Watch Trailer

A Knight of the Seven Kingdoms [S01: E01] Sinhala Subtitles | හෙජ් නයිට්වරයා! [සිංහල උපසිරැසි] 100*

කතාව බලන්න හදිස්සි අය මේ පරිච්ඡේදය ස්කිප් කරන්න. මේකේ තියෙන්නේ මගේ හෑල්ලක්. ඒ නිසා කතාව බලන්න එන හදිස්සි අයට මේ කොටස අදාල නෑ. බයිස්කෝප් එකට එකතුවෙලා අවුරුදු දහයි, අදට සබ්ටයිටල්ස් 100යි. පටන් ගත්තේ ආසාවට එකක් කරලා පැත්තකට වෙනවා කියලා හිතාගෙන ඒත් ඔන්න අවුරුදු දහයක් ගෙවිලත් වැඩේ තාම අතහැරලා නැහැ. අවුර…

කතාව බලන්න හදිස්සි අය මේ පරිච්ඡේදය ස්කිප් කරන්න. මේකේ තියෙන්නේ මගේ හෑල්ලක්. ඒ නිසා කතාව බලන්න එන හදිස්සි අයට මේ කොටස අදාල නෑ. බයිස්කෝප් එකට එකතුවෙලා අවුරුදු දහයි, අදට සබ්ටයිටල්ස් 100යි. පටන් ගත්තේ ආසාවට එකක් කරලා පැත්තකට වෙනවා කියලා හිතාගෙන ඒත් ඔන්න අවුරුදු දහයක් ගෙවිලත් වැඩේ තාම අතහැරලා නැහැ. අවුරුදු දහය පුරාවට ෆිල්ම්ස් ටීවී සීරීස් ගනනාවක්ම කරලා තියෙනවා.

ඒ අතරින් ආසම එකක් තෝරගන්න කිව්වොත් මං තෝරගන්නේ ලුසිෆර් කතාමාලාව. ඒකේන් තමයි ගොඩක් අය මාව දැනගත්තෙත්. ඒකාලේත් පුලු-පුලුවන් විදිහට වැඩ අස්සේ එපිසෝඩ් කීපයක් එහෙන් මෙහෙන් කරා. මගදී නැවතිලා තිබ්බ මේ වැඩේ ආපහු පනගහලා ආවේ ස්ට්‍රේන්ජ තින්ග්ස් අවසාන කතාසමයේ එපියක් කරන්න ඕනි කියලා හිතුනට පස්සේ. එතනින් ආපහු පටන් ගත්ත පාර ආපහු සබ්කිරිල්ලේ ආසාව වැඩි උනා.

ලංකාවට අද එපිය උදේ 8:30ට එද්දී මං ඉන්න දේශයට පාන්දර තුනයි. මේ කතාව අපේ GOT රසිකයන්ට වඩාත් වැදගත් කතාවක් නිසා එපිය රිලීස් උන ගමන්ම සබ් එක හදන්න ඕනි කියලා වැඩ පටන් ගත්තා.

ඒ දක්වා ආපු ගමනේ සෑහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුනා. නම් වශයෙන් හැමෝම සඳහන් කරන්න බැරි උනත් කීප දෙනෙක්ව සඳහන් කරන්නම වෙනවා. පළවෙනි සබ් එක කරන්න මට කතා කරපු රවිඳු තේනබදු, සමීර චතුරංග,හසන්ත වික්‍රමරත්න, ආසිරි ප්‍රියන්ත, නලීන් පෙරේරා, චාමර සම්පත්, මයුර සුරාජ්, මදුකප්‍රිය,ප්‍රණීත් රණසිංහ, රවිඳු රුක්ශාන්, යුරාන් ධනුක තව සෑහෙන්න පිරිසක් හමුවුනා. මේ ගොඩක් අය දැන් සබ් කරන්නෙත් නැති තරම් ඒ තමයි බයිස්කෝප් සිංහලෙන් අපේ වෙබ් අඩවියේ නම් දරාපු උපසිරැසිකරුවන්. විශේශ සඳහන් කිරීම් දෙකක් කරන්න තියෙනවා. ඒ අශාන් විමුක්ති සහෝට, මොකද සෑහෙන්න වැඩකොටසක් ඔයාලට ඉදිරියට ගේන්න එයා, මම ඇතුලු කණ්ඩායම සැරසෙනවා. මේ එපිය කරමු කියලත් කිව්වේ එයාමයි. අවසාන වශයෙන් මතක් කරන්න ඕනි බයිස්කෝප් සිංහලෙන් මුල්පුරුක ඒ වගේම ගේම් ඔෆ් ත්‍රෝන් කතාමාලාව මුලින්ම ඔයාලට ගෙනාව රොයිලි අයියවත්. රොයිලි අයියගේ ඒ සබ්වල කොලිටිය කොහොමද කියලා විශේශයෙන් කියන්න ඕනි නෑනේ ඔයාලට. ඔන්න එහෙනම් මගේ සටහනත් මෙතනින් ඉවරයි. හැමදාමවගේම මේ කතාමාලවත් ඔයාලා රසවිඳියි කියලා විශ්වාස කරනවා. ඊළඟ එපියෙන් මුණගැහෙමු.

මේ ඔයාලා දන්න වෙස්ටරෝස් එකම නෙවෙයි මේ. මේ කතා මාලාව (Franchise) හරහා එන තුන්වන නිර්මාණය විදිහට, “A Knight of the Seven Kingdoms” එකට ලොකු අභියෝගයක් තියෙනවා. මොකද “Game of Thrones” සහ “House of the Dragon” හරහා මේ මායා ලෝකයේ ගැඹුර සහ ස්වභාවය අපි උපරිමයෙන්ම දැකලා තියෙනවා. ඉතින් එහෙම බැලුවම මේ අලුත් Prequel/Spin-off එකෙන් අපිට අලුතෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද? හැබැයි, මේ අලුත් කතා මාලාව එන්නේ ලොකු වෙනසක් එක්ක, ප්‍රේක්ෂකයින්ට අලුත්ම අත්දැකීමක් දෙන විදිහටයි.රජ පවුල්වල මහා බල අරගල හරි, දෛවය විසින් තීරණය කරපු මහා වීරයෝ හරි ගැන කතා කරනවා වෙනුවට, මේ කතාව යන්නේ ඊට වඩා බොහොම සරල, කුඩා පරිමාණයේ ත්‍රාසජනක ගමනක් වටායි. ඒ නිසාම HBO හරහා මේක විකාශය වුණාම, වෙස්ටරෝස් ගැන නිර්මාණය වුණු අනිත් හැම කතාවකටම වඩා මේක අද්විතීය සහ විශේෂ එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

හැබැයි ඉතින් මේ වෙනස කරන්න නම්, කලින් කතාවලට වඩා හාත්පසින්ම වෙනස් මූලාශ්‍ර පාවිච්චි කරන්න වෙනවා. අපි දන්නවා “Game of Thrones” හැදුනේ ජෝර්ජ් ආර්. ආර්. මාටින්ගේ “A Song of Ice and Fire” පොත් මාලාවෙන් (ඒක තාම ලියලා ඉවර නෑ). ඒ වගේම “House of the Dragon” හැදුනේ “Fire & Blood” පොතෙන් (ඒකත් තාම ඉවර නෑ).මේවට හාත්පසින්ම වෙනස්ව (In stark contrast), “A Knight of the Seven Kingdoms” කතාව හැදෙන්නේ “Tales of Dunk and Egg” කියන කෙටි නවකතා ඇසුරෙන්. මේක කොටස් වශයෙන් යන පොඩි ත්‍රාසජනක කතා එකතුවක්. ඔව්, මේකත් තාම ලියලා ඉවර නෑ! කොහොම වුණත් මේ කතාවේ ස්වභාවය නිසාම, මේක අනිත් ඒවාට වඩා විනෝදජනක සහ සැහැල්ලු (lighter tone), මාළිගාවෙන් එළියෙ පොළවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ජනතාව අතර සිද්ධ වෙන, ඒ වගේම මේ කාල වකවානුවට ආවේණික වුණු විශේෂ පරිසරයක් දකින්න ලැබෙනවා.

 

“Hedge Knight” කෙනෙක් කියන්නේ මොකක්ද කියලා නමෙන්ම තේරෙනවා. අහිංසකයින්ව ආරක්ෂා කරන්න පොරොන්දු වුනත්, කිසිම රජ මාළිගාවකට හෝ ස්වාමියෙකුට අයිති නැති, පහළ පැලැන්තියේ නයිට් කෙනෙක්. ස්ථිර නවාතැනක් නැති නිසා ගමෙන් ගමට යමින්, රෑට වැටවල් අයිනේ (Hedges) නිදාගන්න සිද්ධ වෙන නිසා තමයි මේ නම වැටිලා තියෙන්නේ. හොඳ ගතිගුණ තියෙන අය රස්සාවක් හොයාගෙන යහතින් හිටියට, අනිත් අය මංකොල්ල කන්න හරි පාරේ හිඟා කන්න හරි පෙළඹෙනවා. අන්න ඒකයි මේ නයිට්වරුන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් නැත්තේ. එක ට්‍රේලර් එකක කියනවා වගේ, “මේක නිකන් නයිට් කෙනෙක් වගේ තමයි, හැබැයි ඊට වඩා ගොඩක් දුක්ඛිතයි.” කෙටියෙන්ම කිව්වොත් ඩන්ක් ඉන්නේ සමාජයේ පහලම තැන. කලින් “Game of Thrones” කතාවල හිටපු ප්‍රධාන චරිත වලට වඩා හාත්පසින්ම වෙනස් කෝණයක් මේ කතාවෙන් අපිට බලාගන්න පුළුවන්.මම නම් මේ අලුත් ටාගේරියන් පාලකයින්ව බලන්න හරි කුතුහලේකින් ඉන්නේ මොකද “House of the Dragon” හි රෙනීරා (Emma D’Arcy) හෝ “Game of Thrones” හි හිටපු නපුරු ජොෆ්රි (Jack Gleeson) එක්ක බැලුවම, මේ “A Knight of the Seven Kingdoms” කතාවේ ඉන්න පාලකයෝ හාත්පසින්ම වෙනස් ජාතියේ කට්ටියක් වගේ.

සාමාන්‍ය ජනතාව නම් නැගෙනහිර දේශයෙන් ආපු මේ ආක්‍රමණිකයින්ට එච්චර කැමැත්තක් නෑ. මොකද පවුලේ තියෙන මානසික ලෙඩ, සිවිල් යුද්ධ සහ සහෝදර විවාහ නිසා රජ පවුලේ දුර්වලකම් මිනිස්සුන්ට හොඳටම දැනිලයි තියෙන්නේ. ඒ වුණාට මේ කාලේ රටේ සාපේක්ෂව සාමකාමී වාතාවරණයක් තියෙනවා වගේම, විශේෂයෙන්ම තරඟාවලි (Tourneys) පවත්වද්දී ජනතාව අතර මෙයාලට තාමත් ලොකු බලයක් තියෙනවා.සුපුරුදු පරිදි, මේ ටාගේරියන් පවුල් ගස ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉන්න එක වටිනවා. දැනට King’s Landing අගනුවර ඉඳන් පාලනය ගෙන යන්නේ II වන ඩේරොන් ටාගේරියන් රජතුමා. (ඇත්තටම මෙයා රෙනීරා සහ ඩේමන්ගේ (Matt Smith) පරම්පරාවෙන් එන කෙනෙක්).

මේක බලන මකර ෆෑන්ස්ලාගෙන් නම් මුලින්ම සමාවෙන්න ඕන, මොකද “A Knight of the Seven Kingdoms” එකේ ඔයාලට දකින්න ලැබෙන එකම ගිනි පිඹින සතා වෙන්නේ ලොකු රූකඩයක් විතරයි. තවත් විදිහකින් කිව්වොත් මේ අලුත් කතාව House of the Dragon බලන අයට පොඩි “ස්පොයිලර්” එකක් වගේ වෙන්නත් පුළුවන්. මොකද House of the Dragon එකේ තාමත් දරුණු සිවිල් යුද්ධයක් යනවා වුණාට, මේ අලුත් කතාව පටන් ගන්නේ ඒ යුද්ධේ ඉවර වෙලා සියල්ල සංසුන් වුණාට පස්සේ. හරියටම කිව්වොත් Game of Thrones සිදුවීම් වලට ශතවර්ෂයකට (අවුරුදු 100කට) විතර කලින්.

හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ දේශපාලන අවුල් වියවුල් මුකුත් නෑ කියලා හොඳේ. දැන් වෙද්දී ඇත්ත මකරු ඔක්කොම මැරිලා ගිහින්. යකඩ සිංහාසනයේ ඉන්න රජ පවුලත් ඉස්සර තරම් බලවත් පාටක් නෑ. මොකද “Blackfyre Rebellion” කියලා ඇති වුණු ලොකු කැරැල්ලකින් පස්සේ රට තාම යථා තත්ත්වයට පත්වෙමින් තියෙන්නේ. මේ කැරැල්ල ගැන විස්තර Season 1 එකට ලොකුවට බලපාන්නේ නැති වුණාට, මේ සිදුවීම් නිසා ටාගේරියන් පාලකයෝ පොඩි දේටත් ටිකක් කලබල වෙන, සැක කරන ගතියක් තියෙන බව චරිත වලට හොඳටම තේරෙනවා.

කොහොම වුණත් අර සිංහාසනය වෙනුවෙන් මරාගන්න දේශපාලන කුමන්ත්‍රණ මේ කතාවේ දකින්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට අපි දකින්නේ Ashford Meadow හි පැවැත්වෙන තරඟාවලියට එකතු වෙන්න උත්සාහ කරන අපේ “Hedge Knight” ඩන්ක් (Peter Claffey) ගේ දෘෂ්ටිකෝණයෙන්. එයාට මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි එයාගේ පක්ෂපාතී (හැබැයි ටිකක් මුරණ්ඩු) ගෝලයා එග් (Egg), ඊළඟ වේල කන්නේ කොහොමද කියන එක සහ මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක. රජවරු, මාළිගා කියන්නේ එයාට ගොඩක් දුර දේවල්.”

නයිට් කෙනෙක් වෙනවා කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි. සාමාන්‍ය ෆැන්ටසි කතාවල නයිට්වරු ගැන තියෙන වීරත්වය, ගෞරවය වගේ හීන ලෝක වගේ නෙවෙයි, වෙස්ටරෝස් වල සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ජේමි ලැනිස්ටර් (Nikolaj Coster-Waldau), බ්‍රියෑන් (Gwendoline Christie) සහ හවුන්ඩ් (Rory McCann) වගේ අයට සමාජයේ තිබුණු උසස් තත්ත්වය නිසා යම් යම් වරප්‍රසාද ලැබුණට, අපේ අහිංසක ඩන්ක්ට නම් තත්ත්වය ඊට වඩා ගොඩක් දුක්ඛිතයි. කිසිම වැදගත් පවුලකින් පැවත එන්නේ නැති, ලෝකෙ තනියම දිනන්න වෙලා තියෙන ඩන්ක්ට මේ නයිට් තනතුර ලැබෙන්නෙත් එයාගේ ස්වාමියා වෙච්ච Ser Arlan of Pennytree (Danny Webb) මැරුණට පස්සේ.

“Hedge Knight” කෙනෙක් කියන්නේ මොකක්ද කියලා නමෙන්ම තේරෙනවා. අහිංසකයින්ව ආරක්ෂා කරන්න පොරොන්දු වුනත්, කිසිම රජ මාළිගාවකට හෝ ස්වාමියෙකුට අයිති නැති, පහළ පැලැන්තියේ නයිට් කෙනෙක්. ස්ථිර නවාතැනක් නැති නිසා ගමෙන් ගමට යමින්, රෑට වැටවල් අයිනේ (Hedges) නිදාගන්න සිද්ධ වෙන නිසා තමයි මේ නම වැටිලා තියෙන්නේ. හොඳ ගතිගුණ තියෙන අය රස්සාවක් හොයාගෙන යහතින් හිටියට, අනිත් අය මංකොල්ල කන්න හරි පාරේ හිඟා කන්න හරි පෙළඹෙනවා. අන්න ඒකයි මේ නයිට්වරුන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් නැත්තේ. එක ට්‍රේලර් එකක කියනවා වගේ, “මේක නිකන් නයිට් කෙනෙක් වගේ තමයි, හැබැයි ඊට වඩා ගොඩක් දුක්ඛිතයි.” කෙටියෙන්ම කිව්වොත් ඩන්ක් ඉන්නේ සමාජයේ පහලම තැන. කලින් “Game of Thrones” කතාවල හිටපු ප්‍රධාන චරිත වලට වඩා හාත්පසින්ම වෙනස් කෝණයක් මේ කතාවෙන් අපිට බලාගන්න පුළුවන්.


මම නම් මේ අලුත් ටාගේරියන් පාලකයින්ව බලන්න හරි කුතුහලේකින් ඉන්නේ මොකද “House of the Dragon” හි රෙනීරා (Emma D’Arcy) හෝ “Game of Thrones” හි හිටපු නපුරු ජොෆ්රි (Jack Gleeson) එක්ක බැලුවම, මේ “A Knight of the Seven Kingdoms” කතාවේ ඉන්න පාලකයෝ හාත්පසින්ම වෙනස් ජාතියේ කට්ටියක් වගේ. සාමාන්‍ය ජනතාව නම් නැගෙනහිර දේශයෙන් ආපු මේ ආක්‍රමණිකයින්ට එච්චර කැමැත්තක් නෑ. මොකද පවුලේ තියෙන මානසික ලෙඩ, සිවිල් යුද්ධ සහ සහෝදර විවාහ නිසා රජ පවුලේ දුර්වලකම් මිනිස්සුන්ට හොඳටම දැනිලයි තියෙන්නේ. ඒ වුණාට මේ කාලේ රටේ සාපේක්ෂව සාමකාමී වාතාවරණයක් තියෙනවා වගේම, විශේෂයෙන්ම තරඟාවලි (Tourneys) පවත්වද්දී ජනතාව අතර මෙයාලට තාමත් ලොකු බලයක් තියෙනවා.
සුපුරුදු පරිදි, මේ ටාගේරියන් පවුල් ගස ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉන්න එක වටිනවා. දැනට King’s Landing අගනුවර ඉඳන් පාලනය ගෙන යන්නේ II වන ඩේරොන් ටාගේරියන් රජතුමා. (ඇත්තටම මෙයා රෙනීරා සහ ඩේමන්ගේ (Matt Smith) පරම්පරාවෙන් එන කෙනෙක්).

පළමු කතා මාලාවේදී රජතුමාව අපිට දකින්න නොලැබුණත්, සිංහාසනයට උරුමකම් කියන අනිත් අයව නම් බලාගන්න පුළුවන්. රජතුමාගේ වැඩිමහල් පුතා සහ ඔටුන්න හිමි කුමාරයා තමයි බේලර් “බ්‍රේක්ස්පියර්” (Bertie Carvel). එයා රජුගේ අත (Hand of the King) විදිහටත් වැඩ කරන, රටේම ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක්. ඒ වගේම එයාගේ මල්ලි, හැම වෙලේම මූණ එල්ලගෙන ඉන්න මේකාර් (Sam Spruell) කුමාරයා. එයා රජුගේ බාලම පුතා නිසා, රජකම හරි වෙන මොකක් හරි ලැබෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. හැබැයි එයාගේ පුත්තු ටික නම් කතාවට ලොකු දායකත්වයක් දෙනවා. ඒ අතරින් විශේෂම කෙනා තමයි දරුණු, දුෂ්ට කුමාරයෙක් වන ඒරියන් (Finn Bennet).

මේ කතාව සම්පූර්ණයෙන්ම ඩන්ක්ගේ දෘෂ්ටිකෝණයෙන් ගලාගෙන ගියත්, අපේ මේ ආදරණීය හෙජ් නයිට්වරයාට අතරමගදී හරිම අපූරු චරිත රාශියක් මුණගැහෙනවා. දැනට මේ නම් එච්චර ප්‍රසිද්ධ නැති වුණාට, “A Knight of the Seven Kingdoms” පළමු සීසන් එකේ කොටස් 6 බලලා ඉවර වෙද්දී මේ චරිත ගැන හැමෝම කතා වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජනප්‍රවාදගත වීරයෝ, පහළ පන්තිවල ඉන්න හිත හොඳ මිනිස්සු වගේම, අපේ කතාවේ වීරයන්ට උදව් කරන (එහෙම නැත්නම් බාධා කරන) ස්වාමිවරු කිහිප දෙනෙක්ම මේ අතර ඉන්නවා.

මේ අය අතරින් කැපී පෙනෙනම කෙනෙක් තමයි Ser Lyonel Baratheon (Daniel Ings). Game of Thrones පළමු සීසන් එකේ හිටපු රොබට් බරතියන් (Mark Addy) රජතුමාගේ පවුලෙම කෙනෙක් තමයි මෙයා. “The Laughing Storm” (සිනාසෙන කුණාටුව) කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙයා, එයාගේ උපරිම කාලයේ ඉන්න හැටි අපිට බලාගන්න පුළුවන් වගේම, කතාවේ එයා කරන දේවල් අනිවාර්යයෙන්ම ඔයාලගේ හිතට අල්ලලා යයි. තවත් පැත්තකින්, ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න බලාගෙන ඉන්න තවත් චරිතයක් තමයි Shaun Thomas රඟපාන Raymun Fossoway. එයාගේ දක්ෂ ඥාති සහෝදරයෙක් වන Ser Steffon (Edward Ashley) ගේ සහායකයා (Squire) විදිහට ඉන්න Raymun, හරියට Game of Thrones වල හිටපු පොඩ්‍රික් පේන් (Podrick Payne) වගේ, එහෙම නැත්නම් Lord of the Rings වල හිටපු සෑම් (Samwise Gamgee) වගේ හිත හොඳ සහායක චරිතයක්.

ඒ වගේම ඩන්ක්ගේ හිත ඇදිලා යන සාමාන්‍ය යුවතියක් වන ටැන්සෙල් (Tanzyn Crawford), ඩන්ක්ගේ අහිංසක බලාපොරොත්තු වලට ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන තරඟ සංවිධායක ප්ලමර් (Tom Vaughan-Lawlor) සහ හොඳින් යොදාගත් අතීත මතකයන් (Flashbacks) හරහා ටිකක් වැඩිපුර දකින්න ලැබෙන, මියගිය Ser Arlan (Danny Webb) වත් මෙතැනදී අමතක කරන්න බැහැ.

ඊළඟ එපියෙන් හමුවෙමු.

 

*-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

6,428 downloadsDownload Knight.of_.the_.Seven_.Kingdoms.2026.S01E01.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

All BT1

Next BT1

 

 

Subtitles by

යසිරු හසරංග

Subtitles

6,428 downloadsDownload Subtitles20 KB

16 comments

  1. Viraj

    සබ් එකට තෑන්ක්ස්

  2. Nuwan Sandeepa

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. පුළුවන් නම් Season 4, 5 වලටත් Sub දෙන්න.

  3. Sahan Gayantha

    thanks a lot Hasaranga saho sub ekata

  4. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඒ වගේම 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා
    2 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Hasiya

    thank you mage eka

  6. මනා

    Thanks bro

  7. Asanga Basooriya

    Bohoma sthuthi.. jayama wewaa

  8. nuwan

    how can i download or watch

  9. Buddhika laKMal

    100වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ....
    ඉස්සරහටත් වෙලාවක් තියෙන විදිහට සබ් ගේන්න හැකියාව ලැබෙයි කියල හිතනවා.
    ඔයගේ පෞද්ගලික වැඩකටයුතුත් සාර්තක වේවා........
    මේ සබටත් තෑන්ක්ස් මචං

  10. යුරාන් ධනුක

    100* ගහන්න සුපිරි දෙයක්නේ අරන් ඇවිත් තියෙන්නේ
    කොහේ හිටියත් සබ් කොටන එකනම් නවත්තන්න එපා
    කඩයිමට සුප පැතුම් වගේම උපසිරසියට බොහෝම ස්තූතියි!!!

  11. Pasindu

    Thank you so much Yasiru.. BTW, congratulations on reaching 100 subtitles!

  12. Nimali

    Thanks for the sub n congratz getting to 100!!

  13. Gihan

    උපසිරැසියට බොහෝම ස්තුති. 100වෙනි එකටත් සුභ පැතුම්

  14. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  15. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තුති. 100වෙනි එකටත් සුභ පැතුම්

  16. Anonymous

    Thanks bro