හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E01] Sinhala Subtitles එහෙනම් ඔන්න හුඟ දෙනෙක් බලාගෙන ඉන්න “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරසි ඉක්මනින්ම අරගෙන ආවා. කලින් සීසන් එක කරපු සචින්ත කල්හාර සහෝට මේක කරන්න වෙන්නේ නැති නිසා…

එහෙනම් ඔන්න හුඟ දෙනෙක් බලාගෙන ඉන්න “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරසි ඉක්මනින්ම අරගෙන ආවා. කලින් සීසන් එක කරපු සචින්ත කල්හාර සහෝට මේක කරන්න වෙන්නේ නැති නිසා මට මේක කරන්න කියලා අපේ විමා අයියා ඇරයුම් කළා. ඉතින් සචින්ත අයියාගේ කොලිටියටම ඉක්මනින් දෙන්න උපරිම උත්සහ කරනවා.
නෙරංජි අක්කාගේ ලිපියත් කියවගෙනම සබ් එක අරගන්නකෝ එහෙනම්. ලබන සතියේ දෙවෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.
එහෙනම් ගේම් ඔෆ් ත්‍රෝන් කාලේ ඉඳලම ඔයාලගේ හිතවතිය වුණු අපේ නෙරංජි අක්කා ඔයාලත් එක්ක ආයෙත් එකතු වෙනවා. මේ තියෙන්නේ නෙරංජි අක්කගේ සටහන.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesඅද දවස හැම කෙනෙක්ම බොහොම සතුටින් ඉන්න දවසක්. ඒකට හේතු දෙකක් තියෙනවා. සඳුදා දවසක් නිවාඩු වෙන එක, සිකුරාදා දවසක නිවාඩුවකට වඩා වැඩි කික් එකක් ගෙනෙනවා. ඒ වගේම අද අපි කවුරුත් හුඟක් ආස කරන වෙස්ටරෝස් මහද්වීපෙට යන්න, දවස උදා වෙනවා.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitleමේ වෙනකොට Game of Throne හෙවත් කෙටියෙන් GOT කියන හුරතල් නාමයෙන් අමතන, සුපිරි tv series එක අතීතයට එකතු වෙලා ඉවරයි. දැන් අපිට ලැබිලා තියෙනවා, ඒ විශ්වයේම ඊට පෙර සිදුවුණ අතිශය විශේෂ සිදුවීමක්, නැරඹීමේ අවස්ථාව.
මේ වෙනකොට හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතා මාලාවෙ, පළවෙනි සීසන් එක අපි හැමෝම බලලා ඉවරයි. අද අපි සූදානම් වෙන්නේ, දෙවෙනි සීරීස් එක ආරම්භ කරන්න. හුඟක් අය spoil වෙන්න කැමති නෑ. ඒ වුණත් මං ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා.
මේ වෙද්දි ඔයා GOT බලල ඉවර කෙනෙක් නං,ඔයා කැමති වුණත් අකමැති වුණත්, මේ කතා මාලාව සම්බන්ධයෙන් ඔයා Spoil වෙලා ඉවරයි. ඇත්තටම මේ කතාවේ අන්තිමට සිද්ධ වෙච්ච දේ මොකක්ද කියන එක, අපි හැමෝම දන්නවා. එතකොට ඇයි මේ කතාව නරඹන එක මෙච්චර විශේෂ වෙන්නේ?
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesමිත්‍රවරුනි.. සිදුවීමක් අවසාන වුණාට, අතීතය අවසාන වෙන්නෙ නෑ. අපි දැනගන්න ඕනේ ඒ සිද්ධිය සිද්ධ වුණේ කොහොමද කියන එක. අපි අහල තියෙන විදිහ, හරියටම නිවැරදිද කියන්න අපි දන්නේ නෑ. මෙන්න මේ හේතුව නිසා තමයි. මේ වගේ කතා මාලාවක්, ලෝකයේ මිනිස්සුන්ට ගොඩක් interesting වෙන්නෙ.
සාමාන්‍ය මිථ්‍යා කතාවකට එහා ගිය, හරිම අභව්‍ය නොවන ඉතිහාසයක් මේ කතා මාලාව පුරාම තියෙන එක, නොනවතින ජනප්‍රියත්වයට තවත් හේතුවක්. ඒ වගේම සාපේක්ෂව වැරදි අඩු, ඉතා හොඳින් රංගනයේ යෙදෙන නළු නිළියන්ගෙන් වගේම, සාර්ථක තිර පිටපතකින් මේ කතා අධ්‍යක්ෂණය කරන්න ගන්න උත්සාහයත්, බයිස්කෝප් අපි අගය කරනවා.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesමේ කතාවේ වැරදි අඩුපාඩු අපිට දකින්න ලැබෙයි. ඒ වුණාට, මේ කතා මාලාවේ සාර්ථකත්වයට. සාපේක්ෂව ඒවායේ බලපෑම අඩු වෙන්නත් පුළුවන්.
අද පටන් ගන්න තැනට වෙනකන්, මෙතෙක් කතාව ඔයාලට පොඩ්ඩක් කියන්නම්..
“අපි සූදානම් වෙන්නේ යුද්ධයකට. ඒ යුද්ධය බලයට තියෙන ආශාව නිසා ආරම්භ වෙන, පටන් ගත්තොත් නවත්තන්න බැරි… ලෙයට ලෙය ඉල්ලන, අපට තිබෙන දිව්‍යමය වස්තුව වන මකරු පවා මියයන්නට නියමිත මහා සංහාරයක්. ඒත් අපි ඒක කරනවා.”
මේ මොහොතේ, සමස්ථ ටාගේරියෙන් හවුස් එකම, මේ ස්ථාවරයේද කියන එක තමයි, අපි අද දැන දැනගන්න නියමිත.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesහිතුවේ නැති විදිහට කළු චරිත සුදු වෙන්නත්, සුදුය කියල හිතන චරිතය කළු වෙන්නත්. බොහෝ චරිත අලු පැහැයේ නතර වෙන්නත්, පිල් බෙදෙන්න නියමිත ඔබට දහස් වරක් සිතන්නත්, කරුණු අද කතාවෙන් එකතු වේවි.
අද අපි බලමු, ඒමන්ඩ් ට තමන්ගේ හපන්කම පිළිබඳව, ඔහුගෙ මොකක් කියාවිද කියලා. තමන්ගේ ඥාති පුත්‍රයාගේ නැතිවීම සම්බන්ධව ඩේමන්ඩ් මොන විදිහට කටයුතු කරයිද කියලා. මේ කතාවේ ප්‍රධානම චරිත දෙක, රෙනෙයිරා සහ ඇලිසන්ට් කියන ගැහැණු දෙන්නා කියලා අපිට පෙනෙන්න තිබුණට. මේ සමස්ත කතාවෙම ප්‍රධාන කුළුණු දෙක තිබෙන්නෙ, ඒමන්ඩ් සහ ඩේමන්ඩ් කියන පිරිමි දෙදෙනාගේ උර මත කියලා, ඔළුවේ තියා ගත්තොත්… ඔබගේ මේ කතාව ඉතාම හොඳින් දැනේවි කියලා විශ්වාස කරනවා.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesඔන්න එහෙනම්, ඔබේ සතුට විනාශ කළේ නෑ. සබ් එකත් එක්ක, කතාව බලල ඉන්න. හෙටින් පස්සේ, මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන්, ටික් ටොක් එකෙන් සහ මම ඉන්න අනිකුත් හැම තැනකින්ම පාහේ, ඔබට මේ සම්බන්ධව, Light and Hard Reviews දෙන්න උත්සාහ කරන්නම්.
නරඹන්න. ජය. ❤
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesඒ වගේම අපේ වෙස්ටරොස් විශ්වයේ තවත් ප්‍රවීනයෙකු වෙන තරිඳු විශ්වනාත්, හවුස් ඔෆ් ඩ්‍රැගන් පලවෙනි සීසන් එක වෙනුවෙන් රී කැප් එකක් කරල තියෙනව ඔයාලට ඒක බලල කතාව පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් මෙතනින් ගිහින්.
S02E01: “A Son for A Son”
Director: Alan Taylor
Writer: Ryan Condal
Runtime: 1h 3m
Released Date: June 17, 2024
IMDb Rating: 8.9 (June 17, 2024)
Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
22,082 downloadsDownload House-of-the-Dragon-S02-E01-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala SubtitlesSubtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
52 comments
Anonymous
sahan malinga
Thank you bro
Pehan
ඉක්මනටම දුන්නට බොහොම ස්තූතී...
Shehan
Refresh kara kara balan hitiye sub eka enakan. Thank you
Chamika
Thanks saho ikmanata sub dunnata
viraj
download karanna site ekak kiyanako
Isuru
torrent link ekak hoyaganna bariunani
Sanupa Ranmeth - Admin
ප්‍රමාදය ගැන කණගාටුයි සහෝ. දැන් බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ වීඩියෝ පිටපත දීල තියෙනවා.
Gayashan liyanage
බොහොම ස්තූතී සිංහල උපසිරසියට......
Deshan Nipun
Supiriyi Mchnla!!! KEEP IT UP
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
viraj
download karanna link ekak hari site ekak kari kiyannako bro.
viraj
download karanna site ekak kiyannako
Sanupa Ranmeth - Admin
ප්‍රමාදය ගැන කණගාටුයි සහෝ. දැන් බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ වීඩියෝ පිටපත දීල තියෙනවා.
Sanuk
Thanks For the Sub
Dasun dammika
thank you brdh
ruwan
කොහොමද video එක ගන්නේ
Dulan
බොහොම ස්තූතියි.සිංහල උපසිරසියට.ඉදිරි කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.❤️
Anonymous
link ekak nene
sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයruwan
කොහොමද video එක ගන්නේ
Isuru Sampath
Thank you brother sub ekata..
Kavindu Yashira
Meke video ek koheda tynne
Kavindu Yashira
Meke video ek koheda tynne...sub witarai tynne
හශාන්
Thank you
lakmal
thanks malli, apu dwasema mahansi wela sub dunnata
Champika
මේකෙ වීඩියෝ එක බාගන්නෙ කොහොමද ?
Sanupa Ranmeth - Admin
ප්‍රමාදය ගැන කණගාටුයි සහෝ. දැන් බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ වීඩියෝ පිටපත දීල තියෙනවා.
Tharusha Hansanae
episode 2 eka ada denne nadda
Malsga
අලුත් episode එකේ sub එක දෙන්න පරක්කු වෙයිද
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Danushka Wickramaarachchi
ඔබට බොහොම ස්තුතියි, අන් අයගේ රසවින්දනය උදෙසා කරන මෙම සමාජ මෙහෙවරට.......
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ❤️
Pushpa Keerthi
ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට ඊයේ ඉදන් බලං හිටියා සබ් 1 දැං දේවි දැං දේවි කියලා. අනිත් ඔක්කොම episode ටිකටත් එන පරක්කුවෙන් සබ් දෙන්න කියලා සුබ පතනවා.
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Vinusha R
කාලය කැපකරලා ඉක්මනින් ම සබ් එක දුන්නාට බොහොම ස්තූතියි සහෝ.
Anonymous
sthuthiy macn
Anonymous
Thanks bro
Isuru Dissanayake
Thank you Brow
Anonymous
Episode 2 sub one
Anonymous
Episode 2 sub එක අද දෙනවද
prasad
thanks bro
kavindu
s2 e2 please one brother
Shan1128
Episode 02 kat ikmmt arn emu sudda ❤️
Ishara
Epi 2 thama dala nadda
Anonymous
episode 2 sub eka vada karanne na
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Anonymous
Thanks bro, Without your subtitles we can't understand real story.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks bro
Tharidu Sagara
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Niyami.pattaa