Watch Trailer

House of the Dragon [S01 : E05] Sinhala Subtitles | මාර්ගය කල එලි කිරීම [සිංහල උපසිරසි] 18+

House Of The Dragon කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. විභාගයක් අත ළඟ තියෙද්දීත් ගොඩාක් කාර්‍යබහුල මොහොතක තමා ඔයාලා වෙනුවෙන්ම පුලුවන් ඉක්මණින් මේ සබ් එක අරන් එන්නේ. ඉතිං තවත් වැඩි වෙලා නොගෙන ඉක්මණින්ම ලිපියට යමු. නෙරංජි සහෝදරියගේ ලිපිය පසුගිය සඳුදා Episode එක අවසානයේ නම් HOTD ඉතින් පවුලේ සංදර…

House Of The Dragon කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. විභාගයක් අත ළඟ තියෙද්දීත් ගොඩාක් කාර්‍යබහුල මොහොතක තමා ඔයාලා වෙනුවෙන්ම පුලුවන් ඉක්මණින් මේ සබ් එක අරන් එන්නේ. ඉතිං තවත් වැඩි වෙලා නොගෙන ඉක්මණින්ම ලිපියට යමු.

නෙරංජි සහෝදරියගේ ලිපිය

පසුගිය සඳුදා Episode එක අවසානයේ නම් HOTD ඉතින් පවුලේ සංදර්ශනයක් කියලා පෙනෙන්න තිබුණා. ඇත්ත වශයෙන්ම හීනී අවුලකට තිබ්බේ මුළු පවුලටම ආරක්ෂිතව ඒ ඒ පවුලේ කතාව එකට බලන්න බැරි කම විතරයි. ඒත් මම විශ්වාස කරනවා, High Quality වලින් බලන්න, බොහෝ ළමයි බොහොම කැමති වෙන්න ඇති කියලා..

හරි අපි කතාවට බහිමු. ඔයාලා මේ වෙනකොට HOTD Episode 04 බැලුවනම්, මෙතනින් එහාට කියවන්න. මෙතැනදී ඕගොල්ලෝ කතාව බලලා තියෙන හින්දා, දැනටමත් කතාව ඇතුලෙ සිද්ධ වෙච්ච දේවල් සිද්ධි වශයෙන් කියන්න දන්නවනේ. ඒ නිසා කතාවේ සිදුවීම ටික අනුපිළිවෙළින් කියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක විචාරයක් ම නොවුණත් එක අකාරයක අදහස් දැක්වීමක්. මෙතනදි මම කියන්නේ මගේ අදහස් නිසා, සමහරවිට ඔයා ඒවට ආස නැති වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒකට මට කරන්න කිසිම දෙයක් නැහැ.

සඳුදා කතාවෙන් ( ඇමරිකාවේ ඉරිදා රෑ ) අපිට පෙණුනෙ, එක් පවුලක් සහ එහි බල රේඛාව හඳුනාගත නොහැකි තරමට පවුල තුළම විකෘති කිරීමට පටන් ගන්නා ආකාරය පිළිබඳවයි. පසුගිය සතියේ කතාවෙන් හා සහ ඊට පෙර කතා වලින් වෙස්ටරෝස් රාජධානිය පුරා දේශපාලනය සහ එහි ගැටුම පිළිබඳ කතා කිරීමෙන් පසුව, House of the Dragon හී වේගය එක්වරම අඩු කර එහි ඇති මහා ගැටුමේ කේන්ද්‍රයේ ඇති ටාගේරියන්වරු තිදෙනා සහ ඔවුන්ට අතිශය සමීප පුද්ගලයින් වෙත අවධානය යොමු කරනවා. ඒවා සමීපව නැරඹීමට කාලය ලබා දීමක් මෙහි සිදු වී ඇති අතර ම , දේවල් කෙතරම් වේගයෙන් වෙනස් විය හැකිද යන්න සඳහා ඔවුන් සියල්ලන්ම කිසිවක් සඳහා නිශ්චිතව සූදානම් නැති බවත්, සිය හැඟීම් සේම සම්බන්ධතා, නොසන්සුන්කාරී ආකාර වලින් ඒවා වෙනස් කරන්නට උත්සාහ කරන බවත් මෙම කතාංගය පැහැදිලි කරනවා.

කතාව ආරම්භ වෙන්නේ රෙනෙයිරා කුමරිය ඇය අකමැතිම ක්‍රියාකාරකම කරමින් දිනක් ගත කරන මොහොතකින්. ඇයව විවාහ කර ගැනීම සඳහා, සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට වෙස්ටරොස් වංශාධිපතීන්, කපටි, මෝඩ, වීර ආදී සියලු ආකාර වලින් උත්සාහ කරමින් සිටින අයුරු අපිට පෙනෙන්න තියෙනවා . මෙතැනදී, අනාගත රැජින හෝ රජුගේ දියණිය යන රූප දෙකෙන් කුමක් වුවත්, රාජ්‍යය සමඟ ගොඩනඟා ගන්නා වූ සෘජු සම්බන්ධතාවයක් නිසා සියලු දෙනාම ඊට දක්වන්නෙ විශාල උත්සාහයක් සහ උනන්දුවක්. කතා කර ගැනීමට නොහැකි මහල්ලන්ගේ සිට තවමත් පැටි විය ඉක්ම නොවූ කොලුවන් දක්වා ඈ වෙනුවෙන් ඉල්ලිම් කරනවා. පුරාජේරු කියනවා. සටන් කරනවා. මිය යනවා.

එහෙත් මෙතැනදී, මේ එන සෑම පුද්ගලයෙක්ම රෙනෙයිරා තුළින් දෙදෙනෙක් සමග සැසඳීමට ලක්වෙනවා. එක් අයෙක් ඇය ඒ මොහොතේ ගෙල බැඳ සිටින මාලය ඇයට තෑගි දුන් ඩේමන් ටාගේරියන්. අනෙකා ඇය පසුපස ආරක්ෂාවට සිටින සර් ක්‍රිස්ටියන් කෝල්. ඇය සෑම මොහොතකම, සිය ගෙලේ බැඳී මාලය අත ගාමින්, ක්‍රිස්ටියන් කෝල් දෙස බලමින්, ඔවුන් සසඳන බව පෙනෙනවා. ඇයගේ සිතේ මේ කිසිම අයෙක් ගැන පහන් හැඟීමක් නැති බව, ඇය නැගිට යන දසුනෙන් පෙනෙනවා වගේම, වඩාත් බිහිසුණු ලෙස එතැන ලේ වැගීරීමකුත් වෙනවා.

ඇගේ බාප්පා වන ඩේමන් ටාගේරියන් ස්ටෙප්ස්ටෝන්ස් හි ක්‍රැබ්ෆීඩර්ට එරෙහිව ඔහු කළ සටනට පසුව ඔටුන්නක් හිස දරා ආපසු පැමිණෙනවා. ප්‍රකෝපකාරී ප්‍රවේශයකින්, එමෙන්ම විකාර ප්‍රවේශයකින් පැමිණෙන ඔහු.. සියලු වංශාධිපතීන් ඉදිරියේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින් තම සොහොයුරා වන විසේරිස් ට එනම් රජුට හිස නමා ආචාර කරන ආකාරය පෙන්වනවා. මෙය කථාංගයේ සමස්ත ගලා යාම සඳහා වේදිකාව නිර්මාණය කරනවා. ඔහුගේ විකාරරූපී පැමිණීම, සහ හිස නැමීම මහ රජුට ගෙන එන්නේ විශාල සහනයක්. එය ඔහු නිර්මාණය කළ සාදයෙන් හොඳින් පැහැදිලි වෙනවා. විසේරිස් නිරූපණය කරන්නේ ප්‍රශ්න වලට තමා ගේ තියෙන අකමැත්ත. ප්‍රශ්නයක් ඉක්මනින් ඉක්මනින් විසඳාගැනීමට හැකියාව ඇත්නම්, ඒ වෙනුවෙන් මිනියක් මරන්නට වුවත් දෙවරක් නොසිතන ඔහු එම ගැටලුවේ ඒ මොහොත ගැන පමණයි සිතන්නේ. විසේරීස් ගෙ තීරණ බොහෝ අවස්ථාවල ඔහුට ගෙන එන්නේ, අභාග්‍යය. ඒ අභාග්‍ය ඔහුට ගෙන එන්නෙම ඔහු විසඳුම් යැයි අර ගත් තීරණ.

එදින රාත්‍රියේ , ඩේමන් සිවිල් කොලු ඇඳුම් කට්ටලයක් රෙනීරා වෙත හොරෙන් ලැබීමට සලස්වන අතර එමඟින් ඔවුන්ට කිංග්ස් ලෑන්ඩින් හි සීඩියර් වීදි හරහා ත්‍රාසජනක ගමනක් යාමට හැකි වනවා. ඒ ගමන යාමට පෙර, තම නිදන කාමරයේ උපන් දා සිට නොදුටු රහස් දොරක් සොයා ගන්නට රෙනෙයිරාට හැකිවෙනවා. ඇගේ පිටවීම සිදුවන රහස් උමග සමඟ අපි හරි අපූරුවට දකිනවා.. මීයෝ මාලිගාව හාරන හැටි. එය ඇගේ පිටවුම සමඟ පෙන්වීමේ සංකේතය තමයි, මේ රෙනෙයිරා සහ ඩේමන් හමුවීමෙන් සිදුවන ක්‍රියාවලිය හරහා මාලිගාව ඇතුලතින් පුපුරා යෑමට ඉඩ ඇති බව.

වීදි රංගන ශිල්පීන්, වෙළෙන්දන් සහ ලිංගික ශ්‍රමිකයින් තම වෙළඳාමේ යෙදෙන මනුෂ්‍යයන් විශාල පිරිසක් එහෙ මෙහෙ යන වීදියේ ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස එකට සැරිසරනවා. මෙම යුවළ එකට සැරිසරන අතරෙ, ත්‍රාසජනක විනෝදයක් ලෙස ආරම්භ වන දර්ශනය, ඩේමන් රෙනෙයිරාව ගණිකා මඩමකට ගෙන යන විට අඳුරු හා අමුතු හැරවුමක් ගන්න හැටි, ඔබ HBO හරහා හෝ HD තාක්ෂණයෙන් නැරඹුවොත් පෙනෙයි.

ඩේමන්ට හා ඇය එක්වන්න පෙර, අවසාන මොහොතේ, බලාපොරොත්තු සුන්වීමක් වගේ පෙනෙන්න තියනවා. ඒ සියල්ල කතාව අවසානයේ නිශ්ශබ්දව පිහිටුවන ලද, එහෙත් බලහත්කාරයෙන් කෙලෙසී ගිය ඔවුන්ගේ පවුල් ගතිකත්වය ඉදිරියට ගෙන ඒමට සමත් වෙනවා. මෙම අපකීර්තිමත් මොහොත නිර්මාණය වීම ඩේමන් හා රෙනෙරයිරාට ගෙන එන්නෙ බලාපොරොත්තු සුන් වන හැඟීමක්.. පළමුවැන්න නම්, පැහැදිලිවම, ඩේමන් සහ රෙනෙයිරා, අනුප්‍රාප්තිය සඳහා ප්‍රතිවාදීන් වුවත්, ආරම්භයේ සිටම එකිනෙකාට ඇලුම් කළ යුගලයක්. ආදර සමීකරණයේ රෙනෙයිරා ගේ පැත්ත සරල එකක්: ඇය මධ්‍යතන යුගයේ ඉහළ වැදගත් සමාජයක කාන්තාවක් ලෙස විසේරිස්ගේ නම් කරන ලද උරුමක්කාරයා යන ජීවිතයෙන් ගැලවී යාමට සමීප වූ එය උදුරා ගැනීමේ නිරන්තර අනතුරේ සිටින කෙනෙක්. ඇය නව යොවුන් වියේ පසුවන අතර, ඇගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට සහ ඇගේ ආශාවන් ඉටු කරගැනීම ගැන ඇය මංමුලා සහගතයි . ඇය බලාපොරොත්තු වන ප්‍රේමය ඇයට කුමරියක ලෙස කළ නොහැකි දෙයක්.

ඩේමන් ටිකක් සංකීර්ණයි. නමුත් භයානක නැහැ; ඔහු ඉතා ආත්මාර්ථකාමී ය, නමුත් ඔහුට අවශ්‍ය දේ සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට තරම් ඔහු බියගුලුයි. මෙය ඔහුව නිශ්චිතව කියවීමට පවා අපහසු කරන සිද්ධියක්. ඔහුට රෙනෙයිරා කෙරෙහි සැබවින්ම ආදර හැඟීම් තිබේද? බොහෝ විට එසේ නොවේ ද? ඔහුගේ ලැදිකම සැබෑවක් විය හැකිද? ඔහුගේ අවසාන අරමුණ ඇයව පොළඹවා ගැනීමද ? ඇයව ගණිකා මඩමකට ඔහු විසින් රැගෙන යාම අත්‍යවශ්‍ය ද? ඔහුගේ අරමුණ මිනිසුන් ජීවිතේ විඳින ආකාරය ඇයට පෙන්වීම පමණද? නැතහොත් ඔහු ඇයව ඓන්ද්‍රීයව තම දිනය ගත කරන ස්ථානයට රැගෙන ගියාද? එහිදී ඔහු තුළ ඇති බල ගතිකත්වය පැහැදිලි නමුත්, ඔහුගේ චරිතය කියැවීමට අවශ්‍ය කරන සමහර කාරණා හිස් වී තිබේ. ලැදිකමට එහා ගිය ප්‍රේමයක් ඒ මොහොතේ සංවර්ධනය නොවීම ඇයව ඔහු හැරයාමට හේතු වන්නට ඇත. පෞ නේහ් .

මෙතැනදී වීදිය සම්බන්ධව අප කතා කළ යුතු තවත් බොහෝ දේ තිබෙනවා. එකක් අප දුටු විදි නාට්‍ය. අප මේ වීදි නාට්‍ය දකින දෙවන පාර . ඔබට මතක ඇති, ආර්‍යා ස්ටාර්ක් GOTහී දුටු වීදි නාට්‍ය . ඒ වගේම, ජොෆ්‍රි රජ ගේ මඟුල් මරණ දා ඔබ දුටු වීදි නාට්‍ය. මේ සියල්ලේම අරමුණ, රාජ්‍යත්වය සහ රාජ්‍ය පාලනය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් තිබුණු ආකාරය සහ පැවති ආකාරය පිළිබඳව ප්‍රේක්ෂකයාට සරලව පැහැදිලි කිරීම. එතනදී පවා අපිට පැහැදිලිව පෙනෙන්නට තියෙනවා , රාජධානිය රැජිනක ගෙන් ප්‍රීතිමත් නොවන බව. එමෙන්ම මෙතැනදී ඇයට අනාවැකියක් කීමට, මහලු කාන්තාවක් උත්සහ කරනවා. එතනදී ඇය එයට සවන්දීමට තරම් පරක්කු නොවුණත්, ප්‍රේක්ෂකයා ලෙස අප එය හොඳින් බලා සිටිනවා. ඔබ හොඳින්ම එම දර්ශනය බැලුවානම් , රෙනෙයිරා යම් දවසක මියයන ආකාරය ගැන අදහසක් ලබාගන්නට හැකිවේවි . මං ඕව කියලා, නිස්කාරණේ මොකටද කතා අහන්නෙ.

ඒ වගේම නගරය තුළ සැරිසරන දර්ශනයේදී , ඇයට පිරිමි ළමයෙකු ලෙස රැවටී ආමන්ත්‍රණය කිරීම පිළිබඳව, ඇය බොහොම සතුටු වෙනවා. ඒ ඇගේ සිත තුළ තිබුණු සිතුවිලි බව අපිට මැනවින් පෙනෙන්න තියෙනවා. තමන් පිරිමි දරුවෙකු වුණා නම් යන හැඟීම ඇගේ සිත තුල නිරන්තරයෙන් පවතින බව අපිට පෙනෙන්න තියෙනවා.

මේ සිදුවීම සමඟම අපට ඒ මොහොතේ මාලිගය තුල සිටින ඇලිසන්ට්ව අමතක කළ නොහැකියි. ඇය විටින් විට වයිෆයි ඩියුටි කරන හැටි සහ තවමත් යොවුන් වියේ සිටින අය, මහල්ලෙකු හා ගෙවන ජීවිතයෙන් ඒකාකාරීව සිටින හැටි අපිට පෙනෙන්නට තියෙනවා. ඇය යොවුන් ජීවිතය තුළ එක්තරා මොහොතක හදවතින් රැජනක් ලෙස සිටීම ප්‍රතික්ෂේප කරන බව අපට පෙනෙන්නට තියනවා. ඇය ඒ පිළිබඳව රජ කුමරිය සමඟ කතා කිරීමට පවා නිර්භීත වෙනවා . ඇය සහ රජු එකතුවන මොහොත ගැන කතා කළහොත්, එහිදී ඇයගේ නිද්‍රාශීලි ස්වරූපය පෙන්වන්නේ, ඔහු තෝරා දීම හා අනාගත වියවුල් සමුදායකට මේ නිසා ඇය වූ බව ඇගේ සිතැඟි ඇයටම දැන්වීම මගින් සිදු වූ බලවත් පීඩනය. එම අවස්ථාවේදී, ඇය එම ක්‍රියාවලියට එතරම් සූදානම් නොවූ බව ඇගේ ඇඳුම් හැඳ සිටීමෙන් පෙනෙන්න තියනවා.

එමෙන්ම ඉහළින් යන මීයන් ඇයට පෙනෙනවා. මාලිගාව ඇතුළතින් බිඳ වැටෙන්නට පටන් ගෙන ඇති බව ඇයට පෙනෙනවා. මෙහිදී රෙනෙයිරාට, ඩේමන් හමු වීමේ ආහ්ලාදයෙන් උමග දිගේ දුවගෙන යද්දි, එහි හිටි මීයො පෙනුනේ නැහැ. ඔවුන්ව දැක්කේ අපි පමණයි. නමුත් ඇලිසන්ට් මීයෝ විසින් කරන කඩාවැටීම දකිනවා. මේ මාලිගාව සහ ටාගේරියන් පරපුර ඉදිරියේ විශාල බිඳ වැටීමකට ලක් වන බව ඇයට සිය කම්මැලි සයනාගාර ක්‍රියාවලිය ඇතුළෙ පෙනෙනවා. එමෙන්ම එය තවත් සංකේතයකට මග පෙන්වනවා. එය මේ මොහොතේ විසේරිස් සහ ඇලිසන්ට් අතින් සිදුවන සයනාගාර ක්‍රියාවලියේ ප්‍රතිඵලය මාලිගාවේ කැණිමඩල කා දමන බවට සංකේතයක්ද විය හැකි බව අපට පෙන්වා සිටිනවා.

එහෙනම් අද කොටසත් ඔයාලාට භාර කරලා මම සමුගන්නවා. ඊළඟ සතියේ හයවෙනි කොටසින් හමුවෙමු.

 

S01 E05 : “We Light the Way“

Director : Clare Kilner
Writer : Ryan J. Condal, George R.R. Martin, Ira Parker.
Runtime : 1h
Released Date : September 18, 2022
IMDB Rating : 9.4
Age Rating : TV-MA

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

30,901 downloadsDownload House-of-the-Dragon-S01-E05-updated-1.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

30,901 downloadsDownload Subtitles25 KB

40 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. sahan

    ikmnt dunnta thanks bokka

  3. Sl_Bad

    Thanks bro

    1. malin

      kohomada sub eka download karanne,

  4. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  5. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  6. Aravinda

    ඉක්මනින් සබ් එක දුන්නට ස්තුතියි ....

  7. Danushka

    බොහොම ස්තුතියි. ජය වේවා.

  8. samod

    adarei ban awa gaman danawa ela ban

  9. viraj

    thanks..........

  10. Otis

    Thank u Bro

  11. Yashash

    Thanks brother thank you very much

  12. Anuja Lakshitha

    thanks kollo sub ekt

  13. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  14. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  15. nalin

    ලිපියට , සබ් එකට දෙකටම ස්තුතිය

  16. Roshan

    Thanks for sub.Good luck...

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  18. රෝමන්

    See season 3 එකට සබ් දෙන්නකො බයිස්කෝප්
    අන්තිම season එක කියලා කියන්නේ
    Plz ඒකත් දීලා ඉවරකරන්නකෝ

  19. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  20. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  21. Anonymous

    Thankyou

  22. Hansa

    Lot of Thanks Brother

  23. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  24. Dewadithya

    Thanks for Sub!

  25. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  26. Pavith Wijesooriya

    තුතිවේවා උපසිරසියට...

  27. Anonymous

    me lipiya watino bn epiyata wada
    adarei kollo
    jaya wewa

  28. Anonymous

    thanks a lot saho sub ekata

  29. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  30. lakshan

    thanks .....................

  31. Anonymous

    Thanks jayawewa....!

  32. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි... ❤

  33. Bruce

    Thans sub ekat,. Jayawewa

  34. Dasun dammika

    thanks sahoo...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  38. Anonymous

    part 4 sub nne

  39. Rajja

    සබට තුති. සබ් එකට නොදෙවෙනී ලිපිය. සුපිරිම විවරනයක් ඒක. නොතේරුන තැන් ගොඩක් සෙට් උනා ඒක කියවල. නැවත වතාවක් සබ් එක දුන්න එකට ස්තූතී.