මෙහෙයුමේ බර වැඩිහරියක් කරට ගත්ත තව කෙනෙක් තමා දාජී කියන්නේ. පහුගිය කොටසෙදි එයාට තලෛවන්ලගේ පැත්තෙන් ලැබුණේ දරාගන්න බැරි කම්පනයක්. එදා වැඩ ඇරිලා ගෙදර එද්දි ගේ ළඟ පොලිසියෙන් වගේම ගිලන් රථයකුත් තිබ්බා. ඒ ගැන විපරමින් වාහනෙන් බැස්ස දාජී දැක්කේ තමන්ගෙ ආදරණීය බිරිඳගේ මලකඳ. දාජීට ශක්තියක් වෙන්න ජයන්ත් එතනට…

මෙහෙයුමේ බර වැඩිහරියක් කරට ගත්ත තව කෙනෙක් තමා දාජී කියන්නේ. පහුගිය කොටසෙදි එයාට තලෛවන්ලගේ පැත්තෙන් ලැබුණේ දරාගන්න බැරි කම්පනයක්. එදා වැඩ ඇරිලා ගෙදර එද්දි ගේ ළඟ පොලිසියෙන් වගේම ගිලන් රථයකුත් තිබ්බා. ඒ ගැන විපරමින් වාහනෙන් බැස්ස දාජී දැක්කේ තමන්ගෙ ආදරණීය බිරිඳගේ මලකඳ. දාජීට ශක්තියක් වෙන්න ජයන්ත් එතනට ඇවිත් හිටියා. තලෛවන් ඇතුළු කල්ලියට බේරෙන කිසිම ඉඩක් තියන්නෑ කියලයි ජයන්ත් දාජීට පොරොන්දු වුණේ.
මේ අතර ෆ්‍රැන්සිස්, බිහාර් ඇතුළු තමන්ගෙම සහචරයන්ව අහිමි කරගෙනත් ශිවාට වීරාට හිතාගන්න බැරිවුනා කවුද මේ කොටවන වැඩ කරන්නේ කියලා වීරාට ලොකු සැකයක් තිබ්බ ජෝ ගැන. ඒ නිසා ජෝගේ ඉදිරි කාලය එච්චර සුබ වෙන එකක් නම් නෑ.
මාත්‍රේගේ පුතාගේ සොයාගැනීමත් එක්ක මයිකල් හිටියේ යකා නැගලා. සකීනාවත් ළඟට කරගෙන කියපු දේවල් වලින් සකීනාට තේරුණා මහේෂ් ගැන මයිකල් දැනගෙනය කියල. බඩු ටිකක් ගන්නය කියලා ගෙදරින් එලියට පැනගත්ත සකීනා මහේෂ්ව හොයාගෙන ගියේ ආයෙ මයිකල්ගෙ ගෙදර පස්වත් පාගන්නෑ කියලා හිතාගෙන. මහේෂ්ව හම්බවෙලා එතන පොඩි කතන්දරයක් යද්දි හරියටම එතනට දීපු එනවා වගේම හැමදේම දකිනවා.
වීරාගේ උසි ගැන්වීමෙන් ශිවා ජෝ වෙනුවෙන් පරික්ෂණයක් කරනව මතක ඇති. නොහිතපු විදිහට ජෝ ඒක සමත් වෙනවා. ඒකෙන් ශිවාට ජෝ ගැන තියෙන විශ්වාසය තවත් වැඩිවෙනවා. ඒ වගේම මතක ඇති ශිවා අලුත් තලෛවන් විදිහට කල එලි බහිනවා. වටේ පිටේ අය මේකට වැඩි කැමැත්තක් තිබ්බේ නෑ වගේම පලමු හමුවේදිම බහුතරයකගෙන් ලොකු කලබගෑනියක් සිද්ධ වුණා මතක ඇති. වීරා මැද්දට පැනලා ඒක සමතයකට පත් කරා වගේම හැමෝගෙම විශ්වාසය දිනාගන්නත් සමත් වුණා. මේක ශිවා දැක්කේ හොඳ විදිහකට නෙමේ. තමන්ගෙම සහෝදරයා තමන්ට තර්ජනයක් විදිහටයි එයාට පෙනුනේ.
ඔය අතර තලෛවන්ට සිහිය එනවා. මහේෂ් දිපුට එයා කරපු හැම වැඩක් ගැනමත් ඒකට හේතුවත් කියනවා. තලෛවන්ට සිහිය ආවා කියන පනිවිඩේ ලැබුණු ගමන් මහේෂ් රිවෝල්වරයත් අරන් එයාව බලන්න යනවා. මහේෂ්ගේ පාපොච්චාරණයෙන් දෙලොවක් අතර තනි වෙච්ච දීපා තීරණය කරගන්නව මහේෂ් එක්ක තිබ්බ සම්බන්ධෙට තිත තියන්න. ඔය අතරේ කරකියාගන්න දෙයක් නොතිබ්බ සකීනා ආයෙ මයිකල් ගාවටම ගියා. රෑ කෑම වෙලේදි මයිකල් සකීනා වෙනුවෙන් වෙනම සංග්‍රහයක් ලෑස්ති කරගෙන හිටිය වග සකීනා දැනගෙන උන්නේ නෑ.
ඔය ටික තමයි කලින් කොටසෙදි සිද්ධ වුණේ. අද අරන් ආපු මේ 9 වෙනි කොටසත් බලන්න එහෙනම්. ඉක්මනටම අවසන් කොටස අරන් එන්නම්. මේ Dharavi Bank කතාමාලාවයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,666 downloadsDownload Dharavi.Bank_.S01E09.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Dharavi Bank (222) Sinhala sub
- #Dharavi Bank (222) Sinhala subtitles
- #Dharavi Bank S01 Sinhala subtitles
- #Dharavi Bank Season 1 Sinhala sub
- #Dharavi Bank Season 1 Sinhala subtitles
- #Dharavi Bank Sinhala sub
- #Dharavi Bank Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Sarthak Dasgupta
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonali Kulkarni
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Suniel Shetty
- #TV
- #Vivek Oberoi
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Anonymous
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Upul nisshanka
Great
Upul nisshanka
ගොඩක් ස්තුතියි සහෝදරයා.. ගොඩක් ආසාවෙන් බලන් ඉඳපු එකක්
RAJITHA
PLS SEND LAST EPISODE SUB...
GOOD WORK..Muthu
Last epiya dennako brother ekmanata
Muthu
Last epiya dennako brother ekmanata eeye raa edan balan enne epiya balanna
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dharavi Bank [S01: E09] Sinhala Subtitles | දුෂ්ටයාගේ පිබිදීම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Dharavi-Bank-2022-1.jpg)

Thanks bro
Last episode ekath ikmanin demu