Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller Mystery ගණයේ හින්දි වෙබ් කතමාලාවක් තමා මම මේ අරන් එන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා නිර්දේශ කරනවා. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී මේක බලලා ඉවරයක් කර…

Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller Mystery ගණයේ හින්දි වෙබ් කතමාලාවක් තමා මම මේ අරන් එන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා නිර්දේශ කරනවා. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී මේක බලලා ඉවරයක් කරන්නත් ඔයාලට පුළුවන්. සීසන් ගණන් ඇදෙන නිර්මාණයකුත් නෙමේ පේන හැටියට නම්. ඉතින් ඔය හැමෝටම Masoom එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ අවසාන කොටස් දෙක. හැරෙමු පහුගිය කොටස් වල සිද්ධ වෙච්ච විශේෂ දේවල් දිහාට.

තමන්ගේ මවගේ හදිසි මරණයෙන් එල්ල වෙච්ච දුක, කම්පනයට අමතරව මේ හැමදේකින්ම එල්ල වෙන පීඩනයට අමතරව තමන්ගෙම මාමා ගෙදෙට්ට රිංගගෙනත් සනාට එල්ල කරන්න ගත්තේ සුළුපටු ප්‍රහාරයන් නම් නෙමේ. සාදයෙදී සනාගෙන් බැරිම තැන එල්ල වෙච්ච පහරට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න මිනිහා හිතාගෙන සනාගේ පිටිපස්සෙන් ලුහුබැන්දා මතක ඇති. ඉතින් සනා මාමාගෙන් වෙඩි කෑවද? බලපු අය දන්නවා ඇති මොකක්ද සිද්ධ වුණේ කියලත්. ඒ වගේම ඒ පිස්තෝලය කොහේ ඉඳන් කොහාටද ගියේ, අන්තිමට ඒක කා අතටද පත් වුණේ කියලත් ඔයා දන්නවා. අවසානය සුපුරුදු විදිහටම සනාගේ දුක් ගොන්නට තවත් දුකක් එකතු කරා.

මොන්ටිගේ සිදුවීම, පොකුණ ගාවින් අතුරුදහන් වෙච්ච කොකා, සනාගේ සහෝදරීගේ විවාහ ජීවිතේ වගේ සහෝදරයගේ අසම්මත ජීවිතේ මේ හැමදේම ගැනම පැහැදිලි කරගන්න පුළුවන් වේවි මේ අවසන් කොටස් දෙකෙන්. වැඩි දෙයක් මෙතන නොකියන්නේ එහෙම කියලා බලලා වැඩක් නැති නිසා. එහෙනම් මුළු කතාමාලාවටම සිංහල උපසිරැසි දීලා අහවරයි. නොබලපු අයත් දැන්මම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් කතාමාලාවක් සමඟ පුළුවන් ඉක්මනටම මුණගැහෙන්න එන්නම්. එතකල් හැමෝටම ජයවේවා. Masoomඑක්ක එකතු වුණු හැමෝටම ස්තූතියි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

963 downloadsDownload MM-S01-E05-E06.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

963 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Anonymous

    thanx macho. honda kathawak.

  2. Hasitha

    සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!

  3. Samesh

    Arun vijay ge yannai film eke sub eka dennko

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Anonymous

    Thanks for all sub

  6. Kushan

    Sub akta thanks

  7. Naveen

    උපසිරසිවලට තුති

  8. Anonymous

    Thankz

  9. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.