Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller ගණයේ හින්දි වෙබ් කතමාලාවක් තමා මම මේ අරන් එන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා මුලින්ම නිර්දේශ කරලා ඉන්නම්කෝ. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී දවස් තුනක්…

Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller ගණයේ හින්දි වෙබ් කතමාලාවක් තමා මම මේ අරන් එන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා මුලින්ම නිර්දේශ කරලා ඉන්නම්කෝ. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී දවස් තුනක් ඇතුළත මේක ඉවරයක් කරන්නත් ඔයාලට පුළුවන්. සීසන් ගණන් ඇදෙන නිර්මාණයකුත් නෙමේ පේන හැටියට නම්. ඉතින් ඔය හැමෝටම Masoom එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම හැරෙමු මේ කතාමාලාව ගැන ටිකක් කතා කරන්න.
Masoom කතාමාලාවට විචාරක ප්‍රේක්ෂක හොඳ ප්‍රතිචාර නම් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේකට රංගනයෙන් දායක වෙන උදවිය සහ ඔවුන්ගේ රඟපෑම වැඩියෙන්ම පැසසීමට ලක්වුණා. ඒ කවුරු ගැනද කතා වුණේ කිව්වොත් Boman Irani, Samara Tijori, Manjari Fadnnis වගේ අයව පෙළගැස්සුවහැකි. බෝමන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ 3 Idiots එකේ වෛරස් ඇතුළුව කරපු තරමක් කළේ අපිට මතක හිටින චරිත. බොහොම දක්ෂ රංගනශිල්පියෙක්. ඒ වගේම සමාරා ගැන කිව්වොත් නම් වැඩිය කවුරුත් දන්නේ නැතුව ඇති. ඇය Deepak Tijori කියන නළුවාගේ දියණිය. ඔයාල Bob Biswas එහෙම බැලුවා නම් සමාරා ඒකෙත් මතක හිටින චරිතයක් කරා කියලා ඔලුවට එයි.
ඉතින් දැන් මං කතාව ගැන ටිකක් කියලා ඉන්නම්. සනා කියන්නේ තමන්ගේ තරුණ වයස විඳිමින්/විඳවමින් ඉන්න තරුණියක්. එයාගේ තාත්තා නගරේ නම දිනාගත්තු ලොකු වෛද්‍යවරයෙක්. තාත්තා, අම්මට අමතරව එයාට වැඩිමහල් සහෝදරයෙක් වගේම වැඩිමහල් සහෝදරියකුත් ඉන්නවා. සනාගේ මේ පවුලට මුළු ගමෙන්ම ලොකු පිළිගැනීමක් තිබුණා. ඒ තරමට ලොකු පවුලක්. ඒත් මේ පවුල ඇතුලේ මොකක්දෝ නොදන්න අවුලක් තිබ්බා. පිටින් ඉන්න කාටවත් ඒක දැනුනේ නෑ. සනා වුණත් මේ පවුල ඇතුලේ ඉන්න ලොකු කැමැත්තක් පෙන්නුවේ නෑ. පුළුවන් හැම වෙලාවටම එයා කළේ පවුලෙන් ඈත් වෙලා ජීවත් වෙච්ච එක. දවසක් ලොකු සිදුවීමක් වෙලා සමාරා මේ පවුලෙන් ඈත් වෙලාම යන්න ගියා. එයා ඈතම ඈත කොලේජ් එකක ඉගෙනගත්තා එහෙ තිබ්බ හොස්ටල් එකකට වෙලා. එහෙ ගියාට පස්සේ සනා ගෙදර ආවේ අතේ ඇඟිලි ගාණටත් අඩුවතාවල් වලදී විතරයි. ඒත් හදිසියේම එක දවසක් සනාට ආරංචි වුණේ අදහගන්න බැරි දෙයක්. ඒක අහපු වෙලේ සනාට ඇති වුණු කම්පනය මෙහෙමයි කියන්න බැරි වුණා. කෙලින්ම කාර් එකට නැග්ග සනා ඉවක් බවක් නැතුව ඒක පදවගෙන යන්න පටන් ගත්තා..
දැන් එතන ඉඳන්…!!!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
3,107 downloadsDownload MM-S01-E01-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
11 comments
ආසිරි ප්‍රියන්ත (හේවා)
AS
THANKS BRO
අචින්ත
ගොඩ දවසකින් වෙබක් බලන්න හිතුනේ
දෙපාරක් ස්ථූති වේවාKushan
Sub akta thanks
Nimesh
එල එල..
තෑග්න්න්ස් බ්‍රෝ සබ් එකටtharidu16
okkoma awama balanawa . thanks bokka
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Yaanai-2022 sub plz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


සුපිරියක් වගේ...
බෝමන් ඉන්න නිසා බලන්නම වෙනවා..
තැන්ක්ස් සිසි සබට..
ජයවේවා!!