හරියටම සතියකට පස්සේ මේ අරන් එන්නේ HotD කතා මාලාවේ හය වෙනි කොටසයි. වෙනදට නම් මේ වෙද්දී සයිට් එකේ සබ් එක පබ්ලිශ් වෙලා තිබුණත් අද නම් වැඩේ පරක්කු වුණා. මේක හේතුව තමා මට හදිසියේම විභාගයකට මුහුණ දෙන්න වුනු එක. ඉතිං පුලුවන් වුණු ගමන්මයි සබ් එක ඉවර කරලා මේ අරන් එන්නේ. ඉතිං පරක්කු වීම නිසා අපහසුතාවයක් වුණා…

හරියටම සතියකට පස්සේ මේ අරන් එන්නේ HotD කතා මාලාවේ හය වෙනි කොටසයි. වෙනදට නම් මේ වෙද්දී සයිට් එකේ සබ් එක පබ්ලිශ් වෙලා තිබුණත් අද නම් වැඩේ පරක්කු වුණා. මේක හේතුව තමා මට හදිසියේම විභාගයකට මුහුණ දෙන්න වුනු එක. ඉතිං පුලුවන් වුණු ගමන්මයි සබ් එක ඉවර කරලා මේ අරන් එන්නේ. ඉතිං පරක්කු වීම නිසා අපහසුතාවයක් වුණා නම් මුලින්ම ඒ ගැන සමාව ඉල්ලන්නවා. එහෙනම් පුරුදු විදිහටම අද ලිපියට යමු.
පසුගිය කොටසින්
House Of The Dragon සීරීස් එකේ දැනට බලන්න පුලුවන් වුණු ප්‍රබලම එපිසෝඩ් එකක් තමා පස්වෙනි කොටස. සීරීස් එකේ ඉස්සරහට වෙන්න තියෙන ඓතිහාසික සිදුවීම්වලට පදනම පළවෙනි කොටස් හතරෙන් දැම්මත්, ඒ දේවල් ගිණි අවුලපු කොටස වුණේ පස්වෙනි කොටසයි.
මේ කොටස නම් වෙලා තිබුණේ “We Light The Way” නමින්. මේකේ තේරුම ගත්තොත් “අපි මාර්ගය ආලෝකමත් කරනවා” කියන අදහසයි එන්නේ. මේක විශේෂ වෙන්න හේතුව ගත්තොත්, මේ වචන හතර තමා ඔටෝ සහ ඇලිසන්ට් අයිති වෙන House Hightower එකේ motto එක, එහෙම නැත්තන් ආදර්ශ පාටය.
එපිසෝඩ් එකේ ප්‍රධාන සිදුවීම ටාගේරියන් සහ වැලාරියන් වංශ දෙකට වෙන් වුණත්, ඔවුන්ගේ සෙවනැල්ල පසුපස ඔවුන්ටත් නොදැනීම ඇලිසන්ට් ප්‍රමුඛ හයිටවර් වංශය නැගී සිටින විදිහ මේ එපිසෝඩ් එකෙන් පෙන්නුවා. අනිත් දේ තමා මේ කොටසෙදි අනිත් අයගේ කීම් කෙරුම්වලින් තැලිලා හිටිය ඇලිසන්ට් අවසානයේදී තමන්ගෙ තත්ත්වය තේරුම් අරන් මේ සටනට එකතු වීම. හරියටම ගත්තොත් ඇය තමන්ගේ මාර්ගය කල එළි කරගැනීමක් තමා මෙතනදි සිද්ද වුණේ. අන්න ඒ නිසයි “We Light The Way” විදිහට මේ කොටස නම් වෙලා තිබුණේ.
එපිසෝඩ් එක පටන් ගන්නේ වේල්වල සිදුවීමකින්. වේල් කියන්නේ කොච්චර සුන්දර භූමියක්ද කියලා මේ කොටසෙදි බලාගන්න ලැබෙනවා. වේල්වල ලොකු බලයක් සහිත ප්‍රභූවරියක් වගේම ඩේමන් ටාගේරියන්ගේ නීත්‍යානුකූල බිරිඳ වෙන රියා රොයිස්ව කොටස ආරම්භයේදී පළවෙනි වතාවට හඳුන්වලා දෙනවා.
ඩේමන්ගේ පැහැදිලි කිරීම්වලින් රියා ගැන අපි මවාගෙන හිටිය ප්‍රතිරූපයට වඩා ඇය වෙනස් කෙනෙක් කියලා දැකගන්න පුලුවන් වුණානේ.
මෙතනදි තමා අලු පාට චරිතයක් වෙන ඩේමන් තමන්ගේ කලු ස්වරූපය එක්ක ඇය ඉදිරිපිටදී මතු වෙන්නේ. ඔහුව හඳුනාගන්න රියා ඩේමන්ට ව්‍යංගාර්තයෙන් අපහාසයන් ගොඩක් කරනවා.
“Have you, at last, come to consummate our marriage? The Vale’s sheep might be willing, even if I’m not.”
තමන් එක්ක කවදාවත් කායිකව එකතු වෙලා හිටියෙ නැති ඩේමන් එක පාරම වේල්වලින් මතුවුනේ, ඒ දේ කරලා තමන්ගේ විවාහය සම්පුර්ණ කරගන්නද කියලා රියා අහනවා. ඊට පස්සේ තමා රියා ඩේමන්ගේ උරුමකමින් පහ කිරීම තමන්ගෙ කතාවට ඇදගන්නේ. එක දිගට රියාගේ කටින් පිට වුණු අපහාස අවසන් වෙන්නේ ඩේමන් විසින් ඇයව ඝා….තනය කරලයි.
ක්‍රැබ්ෆීඩර්ට කරපු විදිහටම ඩේමන් ඇයව අවසන් ගමන් යවපු හැටි ඔන් ස්ක්‍රීන් පෙන්නුවෙ නැහැ. අනිත් දේ තමා මෙතනදි ඩේමන් එක වචනයක්වත් කතා නොකරපු එක. රියාගේ අවසන් මොහොතෙදි ඇය තුළ සටහන් වෙන්නේ තමන් වෛර කරපු සැමියාගේ ආවේගශීලී මුහුණ විතරයි.
ඉතිං ඩේමන් රියාව ම….රන්න හේතුව මොකක් වෙන්න ඇත්ද? මේකට නම් හේතු කිහිපයක්ම කියන්න පුලුවන්.
එකක් තමා රියා කියන්නේ ඩේමන්ගේ මාර්ගය හරස් කරන් හිටිය බාධකයක් වුණු එක. විසේරිස් වුණත් ඩේමන්ට දඩුවම් කරන්න නිතරම රියාව සාධකයක් කරගත්තා. පළවෙනි කොටසෙදි ඩේමන් තමන්ගෙ මියගිය පුතාට අපහාස කරපු එකට පලිය ගන්න විසේරිස් ඩේමන්ට රියා ගාවට යන්න කියල අණ කළා. හතර වෙනි කොටසෙදිත් විසේරිස් රියා හිටිය වේල්වලටයි ඩේමන්ව පිටුවහල් කළේ. ඉතිං ඩේමන් තමන්ගෙ කෝපයයි උවමනාවනුයි එකතු කරලා මේ බාධකය ඉවත් කරලා දැම්මා.
රියාගේ ඝාතනය එක්ක ඩේමන්ට වාසී ගොඩක් ලැබෙනවා. රියාගේ නමට විශාල උරුමයක් තියෙනවා. ඒ තමා රොයිස් නමට අයිති වෙන රූන්ස්ටෝන් බලකොටුව. රියාටයි තමන්ටයි ළමයි නොසිටි නිසා නීතිමය වශයෙන් දැන් රූන්ස්ටෝන්වල අයිතිය හිමිවෙන්න ඕනේ ඩේමන්ට. එපිසෝඩ් එකේ ඉස්සරහට යද්දී ඩේමන්ගෙ කටින්ම මේ දේ පිටවෙනවා බලාගන්න පුලුවන්.
අනිත් වාසිය තමා දැන් ඩේමන්ට කිසිම කරදරයක් නැතුව විවාහ වෙන්න පුලුවන් වීම. දෙවෙනි කොටසෙදි ඩේමන් මිසාරියාව විවාහ කරගන්න උත්සහ කරද්දී රියා නිසා අනිත් අය ඔහුගේ අදහස විවේචනය කළා. දැන් තමන්ගේ බිරිඳ මියගිහින් නිසා ඩේමන්‍ට කිසිම කරදයක් නැතුව ආයෙත් කසාද බඳින්න පුලුවන්.
ඔය දේවල් එක්කම ඩේමන් කියන්නේ ප්‍රචණ්ඩත්වයට ආදරේ කරන කෙනෙක්. ඉතිං උඩ කියපු හේතු එක්කම මේ ආශාවත් එකතු කරලා රියාව අවසන් කරන්න මිනිහා තීරණය කළා කිව්වත් වැරදි නෑ. මොකද ඒක තමා “රෝග් ප්‍රින්ස්ගේ” නේචර් එක.
ඊළඟ දර්ශනයේදී නැවක නැගිලා විසේරිස්, රෙණෙයිරා, ලයනල් සහ සර් ක්‍රිස්ටන් කෝල් ඇතුලු පිරිසක් හයිටයිඩ්වලට යනවා. ඒ යන්නේ වැලාරියන් වංශයේ ඊළඟ උරුමක්කාරයාට විවාහ යෝජනාවක් අරන්.
මේ වෙනකොට විසේරිස් සෑහෙන දුර්වල කෙනෙක් කියල පෙනෙන්නට තිබුණා. විසේරිස් රජතුමා මෙච්චර කඩිමුඩියේ රෙණෙයිරාගේ කටයුතු අවසන් කරන්නත් හේතුව තමන්ට සිද්ද වෙන්න යන දේ කල්තියාම දැකපු නිසා වෙන්නත් පුලුවන්. මොකද හැම රජෙක්ගෙම අවසන් කාලයේ බලාපොරොත්තුව වෙන්නේ තමන්ට තියෙන දේශපාලන හිසරදයන් අවසන් කරගෙන සැනසීම ලබන එකයි.
ටාගේරියන් වංශය සුබ ආරංචියක් අරන් වැලාරියන්ලා හමුවෙන්න හයිටයිඩ්වලට යන අතරේ කිංස් ලෑන්ඩින්වල හයිටවර්ස්ලා ලොකු ගැටලුවකට මුහුණ පාලයි ඉන්නේ. ඔටෝගේ තනතුරෙන් පහ කිරීම එක්ක දැන් ඔහුට කිංස් ලෑන්ඩින්වලින් පිටවෙන්න වෙනවා. ඇලිසන්ට් සුබ ගමන් කියන්න ඔහුව මුනගැහෙන්න එනවා වගේම මෙතනදි ඇය තාත්තා වුණු තමන්ව අමතක කරලා, හරි නම් තමන්ගෙ සතුරා විය යුතු රෙණෙයිරාව තෝරගත්‍තු එක ගැන ඔටෝ ඇලිසන්ට්ට චෝදනා කරනවා.
“Either you prepare Aegon to rule, or you cling to Rhaenyra and pray for her mercy.” ඇලිසන්ට්ට තමන්ගේ අවසන් අවවාදය දීලා අශ්වයෙක් පිට නැගී ඔටෝ පිටත්වෙනවා.
දැන් ඇලිසන්ට් තමන්ගේ අය කිසිම කෙනෙක් නැතුව කිංස් ලෑන්ඩින්වල තනිවෙලා ඉන්නේ. ඔටෝත් දැන් නැති නිසා ඇයට මකරුන් එක්ක තනිවෙන්න සිදුවෙලා. ඔය අතර තමා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න Larys Strong මතුවෙන්නේ. ඇලිසන්ට තුළ රෙණෙයිරා ගැන ඉතුරු වෙලා තිබුණ විශ්වාසය ඔටෝ ප්‍රශ්න කරද්දී, Larys ඇවිත් ඒ දේ ගැන සැකයක් උපදවන්න සමත් වෙනවා. ඇලිසන්ට්ටත් නොදැනීම රෙණෙයිරාට වෛර කරන මට්ටමට ඇයව අරන් යන්නේ Larys. මෙච්චර කාලයක් ඔටෝව අපිට HotD වල “Little Finger” වගේ පෙනුනට දැන් තේරෙනවා ඇතිනේ ඔටෝට වඩා ලිට්ල් ෆිංගර්ස්ලා මේ කාලෙදි ඉන්නවා කියලා.
ඔය අතර විසේරිස් ප්‍රමුඛ පිරිස හයිටයිඩ්වලට ළඟා වෙනවා. විවාහ යෝජනාවක් ලැබෙන්න ඉන්න ලේනෝර් වැලාරියන් තමන්ගේ මිත්‍රයා(?) එක්ක කඩුවලින් ක්‍රීඩා කරමින් ඉන්නවා පේනවා. රජෙක් තමන්ගේ නිවස ඉදිරිපිටට පැමිණිලා ඉද්දිත් වැලාරියන්ගේ නිවසේ හරිම පාලු ගතියක් තියෙන්නේ. විසේරිස්ව පිලිගන්න එන්නේ ගෙදර ගෘහ මූලිකයා නෙවෙයි, විසේරිස්ට උරුමක්කාරයෝ ගොඩාක් දීලා ඔහුගේ බිරිඳ වෙන්න උන්නු කෝලිස්ගේ දුව ලෙයේනායි. ඒගෝන්ගේ දෙවෙනි නම් කිරීම සමරන්න දැවැන්ත උත්සවයක් පැවැත්වූ ලයනල් විසින්ම වැලාරියන්ලා රජුට සළකන්නේ මෙහෙමද කියලා ලෙයේනාගෙන් ප්‍රශ්න කරන්නත් අමතක කරන්නෙ නෑ.
රජුව එහෙම ගණනකට නොගත්ත එකෙන් පේනවනේ කෝලිස්ගේ හිතේ විසේරිස් ගැන කොයි තරම් තරහක් සහ පසුතැවීමක් තියෙනවද කියලා. කෝලිස් ඉස්සරහටම ඔහුගේ දුවව ප්‍රතික්ෂේප කරපු විසේරිස් රජුට දැන් කෝලිස්ගේම පුතාව තමන්ගෙ දුවට විවාහ කරදෙන්න ඉල්ලන්න වෙලා. රේනීස් පස්සෙ කියනවත් වගේ මේක රජෙක්ට සුදුසු වැඩක්ද මන්දා… ඒත් විසේරිස්ට වෙන තේරිමක් ඉතුරු වෙලා නැහැ.
යෝජනාව ඉදිරිපත් කරාම කෝලිස් ප්‍රශ්න කිහිපයක් අහනවා. කෝලිස් විසින් විසේරිස්ගෙන් පස්සෙ රජ වෙන්න කවුද කියලත්, රෙණෙයිරාගෙයි ලේනොර්ගෙයි දරුවන්ට ලැබෙන්නෙ වැලාරියන් වාසගමද නැත්තන් ටාගේරියන් වාසගමද කියල ප්‍රශ්න නගනවා. කෝලිස්ගේ හිතේ තියෙන දේම සමච්චලේට වගේ විසේරිස් ප්‍රශ්න කරන්නේ රෙණෙයිරා ගැහැනු ළමයෙක් නිසා ටාගෙරියන් පාලන සමය එතනින් අවසන් වෙලා, ඉන් පස්සේ වැලාරියන්ලට සිහසුණ උරුම වෙන බව හිතුවද කියලයි.
තමන්ගේ පසු රෙණෙයිරාට අයන් ත්‍රෝන් එක හිමිවෙන බවත්, ඉන් පස්සේ ගැහැණුද පිරිමිද කියන එක කොහොම වුණත් රජවෙන්නේ රෙණෙයිරාගේ දරුවෙක් බවත් විසේරිස් පිළිතුරු දෙනවා. වැලාරියන් වාසගම සමග ඉපදෙන ළමයා රජවෙනකොට අනිවාරෙන්ම ඔහු හෝ ඇය ටාගේරියන් වංශ නාමය යටතේ සිහසුණ මත වාඩි වෙන බවට වෙන අවසන් කොන්දේසිය මත විසේරිස් කෝලිස්ගේ යෝජනාවට එකඟ වෙනවා.
ඉතිං රෙණෙයිරා සහ ලේනෝර් දෙදෙනාගේ විවාහය සිද්ද වෙන්නේ බළය වෙනුවෙන් සිදුවෙන දේශපාලනික එකඟතාවයක් විදිහටයි. මේ කැටගරියේ විවාහ වීම් ගණනාවක් Game Of Thrones වලදිත් අපිට බලාගන්න පුලුවන් වුණානේ. රොබර්ට් බැරෑතියන් සහ සර්සි ලැනිස්ටර් විවාහ වෙන්නෙත් ලැනිස්ටර් සහ බැරෑතියන් වංශ එකතු කරන්නයි. ඩැනේරිස් සහ කාල් ඩ්‍රෝගෝ විවාහ කරදෙන්නෙත් ඩැනීගේ අයියා වෙන විසේරිස් කුමාරයාට සිහසුණ වෙනුවෙන් හමුදාවක් ලබාගන්න.
මේ විවාහයන් ආදරය කෙසේ වෙතත් පොලිටිකල් ඇජෙන්ඩාස් මත වුනු දේවල්. ඒත් රෙණෙයිරා- ලේනෝර් අතර විවාහය මේවට වඩා ටිකක් වෙනස්. මොකද වෙඩින් එකට කලින්ම මේ දෙන්නා අතරෙ mutual understanding එකක් තියෙනවා. අර “පාත්තයෝ- තාරාවෝ” කන කතාවෙනුත් දෙන්නා පොරොන්දු වෙන්නේ විවාහයෙන් පස්සේ වුනත් තම තමන්ගේ ආශාවන් සන්සිඳුවාගන්න දෙන්නට අවස්තාව තියෙනවා කියලයි.
විසේරිස් පිටවෙනවත් එක්කම කෝලිස් සහ රේනිස් අතර ලොකු කතාබහක් යනවා. ලේනෝර්ගේ ලිංගිකත්වය සහ ඔහුගේ බිරිඳ කාන්‍තාවක් විදිහට කිරුළට පත්වෙන්න සිටීමෙන් තමන්ගේ පුතාව අනතුරේ හෙලනවද කියලා රෙනීරා කෝලිස්ගෙන් අහනවා. ඒත් කෝලිස්ගේ උත්තර වෙන්නේ මකරුන් සහ නාවුක බලය දැන් එක්වෙලා තියෙන නිසා, රෙණෙයිරාට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ව විනාශ කර දමන බවයි.
ඒ විදිහට ඉස්සරහට එන යුද්ධයේ එක පිලක් වෙන “Team Black” එක නිර්මාණය වෙනවා.
නැවත කිංස් ලෑන්ඩින්වලට පිට වෙන ගමනෙදි රෙණෙයිරා සහ ක්‍රිස්ටන් කෝල් අතර කතා බහක් සිද්ද වෙනවා. ක්‍රිස්ටන් රෙණෙයිරාට ආරාධනා කරනවා බලය පැත්තකින් තියලා හදවත තෝරගෙන තමන් එක්ක පිටවෙලා යන්න එන්න කියලා. ඒත් තමන්ගේ කිරුළ සහ වගකීම ප්‍රතික්ෂේප කරන්න බැහැ කියමින් රෙණෙයිරා ක්‍රිස්ටන්ගේ ආරාධනයට බැහැ කියනවා. ඒත් විවාහයෙන් ඔවුන් අතර සබඳතාවය අවසන් වියයුතු නැති බව රෙණෙයිරා කිව්වත්, ඒ කතාවෙන් හොඳටම තරහා ගිය ක්‍රිස්ටන් එතනින් යන්න යනවා.
විසේරිස්ලා කිංස් ලෑන්ඩින්වලට ගිය ගමන්ම ඇලිසන්ට් කරන්නේ ක්‍රිස්ටන්ව කැඳවලා රෙණෙයිරා ගැන යන කට කතා ඇත්තද කියලා අහන එකයි. ක්‍රිස්ටන් ඒවා ඇත්ත බවත්, ඒ පව/ වරද කළේ තමන් බවත් ඇලිසන්ට් ඉස්සරහා පාපොච්චාරණය කරනවා. දැනුයි ඇලිසන්ට්ට තමන් ගත්තේ කොච්චර වැරදි තීරණයක්ද කියලා තේරුම් යන්නේ.
තමන්ගේ තාත්තාටත් වඩා විශ්වාස කරපු යාලුවා තමන්ට බොරු කියපු බව ඇය හොයාගන්නේ මේ මොහොතෙයි. මේක HotD එකේ ඉතාම වැදගත් සිදුවීමක්. මේ රහස ඇලිසන්ට් හොයාගැනීමෙනුයි ඉස්සරහට එන්න තියෙන කුණාටුව ආරම්ඹ වෙන්නෙත්.
ඔය අතර වාරයේ විසේරිස් ගොඩක් දුර්වල කෙනෙක් බවත් පෙන්වනවා. දැන් මේස්ටර්ටත් පාලනය කරන්න අමාරු තරම් තත්ත්වයට ඔහු පත් වෙලා ඉවරයි.
මෙතනදි විසේරිස් ලයනල්ගෙන් අහනවා තමන් හොඳ රජෙක් විදිහට මතක හිටීවිද කියලා. මොකද විසේරිස්ව මතක හිටින්න තරම් දෙයක් ඔහුගේ පාලන සමයෙදි වෙලා නැති නිසා. රජෙක් වුණත් තමන්ව මතක හිටින්න කවි ගී ලියවිලා නැත්තන් මොකයද නේද?
ලයනල්ගේ උත්තරේ වෙන්නේ කවි ගී ලියවෙන විනාශ වෙනවට වඩා සාමය වටිනව කියලයි. ඒත් විසේරිස් නම් ඒ උත්තරෙම් සෑහීමකට ලක් වුනෙ නැති බවයි පෙනෙන්නට තිබුණේ.
රාජකීය විවාහ උත්සව සමය ආරම්ඹ වෙනවා. පිලිගැනීමේ උත්සවය වුණත් ගොඩක් උත්කර්ෂවත් විදිහටයි පැවැත්වෙන්නේ.
මෙතනදි වැලාරියන්ලා එන දර්ශනය ගොඩක් ලස්සන එකක්. වෙස්ටරෝස්වල එතෙක් මෙතෙක් සිටි බලවත් වංශයන් දෙකක එක් වීමේ තේජාන්විත බව අඩුවක් නැතුව ඩෙපික්ස්ට් කළා.
තමන්ගේ බිරිඳව අවසන් කරපු ඩේමනුත් කිසිම ගාණක් නැතුව විවාහයත් එනවා.
ඒත් මුලු එපිසෝඩ් එක වගේම රෙණෙයිරාගේ දවසත් සොරකම් කරගත්‍ත කෙනා වුණේ ඇලිසන්ට්. විවාහයට ආපු හැමෝගෙම කතා බහට ඇලිසන්ට් ලක් වෙන්නේ ඇය රජුගේ කතාවට බාධා කළ නිසා නෙවෙයි… ඒ ඇය ඇඳගෙන ආපු වර්ණය නිසයි. චාරිත්‍රයානුකූල රතු සහ කලු ටාගේරියන් පාට නැතුව ඇලිසන්ට් කොළ පාට වර්ණයෙන් සැරසිලයි උත්සවයට එන්නේ.
ඉතිං ඇයි ඇලිසන්ට් කොළ ඇන්ඳේ? කොළ පාට කියන්නේ හයිටවර් වංශයේ වර්ණය. හයිටවර් වංශය වෙනත් වංශවලට එරෙහිව යුධ ප්‍රකාශ කරන්න යොදාගන්නෙත් කොළ පාට ෆ්ලේම් එකක්. ඉතිං මෙතනදි ඇලිසන්ට් කරන්නෙත් තමන්ට ද්‍රෝහි වුණු රෙණෙයිරාගේ මුහුණටම යුධ ප්‍රකාශ කිරීමක්. මෙතනදි ඇලිසන්ට් රෙණෙයිරා දිහා බලන විදිහෙන්ම ඇය තුළ තිබුණු කෝපය පෙන්නුම් කරනවා.
මම උඩදි කිව්වනේ “Team Black” එක හැදුණා කියලා. දැන් ඔන්න ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන “Team Green” එක කරළියට එනවා. මුල් කොටස්වලින් සූදානම් කරපු මල්වෙඩිවලට ගිණි අවුලුවන්න පටන් ගන්නේ දැනුයි.
මේ උත්සවය අතර තුර ලෙයේනා කුමරිය සහ ඩේමන් ටාගේරියන් අතර දේවල් අනාගතේදි වෙන්න තියෙන කිහිපයක්ම ටීස් කරනවා. (Spoiler Alert) ලෙයේනාට විසේරිස් සමග විවාහ වෙන්න වෙන්න බැරි වුණත්, පස්සෙ ඇයට ඩේමන් සමග විවාහ වෙන්න අවස්තාව ලැබෙනවා. ඔවුන්ගේ සම්බන්ධයෙ ප්‍රතිපලයක් විදිහට ළමයින් පවා උපත ලබනවා. ඒ දේවල්වල ඉඟියක් තමා මෙතනදි ලබාදුන්නේ.
පූර්ව- විවාහ උත්සවය නිස්කලංක විදිහට සිද්ද වෙනවා. මිනිස්සු සතුටු සාමිචිවල යෙදෙනවා. ලස්සන නර්තනයක් පැවැත්වෙනවා. ඒත් රුධිරයෙන් අවසන් නොවුනු, සාමයෙන් සිද්ද වෙන වෙඩිං එකක් කවද්ද GoT වල තිබුණේ?
ක්‍රිස්ටන්ගේ සහ රෙණෙයිරාගේ රහස තමන් හොයාගත්ත බව ක්‍රිස්ටන්ට ලේනෝර්ගේ පෙම්වතා හෙලි කරනවා. මේ වෙද්දී සෑහෙන තරහකින් වගේම පීඩනයකින් හිටිය ක්‍රිස්ටන් උත්සවය අතර තුරම ඔහුට පහර දීලම ඝා…..තනය කරනවා. ඉන් පස්සේ ගිහින් සියදිවි නසාගන්න උත්සහ කරන ක්‍රිස්ටන්ව ඇලිසන්ට් නවත්වනවා. සාමයෙන් ආරම්ඹ වෙලා ඛේදජනකව කෙලවර වුනු, සිරාම GoT වයිබ් එක තිබුණු පස්වෙනි කොටස අවසන් වෙන්නේ විසේරිස් සිහසුන්ව ඇද වැටීමෙනුයි.
මුලදි කිව්වත් වගේ ඉස්සරහට වෙන්න තියෙන දේවල්වලට මේ කොටස ගොඩක් වැදගත් එකක් වෙනවා. වැලාරියන්- ටාගේරියන් වංශවල එක් වීම, ඇලිසන්ට්ගේ නැගී සිටීම සහ රෙණෙයිරා ගැන පසු තැවුණු ක්‍රිස්ටන් කෝල්ව ඇලිසන්ට් විසින් බේරගැනීම, ලයනල් ස්ට්‍රෝංගේ පුතා වුණු හාවින් ස්ට්‍රෝංව හයිලයිට් කිරීම, ලෙයේනා- ඩේමන් හමුවීම ඉතාම වැදගත් සිදුවීම් වෙනවා. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඉස්සරහ කොටස් බලාගෙන යද්දී ඔයාලට තේරෙවී.
ඉතිං අද කොටස සිදුවෙන්නේ කලින් කොටසේ සිදුවීම් සිද්ද වෙලා හරියටම අවුරුදු 10 කට පස්සේ. ඉතිං පළවෙනි කොටස් පහේදි රංගනයෙන් දායක වුණු රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම මේ කොටසෙදි වෙනස් වෙලා තියෙනවා. මුහුණු විතරක් නෙවෙයි, ඒ ඒ චරිතවල ගති ගුණංග පවා වෙනස් වෙලා තියෙන විදිහ ඔයාලට බලාගන්න පුලුවන් වේවි.
එහෙනම් අද කොටසෙ වැඩත් මම මෙතනින් අවසන් කරනවා. ලබන සතියේ හත්වෙනි කොටසින් හමුවෙමු.
S01 E06 : “The Princess and the Queen”
Director : Miguel Sapochnik
Writer : Sara Hess
Runtime : 67 Minutes
Released Date : September 25, 2022
IMDB Rating : 9.4
Age Rating : TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
28,033 downloadsDownload House-of-the-Dragon-S01-E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
34 comments
Lahiru Oshan Dahanayake
DMT SANJEEWA
Thanks brother
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Kavi
Thanks
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Cineru Admin
තෑන්ක්ස් බන් කොලිටි සබ් දෙනවට
අපිත් සබ් හැදුවට අපි බලන්නෙත් ඔයාලගේ සබ් වලින් මොකද අපි හදන සබ් වලින් ෆිල්ම් බැලුවොත් අන්තිමට ෆිල්ම් එකත් එක්ක එපාවෙනෝ,ඒතරමටම අවුල් අපේ සබ්sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Thankyou
Anonymous
Thanks jayawewa....!
dinupa
thank you for sub bro jaya wewa
Gihan
sub ekata thanks saho
jaya wewaPradeep Madhusanka
Thanks bro ❤️❤️❤️
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Pavith Wijesooriya
සබට බොහොම ස්තූතියි සහෝදරයා...
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
MAHESH
thanks bro sub ekta.. jaya
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Otis
ela boza thank
චාරුක
එලකිරි කොල්ලෝ
ජය වේවා බයිස්කෝප් !
නැතිබංගස්ථාන වේවා සිනෙරු,පයිරෙට්!Sahan Gayantha
thanks a lot saho sub ekata
Roshan
Tnx bro...great job...good luck...
viraj
thanks...........
Supun Kaushalya
තෑන්ක්ස්
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
Prasanga
thanks
lakshan
thanks ...................
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතීයී...❤
Bruce
Thans sub ekata,. Jayawewa
Anonymous
Thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Kushan
Thanx for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![House of the Dragon [S01 : E06] Sinhala Subtitles | කුමරිය සහ රැජිණ [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/House-of-the-Dragon-1.0.jpg)



Download link eka dala nane.