හොඳම කතාමාලාවට හිමි අන්තර්ජාතික එමී සම්මානය දිනාගත් එකම ඉන්දියානු නිර්මාණය වගේම විටින් විට IMDb Top Rated TV Shows 250 අතරටත් ඇවිල්ලා ඉඳලා යන Delhi Crime කතාමාලාව පළමු කතාසමයෙන්ම බොහෝ දෙනෙක්ගේ හිතේ ලැගුම් ගත්තු කතාමාලාවක්. ඒ නිසාමයි ගොඩක් අය බලපු හොඳම ඉන්දියන් වෙබ්කතාමාලාව බවට Delhi Crime පත්වෙන්නෙ…

හොඳම කතාමාලාවට හිමි අන්තර්ජාතික එමී සම්මානය දිනාගත් එකම ඉන්දියානු නිර්මාණය වගේම විටින් විට IMDb Top Rated TV Shows 250 අතරටත් ඇවිල්ලා ඉඳලා යන Delhi Crime කතාමාලාව පළමු කතාසමයෙන්ම බොහෝ දෙනෙක්ගේ හිතේ ලැගුම් ගත්තු කතාමාලාවක්. ඒ නිසාමයි ගොඩක් අය බලපු හොඳම ඉන්දියන් වෙබ්කතාමාලාව බවට Delhi Crime පත්වෙන්නෙත්. ඉතින් කවුරුත් බලන් හිටිය මේ කතාමාලාවේ ඊළඟ දිගහැරුම මීට සති කිහිපයකට කලින් අන්තර්ජාලයට නිකුත් කෙරුණා. විශ්වාස කරන්න මේ දෙවැනි කතාසමය කිසිම විදිහකින් අඩුපාඩුවක් කියන්න ඉතුරු කරලා තිබ්බේ නම් නැහැ, දෙන්න පුළුවන් තරු කීයක්ද ඒ හැම තරුවම උදුරගන්න තරම් Delhi Crime දෙවන කතාසමයත් සමත් වෙලා තියෙනවා කියලා බය නැතුව කියන්න ඕන. කතාව, රංගනය, දෙබස් මේ හැම අංශයක්ම තමන්ගේ උපරිමය දීලා මේ කතාමාලාවේ ගුණත්වය මේ සැරෙත් මහ ඉහළින් රඳවගෙන තිබ්බා.

ඉතින් කොටස් 5කින් විතරක් යුක්ත මේ Delhi Crime දෙවන කතාසමයේ අවසන් කොටසට උපසිරැසිය අරගෙන තමයි මං අද එන්නේ. කලින් කොටස ටිකක් උඩින් පල්ලෙන් වගේ මතක් කරගෙන යන්නම්. සැබෑ අපරාධකාරයෝ කවුද කියලා වර්තිකා ඇතුළු පිරිස නොදන්නවා වුණාට අපි දන්නවා. ජුග්නු සහ ආසාද් නිදොස් කොට නිදහස් වෙලාම ගියා. ඒ වර්තිකා කොන්ද කෙලින් තියන් ගත්ත තීරණයට පින් සිද්ධ වෙන්න. නැත්තම් ඒ දෙන්නත් නිකරුනේ එල්ලුම් ගහේ පහස ලබන්න තිබ්බා. ඉතින් මේ සිදුවීමත් එක්ක වර්තිකාට එල්ල වුණු පීඩනය තවත් දැඩිවෙන්න ගන්නවා. ඒ නිසාමයි විමර්ශනයන් කඩිනම් කරන්න එයා හිතාගත්තේ. ඔය අතර තමා නැති වුණු රත්තරන් ලොකට් එක සම්බන්ධයෙන් අපූරු හෝඩුවාවක් හම්බවුණේ. ඒ ලොකට් එක නිසා වර්තිකා ඇතුළු පිරිස විමර්ශනයේ කොච්චර දුරක් ගියාද, කාවහරි කොටුකරගත්තද කියලා දැන් බලපු අය දන්නවා. ඒ වගේමයි, සිද්ධ වෙච්ච අනතුර ගැනත් අමතක වෙලා නැතුව ඇතිනේ. ඔය අතර කච්චා බනියන් කල්ලිය තමන්ගේ අන්තිම දඩයමට සූදානම් වෙලයි තිබුණේ. හෙට උදේ ප්‍රවෘත්ති වලට මොනවා දැකගන්න දැනගන්න ලැබෙයිද? ඒ කුතුහලය ඔන්න එහෙමම තියනවා.

ඉතින් Delhi Crime කතාමාලාවෙනුත් සමුගන්න වෙලාව ඇවිල්ලා. මේ දක්වා මේ කතා සමයන් දෙකටම උපසිරසියෙන් දායකත්වය දක්වපු චානක ඉඳුනිල්, දහරා මුතුඅමා, සොහාන් ජයසූරිය, සුභාෂිණි මල්ලවාරච්චි, සිසිත සමරතුංග කියන සහෝදර සහෝදරියන් හැමෝවම ආදරයෙන් මතක් කරනවා. බොහෝ කතාසමයන් වල අවසානයේදී “මේක මෙතනින් ඉවරයක් වුණොත් හොඳයි” කියලා හිතුනට Delhi Crime වලදි නම් ඒක වෙනස්. ඉතින් තව වසරකින් දෙකකින් Delhi Crime තවත් කතාසමයකින් හමුවෙන්න ඉඩක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,055 downloadsDownload DC-S02-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

3,055 downloadsDownload Subtitles24 KB

16 comments

  1. Anonymous

    Thanks for all

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    Tzz

  4. Hasitha

    සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!

  5. tharidu16

    okkoma epi walata thanks

  6. Nisal

    නිතර කමෙන්ට් නොදැම්මට
    මේව දෙනවට පිං හොදෙයි
    දැන් හින්දි ෆිල්ම්වලට වඩා සීරීස් හොදයි

  7. V.P

    සිංහල උපසිරසිවලට ස්තුතියි

  8. Kavi

    බොහොම ස්තූතියි ඔබට ඇතුලු සියලුම දෙනාට
    මේ කරන කැපවීමට
    ජය වේවා!

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. D.Chamara

    bohom sthuthi kattiyatama sub eka dunnata .. thankasa ...

  12. Naveen

    උපසිරසිවලට තුති

  13. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  14. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි!

  15. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P