2019 වසරේදී නිකුත් වුණු Delhi Crime කතාමාලාව කාටවත් අමතක වෙන්න විදිහක් නම් නැහැ. ඉන්දියාවම සසල කරපු නිර්භයාගේ සිදුවීම අළලා නිර්මාණය කරපු ඒ පළමු කතාසමය ප්‍රේක්ෂකයන්ට කොච්චර සමීප වුණාද කියනවා නම් එදාමෙදාතුර වෙබ් ඉතිහාසයේ Delhi Crime කියන නාමය අමරණීය වෙනවා. ඒ නිසාමයි Netflix ආයතනයට තමන්ගේ ඉන්දියන් නිර…

2019 වසරේදී නිකුත් වුණු Delhi Crime කතාමාලාව කාටවත් අමතක වෙන්න විදිහක් නම් නැහැ. ඉන්දියාවම සසල කරපු නිර්භයාගේ සිදුවීම අළලා නිර්මාණය කරපු ඒ පළමු කතාසමය ප්‍රේක්ෂකයන්ට කොච්චර සමීප වුණාද කියනවා නම් එදාමෙදාතුර වෙබ් ඉතිහාසයේ Delhi Crime කියන නාමය අමරණීය වෙනවා. ඒ නිසාමයි Netflix ආයතනයට තමන්ගේ ඉන්දියන් නිර්මාණ වලින් මේ Delhi Crime කතාමාලාව අංක 1 වෙන්නෙත්. ප්‍රේක්ෂකයන් කොච්චර මේ කතාමාලාවට ආදරය කරා නම් කියනවා නම්, මේ කතාමාලාවෙන් කම්පනය වුණාද කියනවා නම් ඒ නිසාම මේ කතාමාලාව වතාවන් දෙකක් නම් බලන්න නැතුව ඇති. ඉතින් තවත් එක් වෙබ් කතාමාලාවක් මාලාවක් විදිහට විතරක් ලඝු නොකර Delhi Crime රසවිඳින්න කියලා ඉල්ලා සිටිනවා.
ඉතින් පළමු කතාසමය නොබලපු කෙනෙක්ට දෙවැනි කතාසමය බලන්න බෑ කියලා කිසිම තහංචියක් නැහැ. මොකද මේ දෙවැනි කතාසමය දුවන්නේ වෙනත් අපරාධයක් මූලික කරගෙන නිසා. සුපුරුදු විදිහටම ඉන්දියාවම සසල කරපු තවත් අපරාධයක්. පළමු කතාසමයේ හිටපු අපේ වර්තිකා ප්‍රමුඛ කණ්ඩායමම මේ සමයෙත් අපිට දැකගන්න පුළුවන්. ෂෙෆාලි ෂාහ්, රසිකා දුගල්, රාජේශ් තයිලන්ග් වගේම තිලෝතමා ෂෝම් මේ සමයට රංගනයෙන් එකතු වෙනවා. ඒ නම් ටිකම ඇති මේක රංගන පාසලක් විදිහට දැනෙන්නත්. ඒ තරමට වැඩකාරයෝ ටිකක්. ඉතින් අද මම අරන් එන්නේ Delhi Crime දෙවන කතාසමයේ 4වන කොටස අරන්. තවත් එක කොටසකින් මේ කතා සමයෙත් අවසානය සටහන් වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු මෙතෙක් කතාව.
කලින් කොටස පටන් ගන්නෙම කච්චා බනියන් කල්ලියේ දෙවන දඩයමත් සිද්ධ වෙලා කියලා අපිට පෙන්වන ගමන්. විශේෂය කියන්නේ එදා රෑමයි නීති බාරයේ ඉද්දි ජුග්නු සහ ආසාද් පැනලා ගියෙත්. ප්‍රධානම සැකකාරයෝ දෙන්නා දිල්ලි පොලිස් බාරයේ ඉඳලත් පැනලා ගිහිල්ලත් එදා රෑම තවත් දඩයමක් සිද්ධ කිරීමෙන් දිල්ලි පොලිසියට සිද්ධ වුණේ එසේ මෙසේ අවමානයක් නෙමේ. කොයිවෙලෙත් රාජකාරියට කැප වෙලා හිටිය නීතිට පවා වර්තිකාගෙන් එල්ල වුණේ ලොකු දෝෂාරෝපණයක්. හැමදේම දරුණු අතට හැරිලා තියෙද්දි දැනට අත්අඩංගුවට අරන් තියෙන පිරිසගෙන් හෝඩුවාවක් හම්බෙනවා ආසාද්ට සහෝදරියක් ඉන්නවා කියලා. ඉතින් විමර්ශනය කරගෙන යන්න තියෙන එකම පොට ඒක නිසා කට්ටිය ගිහින් අසාද්ගේ සහෝදරිය ඇතුළු මුළු පවුලම අත්අඩංගුවට ගන්නවා. එතනින් පස්සේ පොලිසියේදී වෙච්ච සිද්ධි ටිකත් අසාද්ගේ සහෝදරිය කරපු හෙළිදරව්වත් මතක ඇති. වර්තිකාට ආවේශ වුණේ එසේ මෙසේ යකෙක් නෙමේ. මේ මෙහෙයුම වෙනුවෙන් ආයෙත් බඳවගත්තු විශ්‍රාමික චඩ්ඩාවත් එළවලා දානවා. ඔය අතරේ හැමෝවම පුදුමකරගෙන පොලිසියට එනවා අමුත්තෝ දෙන්නෙක්. ඒ පැනලා ගියපු ජුග්නු සහ ආසාද්.
ඉතින් මේ කොටස එක්කත් එකතු වෙන්න. අවසන් කොටසත් එක්ක හමුවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,041 downloadsDownload DC-S02-E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Adil Hussain
- #Delhi Crime
- #Denzil Smith
- #Editor's Pick
- #Gopal Datt
- #Jaya Bhattacharya
- #MaxxA
- #Must Watch
- #Rajesh Tailang
- #Rasika Dugal
- #Shefali Shah
- #Sidharth Bhardwaj
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swati Bhatia
- #Yashaswini Dayama
- #උපසිරැසි
- #දිල්ලි ක්රයිම්
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
සිසිලියා වධකභාරී
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි!
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඉතුරු එපියත් දෙන්න. ඉවසිල්ලක් නෑ