකන් Weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Bright Red Sword
Air Date : 2023.05.07
Runtime : 24 min.
IMDB Rating : 9.4
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,348 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E05.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
29 comments
Das
ලංකන් Weebs
බොහොම ස්තූතියි සහෝ.❤️
Anonymous
Thank you bosa sub ekt
ලංකන් Weebs
Thank you brother.❤️
Chathura Dilshan
Noice ❤️
ලංකන් Weebs
Thank you.❤️
Anjana
thnx sub ekata
ලංකන් Weebs
Thank you.❤️
Isuru Madhusankha
ස්තුති මචන් උපසිරසියට
ලංකන් Weebs
ස්තූතියි.❤️
Isuru Madhusankha
ස්තුති මචන් උපසිරසියට..
Dilshan buddika
සුපිරි
ලංකන් Weebs
ස්තූතියි.
Nuwan
Release වෙන පරක්කුව විතරයි. Sub එක මෙතන❤ ආදරෙයි ඉතිම්
ලංකන් Weebs
බොහොම ස්තූතියි සහෝ.❤️
Tharindu
Sub aka ikmanatama dila thanks
ලංකන් Weebs
Thank you.❤️
Tpka
Ela bro
ලංකන් Weebs
Thank you brother.
Sanjeewa Sandaruwan
wada arila awama amurthe biwwa wage meka dakkama thanks hasaranga sahodaraya ...
ලංකන් Weebs
බොහොම ස්තූතියි.❤️
Sandaru Peiris
thank you
ලංකන් Weebs
Thank you.
Akila Dilhara
Thanks Guys ...
ලංකන් Weebs
Thank you.
Chmath
Ep 6 ekath ikmanta onee :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් [S03 : E05] Sinhala Subtitles | දීප්තිමත් රතු අසිපත [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)



කොලිටි ස්පීඩ් සබ් නම් වෙන කවුද ඔයා ඇර සහෝ..❤️