ඩොරෝරෝ ඇනිමේ සීරීස් එකේ 5 සහ 6 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ? දැන් කට්ටියම දන්නවනේ එදා ගඟේ පා වෙලා ගියපු ඒ ඇටසැකිල්ලක් වගේ හිටපු කොල්ලා Demon Slayer කෙනෙක් උනේ කොහොමද කියලා. ජුකායි විසින් යක්කිමරුව උස් මහත් කරලා ඔහුව පුහුණු කරලා මේ ගමන පිටත්…

ඩොරෝරෝ ඇනිමේ සීරීස් එකේ 5 සහ 6 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ? දැන් කට්ටියම දන්නවනේ එදා ගඟේ පා වෙලා ගියපු ඒ ඇටසැකිල්ලක් වගේ හිටපු කොල්ලා Demon Slayer කෙනෙක් උනේ කොහොමද කියලා. ජුකායි විසින් යක්කිමරුව උස් මහත් කරලා ඔහුව පුහුණු කරලා මේ ගමන පිටත් කරපු විදිහ දැක්කනේ. ඒ වගේම ජුකායීගේ අතීත විස්තරත් ඔයාලට දැන ගන්න ලැබුණා. ඒ වගේම නිහිරු කියන යක්ෂයාගේ ශාපලත් කටානාවත් යක්කිමරු විනාශ කළා. ඉතින් 4 වෙනි කොටස නම් අවසන් උනේ ටිකක් සංවේදී විදිහට. කොහොමින් කොහොම හරි දැන් යක්කිමරුට එයාගේ කන් දෙකත් ආපහු ලැබුණනේ. ඒ කියන්නේ යක්කිමරු දැන් ශබ්දයටත් සංවේදීයි.

ඉතින් අද කොටසින් මොකද වෙන්නේ? ඉතින් යක්කිමරු හා ඩොරෝරෝ තම චාරිකාව අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා. අද කොටසෙදී පරණ යාලුවෙක් මේ දෙන්නට ආපහු හම්බෙනවා. ඒ වගේම යක්කිමරුට අමුත්තියකුත් හම්බෙනවා. ඇය යුද්ධයෙන් අනාථ වුනු ළමයි එක්ක ඉන්නේ. ඒ මදිවට දයිගෝව, සකායී වංශය එක්ක යුද්ධයක පැටලිලා. ඉතින් මේ දේවල් එක්ක යක්කිමරුගේ චාරිකාව ඉදිරියට යන්නේ කොහොමද? බලලම දැනගන්නකෝ.

07 සහ 08 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,649 downloadsDownload Dororo-S01-E05-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,649 downloadsDownload Subtitles23 KB

3 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️