උද්වේගකාරි හත්වෙනි කොටසින් හරියටම සතියකට පස්සේ කට්ටිය පුන පුනා බලාගෙන ඉන්න අටවෙනි කොටසයි මේ අරන් එන්නේ. කොහොම වුණත් අපි ටික ටික පළවෙනි සීසන් එකේ අවසානයට ළඟා වෙමින් ඉන්නේ. තව සති දෙකකින් සීසන් 1 සම්පූර්ණයෙන්ම විකාශය වෙලා අවසන් වෙනවා. ආයේ අවුරුදු දෙකක් විතර යනකන් අපිට House Of The Dragon බලන්න වෙන්නෑ…

උද්වේගකාරි හත්වෙනි කොටසින් හරියටම සතියකට පස්සේ කට්ටිය පුන පුනා බලාගෙන ඉන්න අටවෙනි කොටසයි මේ අරන් එන්නේ. කොහොම වුණත් අපි ටික ටික පළවෙනි සීසන් එකේ අවසානයට ළඟා වෙමින් ඉන්නේ. තව සති දෙකකින් සීසන් 1 සම්පූර්ණයෙන්ම විකාශය වෙලා අවසන් වෙනවා. ආයේ අවුරුදු දෙකක් විතර යනකන් අපිට House Of The Dragon බලන්න වෙන්නෑ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වත් වගේ සීරීස් එකේ හොඳම සීන් සිද්ද වෙන්නේ මේ අන්තිම කොටස් තුනෙන් තමා. එහෙනම් පුරුදු විදිහටම කලින් කොටසින් වුණු දේවල් එකින් එක මතක් කරගෙන අද එපියේ සබ් එකට යමු ගායිස්.
පසුගිය කොටසින්
හත්වෙනි කොටස පටන් ගන්නෙම මළ ගෙදරකින්. ඒ මළගෙදර කෝලිස්ගේ දුව, ඩේමන්ගේ බිරිඳ වුණු සහ ලේනෝර්ගේ ආදරණීය නංගි වුණු ලෙයේනා කුමරිය වෙනුවෙන්. තමන්ගේ පුතාට උපත දෙන්න නොහැකි බව දැනගෙන, අනපේක්ෂිත දෙයක් වෙනුවෙන් තමන්ව කැප කරන්නෙ නැහැ කියලා තීරණය කරපු ලෙයේනා වේගාර්ගේ ගින්නෙන් තමන්ගෙම ජීවිතය කැප කරගත්තා. නමුත් පොතේ මේ දේවල් වෙන්නේ වෙනස්ම විදිහකට බවත්, ඒ වෙනස්කම් කොහොමද කියලත් කලින් කොටසෙ ලිපියෙන් මම කිව්වා. මළගම පැවැත් වුනේ ලෙයේනාගේ ඇතුලු වැලාරියන්වරුන්ගේ නිවස වෙන ඩ්‍රිෆ්ට්මාක්වලයි. එකිනෙකා එක්ක විරසක වෙලා ඉන්න රාජකීය පවුල පොඩි වෙලාවකට හරි අකමැත්තෙන් වුණත් එකතු කරන්න ඩ්‍රිෆ්ට්මාර්ක්වලට පුලුවන් වුණා. කතාංගයේ හැම විශේෂ සිදුවීමක්ම එකක් නෑර ඩ්‍රිෆ්ට්මාර්ක්වල වුණු නිසයි ඒ කොටස “Driftmark” විදිහටම නම් කරලා තිබුණෙත්.
මෙතනදී ලෙයේනා වෙනුවෙන් අවසන් කතාව සිදු කරන්නේ වේමන්ඩ් වැලාරියන්. වේමන්ඩ් කියන්නේ කෝලිස්ගේ මල්ලි; ලෙයේනා සහ ලේනෝර් දෙන්නගෙ මාමා. මේ කතාවෙන් වේමන්ඩ් භාගෙට භාගයක්ම කළේ ලෙයේනාට ගෞරව පුද කරනවට වඩා තමන්ගේ වංශෙ හබල් ගාපු එක. මිනිහා රෙණෙයිරාගේ පුතාලා තුන්දෙනාම ස්ට්‍රෝංගේ දරුවන් බව හොඳට දන්න හින්ඳ පුලුවන් උපරිමෙන්ම ඒ ළමයින්ට හින්ට් පාස් කරපු එකයි කළේ. ලෙයේනා මියගියත්, ඇය ගියේ සැබෑම වංශවත් දරුවන් දෙදෙනෙක් මෙලොවට ඉතුරු කරලා බවත්, පුරාණ වෙලාරියන්ගේවරුන්ගේ රුධිරයේ ලවණ වැඩියෙන්ම ගලන්නේ තමන්ගේ පරම්පරාවේ කියලත් වේමන්ඩ් කියන්නේ මේ නිසයි.
“Lady Laena leaves two true-born daughters on the shore. Though their mother will not return from her voyage, they will all remain bound together in blood. Salt courses through Velaryon blood. Ours runs thick. Ours runs true. And ours must never thin.”
මෙතනදි ඩේමන්ට පෙනෙනවා වේමන්ඩ්ගේ මේ මඩ වචන නිසා රෙණෙයිරාගේ සහ වැඩිමල් පුතා හොඳටම අපහසුතාවයට පත්වෙනවා. හැමෝම වේමන්ඩ්ගේ වචන එක්කම හොරැහින් ඔවුන් දිහා බලන්නේ අවජාතකයින් දිහා බලන විදිහටයි. ඉතිං ඒ අවදානය තමන්ගෙ පැත්තට ගන්න ඕන වෙන නිසයි ඩේමන් මෙතනදි නොගැලපෙන විදිහට හිනාවුණේ.
මං මෙතනදි තව අමතර දේකුත් කියන්නම්. කෝලිස් වැලාරියන්ගෙන් පස්සේ ඩ්‍රිෆ්ට්මාර්ක්වලට උරුමයක් ඔහුගේ සහෝදරයා විදිහට වේමන්ඩ් වැලාරියන්ටත් තියෙනවා. ඉතිං කෝලිස්ගේ මරණයෙන් පස්සේ ඔහුට ඩ්‍රිෆ්ට්මාර්ක් හිමිවෙන්න පුලුවනි නීත්‍යානුකූලවම. නමුත් ඔහුගේ මාර්ගය හරස් කරගෙන ඉන්න බාධකය වෙන්නේ රෙණෙයිරාගේ පුතාලා. තමන්ගෙන් පස්සේ ඩ්‍රිෆ්ට්මාර්ක් සීට් එක රෙණෙයිරාගේ දෙවෙනි දරුවා වෙන ලුසේරිස්ට ලබාදෙන්නයි කෝලිස්ගෙ අදහස. ගැහැණු දරුවන් නිසා කොහොමත් ලෙයේනාගේ දුවලට ඩ්‍රිෆ්ට්මාර්ක් උරුම වෙන්න තියෙන සම්භාවිතාවය රෙණෙයිරාගේ පුතාට සාපේක්ශව අඩුයි. ඉතිං රෙණෙයිරාගේ ළමයින් එක්ක මෙච්චර තරහකින් ඉන්න වේමන්ඩ්‍ට තියෙන හේතුව ඒකයි. ඉතිං වේමන්ඩ් අනාගතේදි බ්ලැක්ස්ලට එරෙහි වේවිද? ඒ ප්‍රශ්නෙට උත්තර අනාගතයටම භාර කරමු.
(වේමන්ඩ් වැලාරියන්)
ලයනල් ස්ට්‍රෝංව තමන්ගේ පුතා විසින්ම ගිනි තියලා මැරුවට පස්සේ, ඔහුගෙන් හිස්වුණු “Hand of the King” තනතුරට ආයෙත් ඔටෝවම පත් කර තිබෙනවා.
ලෙයේනාට අවසන් ගෞරව පුද කරාට පස්සෙත් වැඩ කටයුතු ටිකක් සන්සුන්ව සිදුවුණා. ඒත් ඇතුලින් එක එක පවුලෙ ප්‍රශ්න සිදුවෙන බවයි දකින්න තිබුණේ. ජෙසාරිස් සහ ලෙයේනාගේ දරුවන් අතර හොඳ සම්බන්ධයක් ගොඩනැගෙමින් තියෙනවා.
විසේරිස් කොච්චර කෝපවෙලා ඩේමන්ට විරුද්ධව තීරණ ගත්තත් ඔහු තාමත් තමන්ගේ මල්ලිට ආදරෙයි. දැන් විසේරිස් ඩේමන්ට සමාව දීලා තියෙන බව ඔහුට කිංස් ලෑන්ඩිවන්වලට නැවත එන්න කරන ආරාධනයෙන්ම දකින්න පුලුවන් වුණා. ඩේමන්ට තමන්ගේ රාජ සභාවේ හොඳ තනතුරක් ලබාදෙන්නත් විසේරිස් සූදානම්. ඒත් ඩේමන් එකහෙලාම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. ඒත් මෙතන ඔහුට ඇත්තටම ඕන දේ මොකද්ද කියලා විසේරිස් ඇහුවම, ඔහු “මට ඕනේ…” කියලා මොනා හරි දෙයක් කියන්න ගිහින්, ඒ දේ සම්පූර්ණ නොකර කතාව වෙනස් කරනවා. සමහර විට මෙතනදි තමන්ට රෙණෙයිරාවයි අවශ්‍යය කියලා ඔහු කියන්න උත්සහ කළා වෙන්නත් පුලුවන්. ඩේමන් සමග කතාව අවසන් කරලා නින්දට යන ගමන් විසේරිස් ඇලිසන්‍ට්ට තමන්ගේ කලින් බිරිඳගේ නම වුණු “ඇමා” නමින් ආමන්ත්‍රණය කරනවා. විසේරිස් හිතා මතා ඒ දේ නොකීවත් ඒ වචනේ ඇලිසන්ට්ට කනේ පහරක් වුණා ඒ අතර කෝලිස් පුංචි ලුසේරිස්ට ඩ්‍රිෆ්ට්මාර්ක්වල උරුමයේ බරපතල කම කියා දුන්නත්, තාම වයසින් මෝරලා නැති ලූස් ඩ්‍රිෆ්ට්මාර්ක් තමන්ට එපා කියලා හරි සංවේදීව කියනවා. ඔය අතර හෙලේනා සහ ඒගෝන් අතර විවාහය ගැනත් ඉඟි ලබාදෙනවා.
රෙණෙයිරාගේ වැඩ නිසා කෝපයෙන් ඉන්න එකම පිරිස ග්‍රීන්ස්ලා විතරක් නෙවෙයි. රේනීස් වුණත් රෙණෙයිරාගේ ළමයින්ගේ ගැටලුව නිසා හුඟක් පසුතැවීමෙන් ඉන්න බව පෙනෙන්නට තියෙනවා. ඇයගේ දරුවන් පිරිසිදු වෙලාරියන්ලා නොවෙන බවත්, ඒ නිසා ඩ්‍රිෆ්ට්මාර්ක් උරුම විය යුත්තේ සැබෑම වංශවත් රුධිරය ගලන ලෙයේනාගේ දුවලාට බවත් රේනිස් කෝලිස්ට බලකර සිටිනවා. ඒත් කෝලිස් ඒ පොඩි දරුවන්ට ආදරෙයි. ඔවුන්ව දැනටමත් අඳුරු සෙවනැල්ලක් වසාගෙන ඉන්න බව ඔහු හොඳට දන්නවා. ඉතිං ඩ්‍රිෆ්ට්මාර්ක් උරුමයත් ඔවුන්ගෙන් උදුරගත්තම ඒ ළමයින්ගේ දෛවය තවත් අඳුරට පෙරලෙනවා යන එකයි වෙන්නේ. ඒ නිසා අනිවාරෙන්ම ඩ්‍රිෆ්ට්මාර්ක් ලුසේරිස්‍ටම හිමිවිය යුතුමයි ඔහු කියනවා. කොහොම හරි මේ මතභේදය නිසා කෝලිස්- රේනිස් දෙන්නගේ සම්බන්ඳයත් පළුදු වෙමින් තියෙන්නේ. ආදර බැඳීම් දෙක තුනක්ම ටික ටික දුර්වල වෙනකොට එක ආදර කතාවක් අපූරුවට ගොඩනැගෙනවා. ඒ රෙණෙයිරා- ඩේමන් සම්බන්ඳය. එකිනෙකාට අදහස් ප්‍රකාශ කරගැනීමකින් පස්සේ ඔවුන් දෙන්නා ආදරයෙන් එකතු වෙනවා.
මේ හැමදේකින්ම හත්වෙනි කොටස සොරකම් කරගත්‍තු දර්ශනය හිමිවුණේ ඒමන්ඩ්ට සහ වේගාර්ට. ලෙයේනාගේ මරණින් පස්සේ වේගාර්ට ධාවකයෙක් නැහැ. ඉතිං ඒමන්ඩ් හොර රහසේම වේගාර්ව ක්ලේම් කරගන්න උත්සහ කරනවා සහ එය සාර්ථක වෙනවා. ඒමන්ඩ් තමන්ගේ ජීවිතයේ පළවෙනි වතාවට මකරෙක් පිටේ පියෑඹීමේ ආශ්වාදය විඳගන්නවා. මෙතරම් කාලයක් මකරෙක් නැති වීමෙන් හැමෝගෙම හෑල්ලුවට ලක්වුණු ඒමන්ඩ් දැන් රාජධානියේ බලවත්ම සහ විශාලම මකරාගේ අයිතිකාරයා. මේ ක්ලේම් එක ග්‍රීන්ලගේ කණ්ඩායමට ලැබුණු වචනෙන් කියන්න අමාරු වටිනාකමක්. ඒත් ඕනම වටිනා ලබාගැනීමකටම එක් කැප කිරීමක් තියෙනවා. වේගාර්ව පැදලා එන අතර මග කෝපයට පත්වුණු ලෙයේනාගේ දුවලා සහ රෙණෙයිරාගේ පුතාලා දෙන්නා ඒමන්ඩ්ට පහර දෙනවා. මෙතනදි ඒමන්ඩ් “අවජාතකයින්” කියලා ඔවුන්ට අපහස කරනවා. තත්ත්වය දුර දිග ගිහින් ලුසේරිස් ඒමන්ඩ්ගේ ඇසට කිණිස්සකින් අනිනවා. මකරෙක්ට ඇසක්!
ඒමන්ඩ්ට් වුණු දේ සොයන්න කරන පරීක්ෂණයෙදියි ගැටුම් උත්සන්න වෙන්නේ. විසේරිස් තත්ත්වය සමනය කරන්න කොච්චර උත්සහා කළත්, තමන්ගේ පුතාට අහිමි වුණු ඇහැ වෙනුවෙන් රෙණෙයිරාගේ පුතාගේ ඇහැ උදුරාගන්න උත්සහ කරනවා. ඒත් රෙණෙයිරා ලේත් සොලවාගෙන ඒ දේ වළක්වනවා. මෙතන ගැටුම අවසන් කරන්නේ ඊට හේතුව වුණු ඒමන්ඩ්මයි. වයසින් අඩු වුනත් තමන්ගේ පරිනත බව පෙන්වමින්, ඇහැ වෙනුවට වේගාර් හොඳ ගණුදෙනුවක් කියමින් ඔහු ඇලිසන්ට්ව සන්සුන් කරනවා.
හැමෝම ඉස්සරහා තමන්ටත් කැළලක් ඇති කරගෙන තමන් කරපු මේ සිදුවීම ගැන ඇලිසන්‍ට් අවංකවම පසු තැවුණත්, ඇලිසන්ට්ගේ ඒ ස්වරූපය දැකලා සතුටු වුණු එක්කෙනෙක් ඉන්නවා. ඒ තමා ඔටෝ. තමන්ගෙ දුවටත් ඒ වගේ සීමා රහිත අවශ්‍යතාවයන් ඇති බව දැකපු ඔටෝ හුඟක් සෑහීමකට පත් වී සිටි බවයි පෙනෙන්න තිබුණේ.
පස් වෙනි කොටසේ ඉඳන්ම අපි දැකපු දෙයක් තමා රෙණෙයිරා සහ ලේනෝර් අතර තියෙන්නේ විවාහයකට වඩා අනිත් අයව මවාපාන්න බැඳීමක් අස්සෙ සඟවපු එකඟතාවයක් කියන දේ. ලේනෝර්ගේ සෙල්ලක්කාර, සැහැල්ලු ජීවිතය කොහෙත්ම රෙණෙයිරාගේ බලය වෙනුවෙන් සටන් කරනා යුධ භූමියට ගැලපෙන්නේ නෑ. ලේනෝර් ඕනේ නිදහසේ ඉන්න… ක්‍රියාදාමවල පැටලිලා ජීවිතේ විඳින්න. නමුත් රෙණෙයිරාගේ එකම අධිෂ්ඨාන බලයයි… ඒ අයන් ත්‍රෝන් එකයි! අවසන් මොහොතෙදි ලේනෝර් මේ දේවල් බරපතලව ගන්න බව රෙණෙයිරාට කියනවා. ඔහු ඇයට උරුම විදිහේ සැමියෙක් වෙමින් ඇයගේ දරුවන්වත් සිහසුණට සූදානම් කරන්න වෙහෙසෙන බවටත් පොරොන්දු වෙනවා. නමුත් රෙණෙයිරා හොඳටම දැනුවත් තමන්ගේ අරමුණ වෙනුවෙන් ලේනෝර් මදි කියලා. ඇයට අවශ්‍යය රැකවරණය වගේම බලයේ සහයත් තියෙන්නේ එක්කෙනෙක් ගැන විතරයි. ඔහු තමා ඩේමන්.
“ගින්දර කියන්නේ සිරගෙයක්. මුහුද කියන්නේ පලායෑමක්.”
රෙණෙයිරා කිව්ව මේ දේ ඊළඟ දර්ශනවලින් සාක්ෂි එක්කම තහවුරු කරනවා. ලේනෝර් කාර්ල් එක්ක මුහුදේ තමන්ගේ ජීවිතය සොයා නිදහස් වෙද්දී, රෙණෙයිරා ඩේමන් එක්ක බැඳෙනවා. ඒ බැඳීමත් ලේවලින් තනාගත්‍තු සිරගෙයක්… බලයේ අවශ්‍යයතාවය මත හැඟීම් එක්ක තනාගත්තු සිරගෙයක්. ඒත් GoT තුළ නිතර දකිනවා වගේ තව කෙනෙක්ගේ සතුටත් උදුරාගෙනමයි රෙණෙයිරාට තේරීමක් කරන්න වෙන්නේ. රේනිස් සහ කෝලිස්ට තමන්ගේ ඉතුරු එකම දරුවාවත් අහිමිවෙනවා. ලේනෝර් ඇත්තටම ජීවත් වුණත්, අනිත් ලෝකයට ඔහු දැනටනත් මැරුණු කෙනෙක්.
මෙතනදි කතාව ටිකක් සංකීර්ණ වුණා කිව්වොත් හරි. මොකද “Fire And Blood” පොතට අනුව නම් මේ වෙනකොටත් කෝලිස් ඇත්තටම මියයනවා. ඔහුව පොතෙත් මරන්නේ කාර්ල්මයි. ඒත් සීරීස් එකේදි වුනේ කාර්ල් එක්ක හොර රහසේම බොරු මරණයක් මවාපාලා ලේනෝර් පැනලා ගිය එක. කතාවෙ රචකයින් මෙහෙම තේරීමක් කරන්න හේතුව මොකද්ද කියන්න නම් හරියටම මම දන්නෑ. ඒත් ඒ තීරණය ඉස්සරහට වෙන්න තියෙන යුද්ධවලදී හොඳට යොදාගනීවි කියලා හිතමු.
අටවෙනි කොටසෙන් තවත් ටයිම් ජම්ප් එකක්?
HotD පළවෙනි සීසන් එකේ හැම කොටසකම ටයිම් ජම්ප් එකක් සිද්ද වුනා. Dance of the Dragon සිදුවීම්වලට කෙලින්ම නොයා ඊට අදාල පසුබිම පැහැදිලිව පෙන්වල දෙන්න, ඊට පෙර සිදුවීම් අරන් එන්න අවශ්‍යය වුණු නිසයි රයිටර්ස්ලා මේ වගේ ටයිම් ජම්ප් එක්ක කතාව ගොඩනගාගෙන ආවේ. ඒත් ඒවා අදින් අවසන් වෙනවා. House Of The Dragon තුළින් වෙන අවසන් ටයින් ජම්ප් එක අරගන්නේ අද කොටසින්. මෙතන ඉඳන් කතාව එක කාලවකවානුවක එක දිගටම ගලාගෙන යන බවයි කියන්නේ.
(ඒගෝන් ටාගේරියන්)
ඉතිං ආයෙත් වසර හයක්ම ඉදිරියට කතාව ගිහින් තියෙන නිසා, අදත් රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම වෙනස් වෙලා තියෙනවා.
(අටවෙනි කතාංගයේ ඒමන්ඩ් ටාගේරියන්)
අද ඉඳන් ඒමන්ඩ් ටාගේරියන් ලෙස Ewan Mitchell ද, ඒගෝන් ටාගේරියන් ලෙස Tom Glynn-Carney ද, ජෙසාරිස් වැලාරියන් ලෙස Harry Collet ද, ලුසේරිස් වැලාරියන් ලෙස Elliot Gtihault ද, බේලා ටාගේරියන් ලෙස Bethany Antonia ද, රේනා ටාගේරියන් ලෙස Phoebe Campbell ද රංගනයෙන් දායක වෙනවා.
(ජෙසාරිස් වැලාරියන්)
අද කොටස තමා මේ සීසන් එකේ දීර්ඝතම කොටස වෙන්නේ. “The Lord Of The Tides” විදිහටයි අටවෙනි කතාංගය නම්වෙලා තියෙන්නේ. මේ තමා සීරීස් එකේ මේ වෙනකන් රිලීස් වුණු දිගම එපිසෝඩ් එක. අද කොටස නම් ඇත්තටම ගොඩක් සංවේදී එකක්. ඒ නිසාමද කොහෙදෝ මේ කොටසට අමුතුම ගතියක් එක් වී තිබුණා.
කතා සමයේ අවසන් කොටසට පෙර කොටස ලංකාවේ වෙලාවෙන් ලබන සතියේ සඳුදා HBO නාලිකාවෙන් විකාශය කරන්න නියමිතයි. එහෙනම් මම අද කොටසේ ලිපියත් මෙතනින් අවසන් කරන්නම්. ආයෙත් බයිස්කෝප් තුළින් ඉක්මණින්ම හමුවෙමු. සුබ දවසක්…!
S01E06: “The Lord of the Tides”
- Director: Geeta Vasant Patel
- Writer: Eileen Shim
- Runtime: 68 minutes
- Released Date: October 10, 2022
- IMDB Rating: 9.6
- Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
25,047 downloadsDownload House.of_.the_.Dragon.S01E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
67 comments
Denuwan
Noname
කියන්න කණගාටුයි. බයිස්කෝප් සයිට් එක ad ගොඩක් දැන්. ක්ලික් එකක් ක්ලික් එකක් ගානේ ඇඩ්.
Anonymous
පොඩ්ඩක් ඉවසලා සබ් එක ගනින් බන්. පොඩි දේට වද වෙන්නෙ නැතුව සබ් එකට tnxs කරන්න.
Anonymous
Ha thnks
gg
meka download wenne naa Add eka digatama hyyoooooooooooo
Sub ekata thanks
DMT SANJEEWA
Thanks brother your valuable time ....
sdsa
Sub ekak da ADD link ekak da ?
dsp
thank u bro sub dunnata episode 8tama
lakshan
Mcn sub eka download unada?
dsp
ow bn
Sathsara
Thanks Bro
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
gg
saho download krpu eka mata dannako meka add enava eka digta
Gihan
Thanks for sub
Anonymous
Tnxs bro sub ekata. Jaya wewa...
sashitha
thanks machoo
Anonymous
සබ් එකට thank you මචං... වීඩියෝ එකත් දෙන්න....
viraj
thanks.......
Lakshan
පැයක ඉදන් try කරන්නෙ sub එක download කරන්න බෑනෙ
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Sathija
Thank you so muuch
Danushka
බොහොම ස්තුතියි සබ් එකට, ජයවේවා.....
Stew
Thanks For Subtitle
Anuja Lakshitha
thanks kollo sub ekt
ගලයා
වෙන සයිට් එහෙකින් ගන්න එක හොඳයි බන් ඇඩ් බලනවට වඩා
WINTEX
Pla hutta ynna
Anonymous
salli deela gannawa wage hariyata besikaya...
Anonymous
thanx bro
daniya
hapoo appiriyai bn ads dala oi vidiyata... wena site walata yanne nathi wenna ads dapanko pattakin. nodanna katiiyata download karaganna ba.
Anonymous
සබ් එක ගත්තනම් කටපුක වහගෙන පලයන් පින්නයෙක් නොවී. ඇඩ් වැටුනා ආයෙ බැක් වෙලා උබට සබ් එක ගන්න බරිද . 2000 න් පස්සෙ පින්නයෙක් ද ඔයත්
Anonymous
Thankyou
WINTEX
nice
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Dewadithya
Thanks for Sub!
Anonymous
Thanks jayawewa.....!
Sahan Gayantha
thanks a lot saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Elma...thnkz sub ekt
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌dylan
osthar la anam manan daala wena site walin gannawalu sub eka wedak nalu araka meka kiya kiya.ubala gannawanam ganin.u amaruwen oka hadala daala thiyenne ona unta balannane.uge mahansiyen free dena deyak ne.pake cmnt noda set wennaththam paduwe giya nam iwarane.moko ubalage athin salli yanne nane ehema una kiyala.atleast agaya karapalla ohoma hari deyak ane miniha wenuwen thawa ekek karana de ada me wage kaaleka.mokada minissu thaman gana witharai godak dena hithanne..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
යන්නේ කොහෙද මල්ලේ පොල් සබ් දෙන අකුරු 3 කොරියන් සයිට් එකේ වහල්ලු ටිකට බයිස්කෝප් එකේ කොලිටි සබ් දිරවගන්න බැරුව කමෙන්ට් කරනවා...
සචින්ත සහෝ ඕවා ගනන් ගන්න එපා ඕකුන් රෙනෙයිරගේ ලමයි ජාතියේ උන්Shanuka Rathnayake
thanks
සංජන චමෝද්
pop ups, Redirects වගේ දේවල් තියෙන්න පුලුවන්. ඒත් සයිට් එකට බනින්න දෙයක් නෑ, කරන්න තියෙන්නෙ ad blocker එකක් පාවිච්චි කරන එක.🤪
shehan
episode 9 sub eka nadda bro
Anonymous
Thank you...
sandun
Sub eka dpn pgo
Mahi
Sub ne Pgo. Uba dapanko Sub eka.
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Akash Fernando
මචන් බනින්නෙ ඇයි ඌත් වැඩ අස්සෙ මේවා කරන්නෙ.මාත් මොනා උනත් කැමති බයිස්කෝප් එකේ සබ් වලට ටිකක් ඉවසලා ඉන්න
Anonymous
9 Sub එක දාන්න වස්තුවේ ඉක්මනට.
ඔයාගේ මහන්සියට ගොඩක් ස්තූතියි!
Anonymous
උබ දාපංකෝ Sub එක හදලා
Rusiru Lakshan
Ad වෙලින් බේරිලා අමාරුවෙන් සයිට් එකට එන්නේ සබ් එක දාගන්න මචං. කලින් දුන්නා වගේ 9 ත් සබ් එක දෙන්න බැරි ඇයි ? කරන්න බැරි විදිහේ මොකක් හරි වැඩක් තියෙනවා නම් වෙන කෙනෙකුට බාර දුන්නා ඉවරයි.
ඩොටී
සද්දේ දාන්න එපා පගෝ.මු සමාජ සේවයක් කරන්නෙ. මූට වැඳපන්.
විමා
සචින්ත සබ් එක කරලා ඉවරයි. සයිට් එකේ අවුලක් නිසා ඇඩ්මින්ලට සයිට් එකට ලොග් වෙන්න බැරුව ඉන්නෙ ඊයේ හවස ඉඳලා. ඒ නිසා සබ් එක වැටෙන්න පරක්කු වෙයි මේ අවුල හදාගන්නකම්.
දැන් ඔය රොයිලිගේ හොඳ කියන උන්ම තමා හත්පොලේ රොයිලිට බනින්නේ උගේ නම සබ් එක උරැම කියල. රොයිලිත් මේකේ සබ් කරන්න බැහැ කියපු වෙලාවේ මේ ඉන්න ටොක්සික් ෆෑන් බේස් එක නිසාම සයිට් එකේ වෙන කිසිම කෙනෙක් මේකට සබ් කරන්න කැමති වුනේ නැහැ මමත් ඇතුළුව. සචින්ත සහෝදරයා විතරයි කැමති වුනේ කමක් නැහැ මොන වැඩේ පාඩු කරගෙන හරි මම මේක කරන්නම් කියල බාරගත්තා ඒ වගේම හෙට විබ් හාගයක් තියාගෙන අද සබ් එක දුන්නු දවස් පවා තිබ්බා.
මේ එක කරන සචින්ත සහෝදරයට උදේ 7 වෙනකොට එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කරලා 8 වෙනකොට බලල ඉවර කරලා එතනින් එහාට තමන්ගේ වැඩක් කරගෙන සැපේ ඉන්න පුළුවන් මේ සීසන් එකෙන් පස්සෙ දෙයියනේ කියල. :)
ඔයාල කමෙන්ට් වලින් දුන්නු උපදුස් අනුව මේ සීසන් එකෙන් පස්සෙ මේක වෙන කෙනෙක්ට බාරදෙන්න කියල ඇඩ්මින්ලාගෙන් ඉල්ලලා තියෙන්නේ දැනටමත් සචින්ත. මං හිතන්නෙ නැහැ සීසන් 2 එක එන කාලෙට මේකට සබ් දෙන්න කවුරුහරි කැමති වෙයි කියලවත්. එහෙම බාරගන්න එකෙක් ඉන්නව නම් උට පිස්සු වෙන්න ඕනා මේ ජාතියේ සත්තු රැලකට සබ් එකක් දෙන්න නහින්න.
දනුකයා
උඹලා මචං වැඩ පාඩු කරගෙන සබ් ගහන්නෙ නැතුව
සයිට් එකත් වහලා දාපන්. එතකොට මුන්ට තේරේවි.Akash Fernando
modayo wage baninna epa bn munuth wada asse mewwa karanne.
modayek unata modakama pradarshanaya karanna epa. oya banina ekek sub ekak hadanna balapanko thiyanaa amaruwaAsanga kb
bohoma sthuthi machan sub ekata.. eka eka gothayo kiyana katha walata poddak wath awul wennepa.. digatama wade karagena yanna,jayen jayama wewa..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![House of the Dragon [S01 : E08] Sinhala Subtitles | මකර නිවහනට යලිත් සාමය පැමිණේවිද? [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/House-of-the-Dragon-1.0.jpg)



Sub එක දෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ, තැන්කිව් bro