Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller Mystery ගණයේ හින්දි වෙබ් කතාමාලාවක් තමා අපි මේ බලාගෙන යන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා නිර්දේශ කරලා ඉන්නම්කෝ. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී දවස් ත…

Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller Mystery ගණයේ හින්දි වෙබ් කතාමාලාවක් තමා අපි මේ බලාගෙන යන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා නිර්දේශ කරලා ඉන්නම්කෝ. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී දවස් තුනක් ඇතුළත මේක ඉවරයක් කරන්නත් ඔයාලට පුළුවන්. සීසන් ගණන් ඇදෙන නිර්මාණයකුත් නෙමේ පේන හැටියට නම්. ඉතින් ඔය හැමෝටම Masoom එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම හැරෙමු මේ කතාමාලාවේ පහුගිය කොටස් ගැන මතක් කරගන්න.

පලවෙනි කොටසේ ආරම්භය වුණේ තරුණියක් ඉවක් බවක් නැතුව පාර පුරා තමන්ගේ රිය පදවගෙන එන දර්ශනයකින්. ඒ සනා කියලා දැන් ඔය කවුරුත් දන්නවා. අනතුරක් නොවී සනා එදා බේරුණේ අනූනමයෙන්. කාර් එක සනා පදවාගෙන ආවේම ඇඬු කඳුළින්. හේතුව ඔයා දන්නවා. මෙච්චර කාලයක් එක්තැන් වෙලා හිටි සනාගේ අම්මා නැතිවෙලා. මේ හදිසියේම. අම්මා මැරෙන්න තරම් අසනීපෙකින් නොහිටි බව සනා හොඳටම දන්නවා. දුකත් කම්පනයත් සනාව හෙම්බත් කරලා තියෙද්දියි සනා ගෙදර එන්න පිටත් වුණේ එයාගේ වාහනෙන්ම.

මගදී සිද්ධ වෙච්ච දේත් එක්කලා සනාට මුණගැහුණු පොලිස් නිලධාරියා මතක ඇතිනේ. සනා කියන්නේ බල්රාජ් කියන වෛද්‍යවරයගේ දුව කියලා දැනගත්තම පොලිස් නිලධාරියා සනාව ගෙදරටම ගිහින් දානවා. සනා යද්දීත් අම්මගේ මිනිය ගෙනත් තිබ්බේ නැහැ. මුළු පවුල හිටියේ ගුප්ත නිහැඬියාවක. දොස්තර මහත්තයා සහ සනා අතර එච්චර උණුසුම් හමුවීමක් සිද්ධ වුණේ නැහැ. සනාගේ අක්කා සහ අයියා නම් සනාව පිළිගත්තේ තමන්ගේ දුක තුනී කරගන්න කෙනෙක් වැඩි වුණාට හිතේ උපන් කැමැත්තෙන්. සනා දුකින් වුණත් හිටියේ විමසුම් ඇස් වලින්. ද්වේශය පිරුණු සනාගේ ඇස් විටින් විට යොමු වුණේ එයාගේ තාත්තා දිහාට. මේ කාගේ කාගෙත් හිත් වල රහස් ගොඩක් තෙරපි තෙරපි තිබ්බ බව සනා වුණත් නොදැන හිටි දෙයක්.

දැන් එතැන් සිට…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

1,089 downloadsDownload MM-S01-E03-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,089 downloadsDownload Subtitles22 KB

4 comments

  1. Anonymous

    sub ekata thanx machooo

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Kushan

    Sub akta thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.