මේච්චර කල් සිංහල උපසිරැසි බාගත්තට චිත්‍රපටියකට සබ් එකක් දෙන්න බැරි උනානේ. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා සමහර විට මේකෙ ගොඩක් අඩුපාඩු ගොඩක් ඇති..ඒකට මම සමාව ඉල්ලනවා.. මම උපරිම උත්සාහයක් ගත්තා සබ් එකට සාධාරණයක් කරන්න.. ඒක එහෙමද කියලා ඔයාලා චිත්‍රපටිය බලලම කියන්නකෝ…. The Bait ෆිල්ම් එක…

මේච්චර කල් සිංහල උපසිරැසි බාගත්තට චිත්‍රපටියකට සබ් එකක් දෙන්න බැරි උනානේ. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා සමහර විට මේකෙ ගොඩක් අඩුපාඩු ගොඩක් ඇති..ඒකට මම සමාව ඉල්ලනවා.. මම උපරිම උත්සාහයක් ගත්තා සබ් එකට සාධාරණයක් කරන්න.. ඒක එහෙමද කියලා ඔයාලා චිත්‍රපටිය බලලම කියන්නකෝ….
The Bait ෆිල්ම් එක නිකුත් උනේ 2012 වර්ෂයේ සැප්තැම්බර් 20. මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ෂකයේ රේටින් 5.1 අරගෙන තියනවා..කම්මැලි නැතිව මුල ඉඳලා අන්තිමට යනකන් එක හුස්මට බලන්න පුළුවන් මේ චිත්‍රපටිය. විනාඩි 91 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය ත්‍රිමාන සජීවීකරණයන්ගෙන් තමයි සම්පූර්ණයෙන් හැඩ වෙලා තියෙන්නේ.
හරි ඒවයින් වැඩක් නැහැ වැල් වටාරම් කියන එක නවත්තලා චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම්කෝ. මෙහෙමයි කථාව පටන් ගන්නේ..
මේක පටන් ගන්නේ ඕස්ට්‍රේලියාවේ ලස්සන වෙරල තීරයන වැඩ කරන ජීවිතාරක්ෂක නිලධාරියක් මෝරෙක් කන බිහිසුණු දර්ෂනයකින්. දැන් තමයි හොඳම (නරකම) දේවල් ටික පටන් ගන්නේ. සුපර් මාර්කට් එකක් කොල්ල කන්න මංකොල්ල කාරයො දෙන්නෙක් එනවා. මංකොල්ලකාරයො මාර්කට් එක කොල්ල කන අතරේ සුනාමියක් එනවා. ඔයාලට මතකයි නේ සුනාමිය. ඒක අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න වෙයි නේද..? අපි සුනාමිය ගැන කතා නොකර ඉමුකෝ. කොහොම හරි සුපර් මාර්කට් එක සම්පූර්නයෙන්ම වතුරෙන් යට වෙලා ඇතුලෙ හිටපු ගොඩක් මිනිස්සු මැරෙනවා. ඒත් ටිකක් කට්ටිය නොමැරී බේරෙනවා..ඒත් ඇතුලෙ හිර වෙලා තමයි ඒ අයට ඉන්න වෙල තියෙන්නේ. ඒ අතරේ කොරේ පිටට මරේ කියලා ගලපු වතුරත් එක්ක අඩි 12 ක විතර තඩි මිනී මෝරු දෙන්නෙක් ඇවිල්ලා මාර්කට් එකට. ඇතුලේ හිර උනු අය මෝරුන්ගෙන් බේරිලා ගොඩනැගිල්ලෙන් එලියට එන්න දරන උත්සාහය ගැන තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේකේ ත්‍රාසය භීතිය කුතුහලය වගේම පොඩියට ආදර කතාවකුත් ගලාගෙන යනවා.සම්පූර්ණ කතාව කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙන නිසා මම තවත් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ..
ආපු හොරු දෙන්නට මොකද වෙන්නේ…? ඇතුලෙ හිර උනු අයට මෝරුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද..? ඒ ප්‍රශ්න ටිකට උත්තර දැන ගන්න ඔයාලට මේක බලන්නම වෙනවා..එහෙනම් තවත් මේ විදියෙම චිත්‍රපටියකට සබ් දාගෙන එන පොරොන්දුව පිට මම සමු ගන්නවා…ඒ වගේම මේ උපසිරැසි ගැන්වීමෙ අඩුපාඩු හොඳ නරක එහෙම කියනවා නම් ගොඩක් කැමතියි.මොකද ඔයාලගෙ අදහස් වලින් තමයි මගේ ඊලඟ සබ් එකේ අඩුපාඩු හදාගන්න වෙන්නේ…එහෙනම් අපි ගියා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා වලංගු වේ.
3,558 downloadsDownload Bait.2012.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉරේෂ් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-01-30
Subtitles by
ප්‍රදීප් ඉරේෂ්
Subtitles
54 comments
Fernando
quik
thanks
tharanga
පළමු වැඩේට සුභ පතනවා ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න
Isuru
patta akakne 1st akata deela thiyenna all the best
Dilan-
jaya wewa...! thawath sub denna labeywa!!!!
හසන්ත වික්‍රමරත්න
පළමු වැඩේට සුබ පැතුම් !!!
was
ජයම වේවා සහෝට..තව තවත් රසවත් නිර්මාණ ගේන්නට ලැබේවා! කියා පතමි..
අසංක
නියම කතාවක් වගේ..ඔන්න එහෙනම් බාන්න දැම්මා... ජය :)
Bandula
තැන්ක්ස් වේවා
ccnp
Thanks
wow
wow. maru :)
chami
thmxxxxxxxxxxx
mihin ලංකා
පට්ට හොදේ..... :)
කැළුම්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම්..!
dilshan
thanks machan.patta
sira malli
komanada subtitle eka add karala balanne pls help me
dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට සුබ පැතුම් !!!
ishara
සුප්ප කොල්ලගෙ පළවෙනි වැඩෙනෙ ඉතින් මාගේ ගෙ!රව පුර්ව ස්තුතිය
පිල්මි එකනමි පටිට පත=රැ වගේ පේන්නෙ අනිවා බානවා සහෝ“චූටී මල්ලි”
elazzzzzzzzzzzzzzzzzzzz
dev
ela ela...
bohoma stuti saho..1st sub eka neda..congrats,
patta kata walata wedi wediyen sub danna lebewa... :Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම පළවෙනි සිංහල උපසිරැසියට සුබපැතුම් ගේන ගමන්ම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට :P :P
Dinum
maxxaaaaaaaa
saman
මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
The lives of others-German-2006-
Amelie-france-2001-
කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
http://www.rottentomatoes.com/m/the_lives_of_others/
http://www.rottentomatoes.com/m/amelie/
පුලුවන්නම් නෙට් එකෙත් සර්ච් පාරක් දෙන්න
අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
තැන්කුයු වෙන්න ඕන හැමෝටමකවිඳු
yes man-(jim carrey)-2008 ge film ekata sab dennako patta film eka
sab valata bohoma thuthiකවිඳු
මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
The lives of others-German-2006-
Amelie-france-2001-
කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
http://www.rottentomatoes.com/m/the_lives_of_others/
http://www.rottentomatoes.com/m/amelie/අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
තැන්කුයු වෙන්න ඕන හැමෝටම
sab valata bohoma isthuthi film eka dan baanavaindika perera
වැරදි වැරදී හරි මේවා කරන එකයි වටින්නේ . දෙවැනි එක දෙනකොට වැරදි හදාගන්න පුළුවන්. තුන හතර පහ දෙනකොට එලටම දෙන්න පුළුවන්. ඔහොම යමු . ස්තුතියි සබ් එකට.
Pradep Iresh
හරි මචංලා මම ඊළඟට The Lives of Others (2006) තමයි සබ් දෙන්න හිතන් ඉන්නේ....ඉක්මනටම දෙන්නම්කෝ....
නලියා
ස්තුති වේවා..ප්‍රදිප් සහෝ!
පළමු නිර්මාණයට සුභ පැතුම්..
ජය වේවාnuwan
ela kiri machan..............!
sadayangy
supiri wedak malli jayaweva.................
යසිරු මධුක
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ....
manoj
තැන්කුයු
කවිඳු
තැන්ක්යූ සහෝ the lives of others දෙනවනම්
sura
ela ela machan
me
Thanks
Susantha Pradeep
thnxxxx
mudiya / මුදියා
පට්ට එකක්නෙ පළවෙනියටම දීල තියෙන්නෙ.සුභ පැතුම් ප්‍රදීප් සහෝ.දිගටම සබ් දෙන්න.මේක අනිව බානව.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
Pradeep Iresh
හරි අමාරු සබ් එකක් තමයි the lives of others එකේ තියෙන්නේ.ඒත් කෝම හරි ඉක්මනට දෙන්නම්කෝ...
nuwan
supirima thamai machan thanx...........!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
ඔය තියෙන් සබ් ෆයිල් එක.මේක ඩවුන්ලෝඩ කරලා තිබුනේ.
chamara
බොහොම ස්තූතියි...............
mindika
thanks!!!!!!!!!!!
niranji
lassana athi. balalama imukoooooo
Sanjaya
Sub aka ganna widihak kiyanna...... plz ban
ශාන් විමුක්ති [වීමා] 〠
එල එල කොල්ලෝ
එහෙමනම් පලමු උපසිරසියට සුබපැතුම් කොල්ලෝ
ජය !
පරක්කු උනාට සමාවෙයන්SAndun D bandara
ෙහාදයි අවුලක් නැ මම සබ දන්න බැලුෙව් ඔයා දලා ෙන් ඒ්ල සුභපතනවා සාෙහා
randika
sub ekata godak pin sahoo...digatama sub denna shaktiya labewa.....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!K_Dinesh
Sun ekata thanks bro...
Good luck..í ½í±
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta machan