2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල…

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු.
මුල් කතාසමය
කතාව පදනම් වෙලා තිබුනේ Karate Kid චිත්‍රපට පෙලට පසුව සිදුවන සිදුවීම් පෙළක් ඇසුරින්. තාමත් කතාමාලාව ගැන අදහසක් නැත්තම් මේ ලිපිය කියවන්න. මුල් කතාසමය තුලත් දකින්න ලැබුනේ ලරූසෝ වගේම ජොනී දෙන්නාගේ පරණ කෝන්තර නිසා සිද්දවෙච්ච හැලහැප්පීම් ගැනයි. ලරූසෝ වාහන අලෙවිසැල් හිමියෙක් වෙද්දී ජොනී ලෝරන්ස් ජීවත් වෙන්න කලේ කුලී වැඩ. එක්තරා තැනකදී පොඩි එකෙක්ට අඩම්තේට්ටම් කරන කට්ටියකට ජොනී පහර දීලා පස්සෙ අර බේරුණු පොඩි එකා, ඒ කිව්වේ මිගෙල් බල කලා තමන්ටත් කරාටේ කියාදෙන්න කියලා. ඉතින් පස්සෙ ආපහු වතාවක් ජොනී කරාටේ පැත්තට යොමු වෙන්න ගත්තා මිගෙල්ට කරාටේ කියාදෙන්න යොමු වීමත් එක්ක. නිකන් කරාටේ නෙවෙයි ජොනී ඒ කාලේ ඉදන් ඉගෙන ගත්ත කෝබ්‍රා කායි කරාටේ සම්ප්‍රදාය තමයි ජොනී ආපහු වතාවක් ආරම්භ කලේ.
මිගෙල් දවසින් දවස දක්ෂතා මතු කරගන්න ගත්තා. තමන් ඉගෙන ගන්න උසස් පාසලේ එයාට අඩම්තේට්ටම් කරපු අයට පවා පහර දෙන්න පුලුවන් මට්ටමට තමන්ගේ හැකියාවන් ඉස්මතු කරගත්ත මිගෙල් සටන් කරන විදිහ දැකලා තවත් සෑහෙන අය ජොනීගෙ කරාටේ ඩෝජෝ එකට එකතු වෙන්න ගත්තා. මේ කාලේ තමයි මිගෙල්, ඩැනියෙල් ලරූසෝගෙ දුව වෙච්ච සමන්තා ලරූසෝ එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තෙ. මේ සම්බන්ධය ගැන දෙපැත්තෙන්ම දැනගත්තම සෑහෙන ප්‍රශ්ණ පවා ඇතිවුණා. කෝබ්‍රා කායි කරාටේ නිසා දවසින් දවස ආක්‍රමණශීලි වෙන මිගෙල් ගැන සෑම්ට පවා කාලයක් යද්දී එපා වෙන්න ගත්තා. මේ වෙද්දී තමන්ගේම තාත්තා වෙච්චි ජොනීට වෛර කරන එයාගෙ පුතා රොබී, ඩැනියෙල් ලාරූසෝ එක්ක හිතවත් වෙන්න පටන් අරන් තිබුනේ. පස්සෙ එයාට මියාගී කරාටේ පවා කියාදුන්නා. ඩැනියෙල්ට හිතවත් වෙච්ච රොබී දිනෙක් දින සමන්තාටත් සෑහෙන හිතවත් වුනා. මේ දෙන්නා නිතරම වගේ එකට ඉන්නවා දැකපු නිසාම මිගෙල් සෑම් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා ඒ දෙන්නා වෙන් වෙන්නෙ.

අන්තිමට ආපහු වතාවක් කෝබ්‍රා කායි එකේ අය වගේම තවත් කරාටේ දන්න අය මුහුණට මුහුණ ගැටෙන දවසක් ආවා. ඒ තමයි 2018 සියලුම මිටියාවත් අතර තියෙන තරගාවලිය. අවසන් වටය දක්වාම අත්දක්ෂ විදිහට සටන් කරපු කෝබ්‍රා කායි කණ්ඩායමේ අවසන් වටය දක්වාම සටන් කල මිගෙල්ට සටන් කරන්න වුණේ රොබී එක්කයි. කොහොමහරි අවසානයේදී රොබීවත් පරාද කරලා මිගෙල් කෝබ්‍රා කායි කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන ආවා. ජයග්‍රහණ මැද්දේ සෑහෙන දෙනෙක් අතරේ හිත් රිදවීම් ඇතිවෙලා තිබුණේ. මේ අතරේ තමයි කතාව අවසානයට ජොනී ලෝරන්ස්ගේ පුහුණුකරු වෙච්ච ජෝන් ක්‍රීස් නැවත වතාවක් එන්නෙ.
දෙවැනි කතාසමය
ඉතින් ජෝන් ක්‍රීස් ආයෙ ඒමත් එක්ක තමයි දෙවැනි කතාසමය පටන් ගන්නෙ. මිනිහා හොද මූන පෙන්නගෙන ආවට අවසානෙදි ජොනීගෙ ගෝලයො සේරම කොටවලා, අන්තිමටම හරිහමං විදිහට හිමිකාරිත්වය ලබාගෙන තිබ්බේ නැති ඩෝජෝ එකේ අයිතියත් අතට අරගෙන, ජොනීගෙ ගෝලයො සේරම කරාටේ කිඩ් එකේ අය දරදඩු ගානටම ගෙන්නලා තිබ්බා. කාලයක් පුරාවටම ජොනී පුහුණු කරපු ගෝලයින් අතරත් ලාරූසොගෙ ගෝලයින් අතරත් ඉස්කෝලෙ ඇතුලෙ ඇති වෙච්ච අවසන් සටනෙදි ඒ ලමයි හැමෝම වගෙ සෑහෙන පහර කෑමට ලක්වෙලා තිබ්බා. රොබීව පරාද කරලත්, ජොනී කියා දුන්න විදිහට මනුස්සකම, නිහතමානී බව පෙන්නන්න ගිය මිගෙල්ව සෑහෙන උස බැල්කනියක ඉදන් බිමට වට්ටලා බරපතල විදිහට තුවාල වුනෙත්, අනික් කට්ටියට ලාමක වෙන විදිහ කියා දුන්නා කියලා එකෙහ් වැඩියෙන්ම දොස් ටිකත් හැමොගෙන්ම අහන්න සිද්දවුනෙ ජොනීටමයි.

මේ වෙච්ච දේවල් එක්ක ඇමැන්ඩා ලාරූසෝට කිව්වා කරාටේ ඩෝජෝ දෙක අතරේ වෛරයක් ඇති කරපු මියාගී-ඩෝ එක නවත්තන්න කියලා. තමන්ට දැනිච්ච වරදකාරී හැගීමත් එක්ක ජොනී මුහුදු වෙරලක් ලගට ගිහිං බීලා බීලා ෆෝන් එකත් විසි කරනවා. එතකොට Karate Kid චිත්‍රපටවල හිටිය ජොනීගෙත්, ලාරූසොගෙත් කාලයක් පුරාවට පෙම්වතිය වෙලා හිටිය ඇලී මිල්ස්ගෙන් ජොනීට ෆේස්බුක් රික්වෙස්ට් එකක් ආවා. කතාව අවසන් වෙච්ච විදිහට ජොනීට නම් ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නැහැ.
තුන්වෙනි කතාසමය
ජෝන් ක්‍රීස් නිසා කෝබ්‍රා කායි ඩෝජො එක විනාශ වෙමින් යද්දී, මිගෙල් බොහොම ලොකු අමාරුවෙන් කෝමා තත්වයෙන් සිහියට ආවත් එන්නෙ ඇවිදගන්න බැරි තත්වයෙන්. ජොනීබැනුම් අහගෙන ආපහු වතාවක් මිගෙල්ගෙ වගකීම අරං එයාව බොහොම අමාරුවෙන් සනීප කලා. මේ කාලේ වෙද්දී ජොනී සෑහෙන උත්සහ කලා රොබීව ජෝන් ක්‍රීස්ගෙන් වෙන් කරලා අරගන්න. ඒත් අර ගිරව් දෙන්නගෙ කතාව වගෙ රොබී වැටුණු ආශ්‍රය, ටෝරි වගෙ අය නිසා රොබී තව තවත් ඈතට ගියා මිසක් වෙන දෙයක් වුනේ නැහැ.
ඕනම දේක සීමාවක් තියෙනවා වගෙ කාලයක් යද්දී ඊලායි (හෝක්) තේරුම් ගත්තා ජෝන් ක්‍රීස්ගෙ විදි ඒ හැටි හොද නැහැ කියලා.මේ නිසාම ජොනී පටන් ගත්ත ඊගල් ෆැන්ග් ටීම් එකට එකතු වෙනවා. කතාව අවසන් වෙන්නෙ ජෝන්,ජොනී, ලාරූසෝ වගේම රොබී අතරේ ලොකු රණ්ඩුවක් සටනක් බවට පත් වෙලා ඒ සටනින් පරදින ජෝන් ක්‍රීස් ප්‍රශ්නෙ විසදගන්න ජොනීටත් වගේම ලාරූසෝටත් තරගයකට අභියෝග කරලා. මේ නිසාම ඊගල් ෆෑන්ග් වගේම මියාගී-ඩෝ කියන ඩෝජෝ දෙක එකට එකතු වෙනවා. ඒ පොදු හතුරෙක්ව පරාජයට ලක් කරන්න. විශේෂයෙන්ම අමතක නොකරම බැහැ Karate Kid චිත්‍රපට පුරාවට දැකගන්න ලැබුණු ඇලීගෙ ආරාධිත රංගනය තව තවත් මතකයන් අලුත් කලා.

තුන්වෙනි කතාසමය දැකගන්න ලැබුනෙ විශේෂයෙන්ම ජෝන් ක්‍රීස්ගෙ වර්තමානය වගේම එයා සොල්දාදුවෙකු විදිහට සේවය කරපු කාලේ සිදුවීම් එක්කයි. විශේෂයෙන්ම Karate Kid තුන්වන චිත්‍රපටය හරහා හදුන්වා දුන්න ටෙරී සිල්වර් පවා ජෝන් ක්‍රීස්ට මුණගැහෙන්නෙ මේ කාලෙදිමයි.මේ දෙන්නා කරාටේ කිඩ් චිත්‍රපට වලදී මුණ ගැහුනා වගේම තමයි හතරවැනි කතාසමයට එන ටෙරීගෙ ආගමනයට ඉගි ලබා දෙමින් තමයි තුන්වන කතාසමය අවසන් වෙන්නෙ.
හතරවන කතාසමය
ඊගල් ෆෑන්ග් වගේම මියාගී-ඩෝ එකට එකතු වුනාට මේ අයට දැන් මුහුණ පාන්න වෙන්න ලොකුම අභියෝගය තමයි ඩෝජෝ දෙකක ශිෂ්‍යයින්ව එකම ශිල්ප ක්‍රමයක් යටතේ, එකම නීති ක්‍රමයක් යටතේ කියාදෙන්න ලැබෙයිද කියන එක. කොච්චර වුනත් දැන් මේ දෙකේම සෙන්සේලා කාලෙකට කලින් හතුරන් වෙලා ඉදලා මිතුරන් වෙන්න සෑහෙන වෙහෙසක් දරපු දෙන්නෙක්. මේ දෙගොල්ලො අතරේ ඇතිවුන පරස්පර නිසාම එකම ඩෝජෝ එකක වෙනම කොටස් දෙකකට කඩලා තමයි පුහුණු වීම් කලේ. ජොනී වගේම ඩැනියෙල් එකට එකතු වෙලා චැඩ කරන්න ගත්ත නිසාම ජෝන් ක්‍රිස් තීරණය කලා ටෙරී සිලවර් ආපහු වතාවක් කෝබ්‍රා කායි එකට ගෙන්නන්න ඕන කියලා. මුලදී මේ දෙන්නගේ මිත්‍රත්වයෙන් කෝබ්‍රා කායි ඩෝජෝ එකේ වැඩ සිද්දවුනත් කතාව අවසානය වෙද්දී ස්ටින්ග්‍රේට දරුණු විදිහට පහර දීලා ඒකෙ වරද ජෝන් ක්‍රිස් පටවලා එයාව හිරේ යවන තැනට කටයුතු කලා. ඒවගේම ක්‍රිස්ගේ ඉල්ලීම නිසාම ටෝරි ආයෙ වතාවක් ටෝරි කෝබ්‍රා කායි එක්ක එකතු වෙලා රොබී එක්ක එකතු වෙලා අනික් ළමයින්ව මෙහෙයවලා කෝබ්‍රා කායි එකේ යම්තාක් දුරක මූලිකත්වයක් දැරුවා.
රොබීට පුද්ගලිකවම පුහුණුවීම් කරලා කෝබ්‍රා කායි එකට බදවාගන්න සිද්දවුන තවත් අලුත් ළමයෙක් තමයි කෙනී පෙයින් කියන්නෙ. ඩැනියෙල්ගෙ පුතා ඇන්තනි ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් ඉස්කෝලේ ගිය මුල්ම දවසේ අඩම්තේට්ටමට ලක්වෙන නිසා අවසානෙදි එයාට රොබීව මුණගැහිලා ඩැනියෙල්ට එයාගේ බය නැති කරන්න මියාගී මහත්තයා උදව් කලා වගෙ රොබි එයාට උදව් කලා. ඒත් කෙනීගේ අසිමාන්විත වියරුව නිසා ඕල් වැලී තරගාවලියේ ඩෝජෝවල පුද්ගලික තරහ පිරිමිහන සටන් යන අතරේම කෙනීගේ තරහ ඇන්තනිගේ පිටින් යවන්න අවස්ථාව ලැබෙන්නෙ නැගිටගන්නවත් බැරි විදිහේ පහර කෑමකට ලක් වෙලා. මේ සිදුවීම දැකලා නවත්තන්න ආව රොබීට එතකොට පවා තේරුම් ගියා එයාගේ කියාදීම්වල ලොකු අවුලක් තියෙනවා.

කොහොමහරි ඕල් වැලී අවසන් තරගාවලියේ දිනුම ටෝරිගේ අතින්ම කෝබ්‍රා කායි එකට අරගෙන කුසලානය අරන් ඩෝජෝ එකට එද්දී එයාට දකින්න ලැබුනා ටෙරී තරග විනිෂ්‍යකරුවෙකුට අල්ලස් දෙනවා. මේ අතරේ ඕල් වැලී අවසන් වට වලටවත් සම්බන්ධ නොවී මිගෙල් මෙක්සිකෝව බලා ගිහිල්ලා තිබුනා එයාගේ තාත්තව හොයාගෙන. ඒවගේම අවසන් කොටස ඉවර වුනේ කෝබ්‍රා කායිලව සදහටම ඉවරයක් කරන්න චෝසන්ගෙන් උදව් ඉල්ලගෙන ගියපු ඩැනියෙල්ගේ සිදුවීම් පෙලත් එක්කමයි.
එහෙනම් ඔන්න 2022 වසරත් ඉවර වෙන්න මාස කිහිපයක් තියෙද්දී Cobra Kai පස්වැනි කතාසමය අරගෙන මුණගැහෙන්න ආවා. ගිය අවුරුද්දේ මුලයි අගයී දෙකේම Cobra Kai කතාසමයන් දෙකක් ලැබුනත් මේ වතාවේදී ලැබෙන්නෙ එක් කතාසමයක් විතරයි. මේ වසරේ සැප්තැම්බර් 09’වැනිදා Netflix ඔස්සේ පස්වැනි කතාසමය නිකුත් වුනේ සුපුරුදු කොටස් දහයම එකවර නිකුත් කරමින්.
එහෙනම් ඉතිං මුල් කොටස් දෙකම රස විදින්නකො. තව එක පැය විසි හතරක කාලයක් අපි එක්ක රැදිලා ඉන්නවනම් මේ කතාසමයට අදාල ඉතිරි කොටස් සියල්ලම ලබාදෙන පොරොන්දුවෙන් සමුගන්නවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,968 downloadsDownload Cobra-Kai-S05-E01-E02.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2021
- #Courtney Henggeler
- #Dallas Dupree Young
- #Editor's Pick
- #Jacob Bertrand
- #Karate Kid
- #Martin Kove
- #Mary Mouser
- #MaxxA
- #Offbeat
- #Peyton List
- #Ralph Macchio
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #The Karate Kid
- #Thomas Ian Griffith
- #Vanessa Rubio
- #William Zabka
- #Xolo Maridueña
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
19 comments
Madushan Kumara
Bhashitha
❤✌
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Sumith Kumara
ජය වේවා තෑන්ක් යූ❤️❤️❤️❤️❤️❤️❤️
Mano
Thanks saho
INDUSARA
ආසයි ආසයි ඔක්කොම ඉක්මනට දෙන එකනම් මරු ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ..
හැකිනම් See S03 ( Final season ) එකට සබ් දෙන්න..
Anuja Lakshitha
thanks ayye sub ekt
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
MAALNATH
Thanks....good luck....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Chiran
Episode 3 denawada aiye
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියී...❤
darkseid
මෙවා සිංහලෙන් නෙවේනේ බන් තියෙන්නේ
Darkseid
hee hee wihiluwak kare. thanks machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nisal
Season 6 එකේ සබ් එකත් ඉක්මනට ඕනේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank You Very Much Brother !!!!!!