යම් හේතුවක් නිසා තමන්ගේ රැකියාව අත්ඇරලා කොරියාව දාලා මැඩගස්කරය වගේ දුර රටකට යන්න ඉන්න දෙවන වසර සීමාවාසී වෛද්‍යවරියක් වුණ කන්ග් සි යොන්ග් චන්ගිල් සිර කඳවුරේ අර්ධ කාලීන වෛද්‍ය නිළධාරිනියක් විදිහට වැඩ භාරගන්නේ පොඩි මුදලක් උපයගන්න හිතාගෙන. ඒත් වැඩ පටන් ගන්නකොටම සිර කඳවුරේ ආරක්ෂකයෙක් වෙන එයාගේ මාමාගෙන්…

යම් හේතුවක් නිසා තමන්ගේ රැකියාව අත්ඇරලා කොරියාව දාලා මැඩගස්කරය වගේ දුර රටකට යන්න ඉන්න දෙවන වසර සීමාවාසී වෛද්‍යවරියක් වුණ කන්ග් සි යොන්ග් චන්ගිල් සිර කඳවුරේ අර්ධ කාලීන වෛද්‍ය නිළධාරිනියක් විදිහට වැඩ භාරගන්නේ පොඩි මුදලක් උපයගන්න හිතාගෙන. ඒත් වැඩ පටන් ගන්නකොටම සිර කඳවුරේ ආරක්ෂකයෙක් වෙන එයාගේ මාමාගෙන් එයාට නේවාසික සිරකරුවෙක් වන 6238 ගැන අනතුරු ඇගවීමක් ලැබෙනවා. ඒත් අන්තිමේදී හදිසි රෝගියෙකුට ප්‍රතිකාර කරන්න ඔහුගේ උපකාර ලැබිලා ඒක සාර්ථක වෙනවා. ඒත් තවත් සිරකරුවෙකුගේ ප්‍රතිකාර ගැන සි යොන්ග්ට එයා උපදෙස් දෙන්න එන එක ගැන නම් ඒ තරම් පැහැදීමක් ඇති වෙන්නේ නෑ. ඒත් අවසානෙදි නේවාසික සිරකරු 6238 ගේ කැඳවීම නිසා හදිසියේ බරපතල ලෙස අසනීප වුණ පාර්ක් ජන්ග් බෝ නම් සිරකරුවා බේරාගන්න සි යොන්ග්ට ආපහු යන්න වෙනවා.

තමන්ගේ ප්ලේන් එකට යන්න තියන වෙලාවත් මඟ ඇරලා පාර්ක් ජන්ග් බෝ සුව කිර ගැනීම වෙනුවෙන් සි යොන්ග් මහන්සි වුණත් නේවාසික සිරකරු 6238 ගේ වෛද්‍ය උපදෙස් වලට අනුව වැඩ කරන්න ‍රෝහලේ වෛද්‍යවරයා වෙන ලී යූ ජූන් නම් කැමති වෙන්නේ නෑ. තමන්ගේ රෝගියාට බලාපොරොත්තුවක් වෙන්න ආව කන්ග් සියොන්ග්ට මේ 0.00001% ක සම්භාවිතාවක් ඇති රෝගයක් හොයාගෙන එය සුව කරන්න පුළුවන් වෙයිද? ඇත්තටම කවුද මේ නේවාසික 6238. පැහැදිලිවම දක්ෂයි කියලා පේන වෛද්‍යවරයෙක් හිරේ යන්න තරම් කරපු වැරැද්ද මොකක්ද කියලා අද කතාවෙන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ සිරකරුවාට සි යොන්ග්ගේ මාමා හිතනවා වගේ සි යොන්ග්ව නැවත් වෛද්‍ය වෘත්තියට යොමු කරන්න පුළුවන් වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,171 downloadsDownload Doctor-John-S01E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,171 downloadsDownload Subtitles32 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sanjaya

    tnx Dil..
    digatama sub denna...

  3. Eranda

    The king eternal monarch E16 sub දෙන්න සති 2 ඉදලා නැ
    ලොකු උදව්වක්

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Jayasanka

    ගොඩාක් ස්තුතියි

  6. melinda

    thank you

  7. Krishani

    Thank you